ආසියානු කුසලානය හඹා යන අපේ සිංහයෝ

6098

සැප්තැම්බර් මස 15 වැනිදා සිට 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන “14 වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය” සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය පසුගිය දා නම් කළා. වසරක පමණ විරාමයකට පසුව නැවතත් ජාතික කණ්ඩායම සමඟ පුහුණුවීම්වලට එක්වූ ලසිත් මාලිංග පිළිබඳව එහි දී බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා. මාලිංගට අමතරව දුෂ්මන්ත චමීර හා දිල්රුවන් පෙරේරා ද නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණීමට වරම් දිනාගත්තා.