සුමනරත්න හා කවීන් ශතක ඉනිම් වාර්තා කරයි

110

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (17) ක්‍රියාත්මක විය.

සාන්ත සර්වේසස් හා මහින්ද විද්‍යාලය ජයග්‍රාහකයින් අතරට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ

කුරුණෑගල මලියදේව විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය

A කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරක මලියදේව විද්‍යාලය පළමුව පන්දු යැවීමට අවස්ථාව උදාකරගත් අතර එම තීරණය නිවැරදි තීරණයක් බවට පත් කර ගැනීමට හැකි වූයේ ඉසිපතන විද්‍යාල පළමු ඉනිම අවම මට්ටමේ ලකුණකට සීමා වීම නිසයි. එහි දී දකුණතින් මද වේගපන්දු යවන විදත් බටපොල හා වමතින් දඟපන්දු යවන මදුරංග නවීන් යන දෙදෙනා අතරේ කඩුලු 4 බැගින් බෙදී ගියේය.

ඉසිපතන විද්‍යාලය ලබාගත් ලකුණු 163ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම දියත් කළ මලියදේව විද්‍යාලය තරගයේ පළමු දිනය අවසන් වන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 221ක් ලබාගෙන ප්‍රබල තැනක සිටියේය.

එහි දී දකුණතින් පිතිකරණයේ නිරත වන සුපුන් සුමනරත්න (ලකුණු 117*) හා කවීන් බණ්ඩාර (ලකුණු 102*) නොදැවී ශතක ලබාගෙන කඩුල්ලේ රැඳී සිටින්නේ දෙවන කඩුල්ල වෙනුවෙන් දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමිනි. තරගයේ පළමු දිනය නිමා වන විට මලියදේව විද්‍යාලය ඉසිපතන විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 68ක්  ඉදිරියෙන් සිටින්නේ තරගයේ වැඩි වාසිය ලබා ගෙනයි.

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම – 163 (43.3): තෙවිඳු දික්වැල්ල 50, අශේන් ගුණවර්ධන 39, විදත් බටපොල 4/27, මදුරංග නවීන් 4/32, නිකිල ධර්මදාස 2/35

මලියදේව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 221/1 (49): සුපුන් සුමනරත්න 117*, කවීන් බණ්ඩාර 102*.

චමීර සහ රාජිත ලබා දුන් සුපිරි ආරම්භයට පැටර්සන් හරස් කපයි

අසාර්ථක නවසීලන්ත සංචාරයකට පසු ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් පමණක්


කොළඹ නාලන්ද විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

පළමු දිනයට පැවැත්වූ මෙම තරගයේ අද දිනය නිමා වන විට නාලන්දා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 301ක් රැස්කර ගෙන පළමු ඉනිම අත්හිටවූ අතර ජනාධිපති විද්‍යාලය එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 44ක් ලබාගෙන සිටියේ නාලන්දා විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 257ක් පසුපසින් සිටිමිනි.

කාසියේ වාසිය දිනා ගත් ජනාධිපති විද්‍යාලයීය කණ්ඩායමට එරෙහිව නාලන්දා පළමු ඉනිම වෙනුවෙන් චමිඳු විජේසිංහ හා රවීන් ද සිල්වා අර්ධ ශතක ලබා ගත්තේය. පන්දු යැවීමේ දී ජනාධිපති විද්‍යාලයට සවියක් වූ දඟපන්දු යවන ක්‍රීඩක කසුන් මාලින්ද හා ශෂික නිර්මාල් කඩුලු 2ක බැගින් දවා ගනිමින් නාලන්දා පිතිකරුවන් යම්තාක් මට්ටමකට පාලනය කළේය.

නාලන්දා පිටියේ දී පැවැත්වෙන මේ තරගය B කාණ්ඩයේ තරගයකි.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම – 301/8d (72.5): චමිඳු විජේසිංහ 89, රවීන් ද සිල්වා 78, ලක්ෂිත රසාංජන 34, දිල්හාර පොල්ගපොල 32, කසුන් මාලින්ද 2/44, ශෂික නිර්මාල් 2/71.

ජනාධිපති විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 44/1 (20):

පළමු දිනයට පැවැත්වූ තරග සියල්ලම හෙට (18) දෙවන දිනයත් පැවැත්වෙන අතර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර පැවැත්වෙන පාසල් ක්‍රිකට් තරගය හෙට උදෑසන 9.30 සිට සජීවීව ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<