පවන් රත්නායකගෙන් නැවතත් ශතකයක්

86
U19 Schools Cricket

නිමා වූ සති අන්තයේ දී තම පළමු පෙළ මංගල ශතකය වාර්තා කළ කොළඹ මහානාම විද්‍යාලයේ පවන් රත්නායක අද (04) දින වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ වේල්ස් කුමරුවන් සමඟ පැවති තරගයේ දී ද ශතකයක් වාර්තා කිරීමට සමත් වූයේය. 

සල්පිටි – රයිගම් කෝරල සටන මෙවරත් විසඳුමකින් තොරයි

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර 19 වැනි වරටත් පැවති…

මේ අතර අද දින පැවති සීමිත පන්දුවාර තරගාවලියේ දී කොටහේන සාන්ත බෙනඩික් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්හ. 

කුරුණෑගල සාන්ත අනා විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය 

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයීය පිටියේ දී අද දින නිමා වූ මෙම තරගයෙන් කඩුලු 2ක ජයග්‍රහණක් හිමිකර ගැනීමට සංචාරක සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ සමත් වූහ. 

සාන්ත ආනා විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 148 (61.2) කවිඳු රණසිංහ 43, ලසිත් වර්ණකුලසූරිය 34, ක්‍රිශාන්ත පියතිලක නොදැවී 26, මුයිස් රෆීල් 20, නදීර ප්‍රනාන්දු 5/32, බිහඟ මෙන්ඩිස් 2/28, කළණ සංදීප 2/54. සහ දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 96 (40.3) විසිත පෙරේරා 39, සංදේශ් ප්‍රනාන්දු 5/22, සුපුන් ප්‍රනාන්දු 4/17. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 33ක දී කඩුලු 8ක් දැවී 100) සියලු දෙනා දැවී 120 (37.5) නිසිත අභිලාශ් 34, කවිඳු රණසිංහ 4/39, කවිඳු ඒකනායක 2/01, මනන් මුසම්මිල් 2/20. සහ දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 125 (44.3) සුඛිත ප්‍රසන්න 52, අශාන් අවිශ්ක නොදැවී 26, පසිඳු තෙන්නකෝන් 3/20, මනන් මුසම්මිල් 2/50. 

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය 

කොළඹ වෙස්ලි විද්‍යාලයීය පිටියේ දී අද දින නිමා වූ මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 141ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට වෙස්ලි විද්‍යාල ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් වෙස්ලි ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 351ක් රැස්කර ගත් අතර සංචාරක ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 77ක් පමණි. ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 271ක් පිටුපස සිටිමින් දෙවැනි වරටත් පිටියට පිවිසි ඔවුන්ට එම ඉනිමේ දී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 133ක් පමණි. 

වෙස්ලි විද්‍යාලය : පළමු ඉනිම කඩුලු 8ක් දැවී 351 (67) රාහුල් ගුණසේකර 161, හසිල් ඩයස් 64, තිල්ශාන් සේනානායක නොදැවී 50, සිදත් ධර්මවර්ධන 47, චම්පික අබේරත්න 2/44, දුමිඳු බණ්ඩාර 2/62, අමේෂ් රූපසිංහ 2/84. 

කිංග්ස්වුඩ් විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 77 (31.2) හංසිත පොල්කොටුව 26, දෙනුවන් මෙන්ඩිස් 4/19, තේනුක පෙරේරා 4/21. සහ දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 133 (54.4) හංසිත පොල්කොටුව 48, දුමිඳු දම්ශික 21, රාහුල් ගුණසේකර 5/25, එස්. එස්. සකිර්තාන් 2/23, නිම්තක ඉඳුවර 2/34.  

කොළඹ මහානාම විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය 

කොළඹ සී. සී. සී. පිටියේ දී අද දින ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් මහානාම ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තිරණය කළහ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් දිනය අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 287ක් රැස්කර ගෙන සිටියේය. 

එම ඉනිමේ දී පවන් රත්නායක පන්දු 259කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් නොදැවී ලකුණු 168ක් රැස්කර ගත්තේය. 

මහානාම විද්‍යාලය : පළමු ඉනිම කඩුලු 7ක් දැවී 287 (96) පවන් රත්නායක 168, සොනාල් ගමගේ 27, දෙවිඳු කැකිරිදෙණිය 25, නදුක ප්‍රනාන්දු 4/52, කාවින්ද ද මෙල් 2/56. 

ආසියානු කුසලානය පාකිස්තානයෙන් වෙනත් රටකට

මාර්තු 3 වැනිදා පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමට දින කිහිපයකට පෙර ඉන්දීය…

සීමිත පන්දුවාර තරගාවලිය 

කොටහේන සාන්ත බෙනඩික් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය 

කොටහේන සාන්ත බෙනඩික් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණක් හිමිකර ගත් සාන්ත බෙනඩික් ක්‍රීඩකයෝ පෙර අර්ධ අවසන් පූර්ව වටය නියෝජනයට සුදුසුකම් ලබා ගත්හ. 

මෙම තරගයේ දී ජයග්‍රාහී කණ්ඩායමේ සනෝජ් පෙරේරා තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීම කැපී පෙනුනි. 

මලියදේව විද්‍යාලය : සියලු දෙනා දැවී 109 (28.4) අමේෂ් තෙන්නකෝන් 36, නිකිල ධර්මදාස 20, හසිඳු කවිරත්න 4/19, මාලින්ද පෙරේරා 3/09, සනෝජ් පෙරේරා 2/27. 

සාන්ත බෙනඩික් විද්‍යාලය : කඩුලු 2ක් දැවී 111 (25.4) සනෝජ් පෙරේරා නොදැවී 31, නිමේෂ් සොයිසා නොදැවී 31, ශාලුක අතපත්තු 2/27. 

කඳාන ද මැසනොඩ් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය 

කඳාන ද මැසනොඩ් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සංචාරක තර්ස්ටන් ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් ද මැසනොඩ් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලු දෙනා දැවී ලකුණු 77ක් රැස්කර ගත් අතර එම ඉලක්කය තවත් පන්දුවාර 36ක් ඉතිරිව තිබිය දී පසු කිරීමට තර්ස්ටන් ක්‍රිඩකයෝ සමත් වූයේ කඩුලු 4ක් ද අතැතිවය. 

ඒ අනුව ඔවුන් මෙවර තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබීය. 

ද මැසනොඩ් විද්‍යාලය : සියලු දෙනා දැවී 77 (24.3) බවන්ත ජයසිංහ 2/13, අවිශ්ක කෞෂල්‍ය 2/23. 

තර්ස්ටන් විද්‍යාලය : කඩුලු 6ක් දැවී 78 (13.2) අසිත සිල්වා 3/28. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<