මහානාමයේ ගමන් මග වෙනස් කළ ජෝසප්වරුන් අවසන් සටනට

265

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන 2017/18 අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවති දෙවැනි අවසන් පූර්ව තරගය අදින් (8) අවසන් වූ අතර එහි පළමු ඉනිමේ ජය තහවුරු කර ගත් සාන්ත ජෝසප් විද්‍යාලය මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගන්න ලදි.

අවසන් පූර්ව තරගයේ පළමු දිනයට වැස්සෙන් බාධා

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ කොළඹ 4, මහානාම විද්‍යාලය…

මෙම තරගයේ ආරම්භක දිනයේ (07) වැඩි කාලයක් අයහපත් කාලගුණ තත්ත්වයට නිසා ක්‍රීඩා නොකළ අතර අද දිනට තරගය ආරම්භ කරන විට පළමුව පන්දුවට පහර දෙන මහානාම විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 126ක් ලබා සිටියේය.

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත ජෝසප්වරුන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහානාම ඉනිම අද දිනය තුළ තවදුරටත් සවිබල ගැන්වීමට වමතින් පිතිකරණයේ නිරත වන පවන්ත වීරසිංහ හා සොනාල් ගමගේ සමත් විය.

එහි දී ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 39ක් හා ලකුණු 32ක් ලබාගෙන මහානාම පළමු ඉනිම ගොඩනැංවූ අතර වමතින් පිතිකරණයේ නිරත වන මැදපෙළ පිතිකරුවෙක් වන වෙනුක රූබසිංහ ද අවසානයේ ලකුණු 28ක් ලබාගෙන මහානාම පළමු ඉනිම ලකුණු 172 සීමාවට රැගෙන එන ලදි.

මහා සංග්‍රාමය මඟ හැරුනත් එක්දින ජයග්‍රහණය සාන්ත ආනාවරුන්ට

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර 23 වැනි වරටත් පැවති ඇතුගල්පුර සටන වාර්ෂික සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අද (08) වෙලගෙදර ක්‍රිකට්…

සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් වේගපන්දු යැවූ නායක ජෙහාන් ඩැනියෙල් සිය පන්දුවාර කිහිපය තුළ කඩුලු 4ක් දවා ගන්නා ලදි. මීට අමතරව තුන් ඉරියව් ක්‍රීඩකයින් වන නිපුන් සුමනසිංහ හා දුනිත් වෙල්ලාලගේ කඩුලු 3 බැගින් දවා ගනිමින් සාන්ත ජෝසප් විද්‍යාල පන්දු යවන බල ඇණිය සවිමත් කළහ.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් ක්‍රියාත්මක වූ වමතින් පිත්ත හසුරුවන නිපුන් සුමනසිංහ හා දිනෙත් ජයකොඩි ඉවසිලිමත්ව සිය විද්‍යාල ඉනිම ගොඩනැංවූයේ මෙම තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කරන කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙන නිසාවෙනි.

ලක්ෂාන් ගමගේ ද නොදැවී ලකුණු 23*ක් ලබාගෙන සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිමේ ලකුණු අනුව මහානාම විද්‍යාල පළමු ඉනිම අභිබවා යන ලදි. සොනාල් ගමගේ හා හෂාන් සංදීප අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

විසිපහේ තරුණයෝ

වසර 25කට අධික ටෙස්ට් අත්දැකීම් ඇති ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කාලයක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් ගැනද සොයාබලමු.

මහානාම විද්‍යාල පළමු ඉනිම – 172 (60.4): පවන්ත වීරසිංහ 39, සොනාල් ගමගේ 32, වෙනුක රූබසිංහ 28, ජෙහාන් ඩැනියෙල් 4/55, නිපුන් සුමනසිංහ 3/21, දුනිත් වෙල්ලාලගේ 3/27.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 184/8 (50): නිපුන් සුමණසිංහ 69, දිනෙත් ජයකොඩි 40, ලක්ෂාන් ගමගේ 23*, සොනාල් ගමගේ 2/28, හෂාන් සංදීප 2/47.

2017/18 දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී මොරටුව වේල්ස් කුමර විද්‍යාලය දල ලකුණු ලබා ගැනීමේ වේගය මත පරාජයට පත් කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් මහා සටනේ දී එකිනෙකා හමුවනු ඇත. එතෙක් රැදී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<