අන්තර් පළාත් 19න් පහළ එක්දින තරගාවලිය ලබන සතියේ

478
u-19-provincial-2018

යොවුන් ක්‍රීඩකයින් 150කට වැඩි ප්‍රමාණයක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් එක්දින තරගාවලිය එළඹෙන ජුනි 12 වැනිදා සිට ජුනි 23 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

17න් පහළ ක්‍රිකට් තරගාවලියේ ආරම්භයේම පෙරළියක්

සිංගර් කුසලාන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ

කණ්ඩායම් දහයක් කාණ්ඩ දෙකක් යටතේ එකිනෙකා හා තරග වදින අතර එක් එක් කාණ්ඩයේ පළමු ස්ථානය  දිනා ගන්නා කණ්ඩායම් දෙකට 23 වැනිදා පැවැත්වෙන අවසාන මහා තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබේ.

සබරගමුව පළාත හැර සියලුම පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් තරගාවලියට එක්වන අතර බස්නාහිර පළාත නියෝජනය කරමින් කණ්ඩායම් තුනක් තරගාවලියට එක්වනු ඇත.

A කාණ්ඩය               B කාණ්ඩය
බස්නාහිර පළාත් උතුර බස්නාහිර පළාත් දකුණ
උතුරු පළාත් නැගෙනහිර පළාත
මධ්‍යම පළාත දකුණු පළාත
උතුරු මැද පළාත බස්නාහිර පළාත මධ්‍යම
වයඹ පළාත ඌව පළාත

පසුගිය වසරේ දී ධනංජය ලක්ෂාන් ගේ නායකත්වය යටතේ දකුණු පළාත් කණ්ඩායම බස්නාහිර දකුණ කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඉන්දියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලබන මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර නව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා ප්‍රමුඛ තේරීම් කමිටුව ඉදිරියේ දස්කම් පාමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීමට මේ අවස්ථාව ක්‍රීඩකයින්ට ඉතා වටිනා අවස්ථාවක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ නිල නොලත් “ක්‍රිකට් නිවුන්නු”

අපි අද අහන බලන ශ්‍රී ලංකා එක්දින පන්දු යවන්නන්ගේ නම් ඇහෙනකොටම, පන්දු රකින්නාගේ නමත් ඉබේම කියවෙනවා. ඒ මොකද?

2018/19 කාලසීමාව සඳහා පාසල් ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයින් මෙම තරගාවලියට සහභාගී වන අතර තරගාවලියේ අධ්‍යක්ෂක ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා ක්‍රියා කිරීමට නියමිතයි.

කාල සටහන

ජුනි 12 –

  • බස්නාහිර පළාත උතුර හා උතුරු පළාත අතර තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී
  • මධ්‍යම පළාත හා වයඹ පළාත අතර හලාවත මේරියන්ස් ක්‍රීඩාංගණයේ (සජීව)

ජුනි 13 –

  • බස්නාහිර පළාත දකුණ හා ඌව පළාත අතර හලාවත මේරියන්ස් ක්‍රීඩාංගණයේ (සජීව)
  • නැගෙනහිර පළාත හා බස්නාහිර පළාත මධ්‍යම අතර තර්ස්ටන් ක්‍රීඩාංගණයේ

ජුනි 14  –

  • බස්නාහිර පළාත උතුර හා මධ්‍යම පළාත අතර කොල්ට්ස් ක්‍රීඩාංගණයේ  
  • උතුරු පළාත හා උතුරු මැද පළාත අතර NCC ක්‍රීඩාංගණයේ (සජීව)

ජුනි 15 –

  • බස්නාහිර පළාත දකුණ හා නැගෙනහිර පළාත අතර NCC ක්‍රීඩාංගණයේ (සජීව)
  • ඌව පළාත හා දකුණු පළාත අතර හලාවත මේරියන්ස් ක්‍රීඩාංගණයේ

ජුනි 16 –

  • බස්නාහිර පළාත උතුර හා වයඹ පළාත අතර කොල්ට්ස් ක්‍රීඩාංගණයේ (සජීව)
  • මධ්‍යම පළාත හා උතුරු මැද පළාත අතර හලාවත මේරියන්ස් ක්‍රීඩාංගණයේ

ජුනි 17 –

  • බස්නාහිර පළාත දකුණ හා දකුණු පළාත අතර හලාවත මේරියන්ස් ක්‍රීඩාංගණයේ
  • ඌව පළාත හා බස්නාහිර පළාත මධ්‍යම අතර කොල්ට්ස් ක්‍රීඩාංගණයේ (සජීව)

ජුනි 18 –

  • බස්නාහිර පළාත උතුර හා උතුරු මැද පළාත අතර NCC ක්‍රීඩාංගණයේ දී (සජීව)
  • උතුරු පළාත හා වයඹ පළාත අතර තර්ස්ටන් ක්‍රීඩාංගණයේ

ජුනි 19 –

  • නැගෙනහිර පළාත හා දකුණු පළාත අතර NCC ක්‍රීඩාංගණයේ (සජීව)
  • බස්නාහිර පළාත දකුණ හා බස්නාහිර පළාත මධ්‍යම අතර තර්ස්ටන් ක්‍රීඩාංගණයේ

ජුනි 20 –

  • උතුරු පළාත හා මධ්‍යම පළාත අතර CCC ක්‍රීඩාංගණයේ දී (සජීව)
  • උතුරු මැද පළාත හා වයඹ පළාත අතර හලාවත මේරියන්ස් ක්‍රීඩාංගණයේ

ජුනි 21 –

  • නැගෙනහිර පළාත හා ඌව පළාත අතර හලාවත මේරියන්ස් ක්‍රීඩාංගණයේ
  • දකුණු පළාත හා බස්නාහිර පළාත මධ්‍යම අතර CCC ක්‍රීඩාංගණයේ (සජීව)

ජුනි 23 –

  • අවසාන මහා තරගය CCC ක්‍රීඩාංගණයේ (සජීව)

ThePapare.com ජුනි 12 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය ඩයලොග් ටීවී නාලිකා අංක 1, ඩයලොග් MyTV හා ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ සජීවීව ඔබ වෙත ගෙන ඒමට සූදානම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<