ගියවර ශූරතාව දරා සිටින මාරිස්ටෙලා විද්‍යාලය හා පසුගිය වර අනුශූරයන් වූ හමීඩ් අල් හුසේන් විද්‍යාලයම මෙවරද අවසන් මහා තරඟයේදී දහසක් දෙනාගේ බලාපොරොත්තු ඉටු කරමින් තරඟ වැදීමට අවස්තාව තිබුනද, අවසන් මහා තරඟයට පෙරාතුව මේ කණ්ඩායම් දෙකම අවසන් පූර්ව තරඟ වලදී පිළිවලින් සිරිකුරුස විද්‍යාලය හා ශා.ජෝශප් විද්‍යාලය සමඟ තරඟ වැදිය යුතුය.

මහින්දය පරදා ජය රාජකීයයන්ට

ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව පැවති 23වන ඇල්බට් එදිරිසිංහ කුසලාන පාපන්දු තරඟයේ ජය.

මාරිස්ටෙලා විද්‍යාලය හා සිරිකුරුස විද්‍යාලය අතර ප්‍රථම අවසන් පූර්ව තරඟය – දෙසැම්බර් මස 19 (හෙට) දින ප.ව.2.00ට මොරගස්මුල්ල ක්‍රීඩාංගණයේදී.

මෙම ප්‍රථම අවසන් පූර්ව තරඟයේදී මෙතෙක් අපරාජිතව සිටින කණ්ඩායම් දෙකක් එකිනෙකා හා තරඟ වදිනුයේ, තම අපරාජිකත්වය ආරක්ශා කර ගනිමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමටයි.

ඉවත්වීමේ අදියර දක්වා ගමන් මග

A කාණ්ඩයේ තමන් මුහුණ දුන් සියලුම තරඟ ජයග්‍රහණය කරමින් ලකුණු 18ක් හා ගෝල 17ක් වාර්තා කරමින් මාරිස්ටෙලා විද්‍යාලය කාණ්ඩයේ පෙරමුණට පත් වූයේ කාණ්ඩයේ හොඳම ආරක්ශාකාරී තරඟ රටාවක් පෙන්නුම් කරමින් වන අතර ඒ එකම එක් ගෝලයක් පමණක් ලබා දෙමිනි.

  • ශා. බෙනඩික් විද්‍යාලය සමඟ ගෝල 4-0 (ජය ගන්නා ලදී)
  • වික්‍රමබාහු විද්‍යාලය සමඟ ගෝල 3-0 (ජය ගන්නා ලදී)
  • ශා. ජෝශප් විද්‍යාලය සමඟ ගෝල 2-1(ජය ගන්නා ලදී)
  • කින්ග්ස්වුඩ් විද්‍යාලය සමඟ ගෝල 3-0 (ජය ගන්නා ලදී)
  • ශා. සෙබස්තියන් විද්‍යාලය සමඟ ගෝල 2-0 (ජය ගන්නා ලදී)
  • ඉසිපතන විද්‍යාලය සමඟ ගෝල 3-0 (ජය ගන්නා ලදී)

අනෙක් පසින් සිරිකුරුස විද්‍යාලය B කාණ්ඩයෙන් දෙවන ස්ථානයට පත් වෙමින් අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබා ගත්තේ ලකුණු 14ක් වාර්තා කරමිනි. සහිරා විද්‍යාලය හා රාජකීය විද්‍යාලය සමඟ පැවති තරඟ ජය පැරදුමකින් තොරව අවසන් කර ගැනීමට සමත් වූ සිරිකුරුස විද්‍යාලය B කාණ්ඩයේ තමන් මුහුණ දුන් අවසන් තරඟයේදී හමීඩ් අල් හුසේන් විද්‍යාලය සමඟ තරඟය ජයග්‍රහණය කිරීමෙන් අවසන් පූර්ව තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සිරි කුරුස විද්‍යාලය සමත් විය.

  • රාජකීය විද්‍යාලය සමඟ ගෝල 1-1 (ජය පැරදුමින් තොරව)
  • ශා. පීතර විද්‍යාලය සමඟ ගෝල 2-1 (ජය ගන්නා ලදී)
  • ආනන්ද විද්‍යාලය සමඟ ගෝල  6-0 (ජය ගන්නා ලදී)
  • සහිරා විද්‍යාලය සමඟ ගෝල 1-1 (ජය පැරදුමින් තොරව)
  • හමීඩ් අල් හුසේන් විද්‍යාලය සමඟ 2-1(ජය ගන්නා ලදී)

දක්ෂතා අතර සිටින ක්‍රීඩකයන්

මාරිස්ටෙලා නායක අන්ජන ගුණවර්ධන තම කණ්ඩායම වෙනුවෙන් ගෝල 6ක් වාර්තා කර ඇති වැඩිම ගෝලලාභියා වන අතර ඉදිරිපෙළ ක්‍රීඩා කරන තත්සර ප්‍රනාන්දු හා නිසල් තාරින්ද සමඟ මෙම තරඟයේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමේ වගකීම මොවුන් සතු වේ.

සිරි කුරුස විද්‍යාලය වෙනුවෙන් නායක මාලින්ද ජයෝද් වැදගත් වූ කාර්යභාරයක් දැල් රකින්නා ලෙස කාණ්ඩ තරඟ වලදී ඉටු කරන ලද අතර පසුපෙල මැද ක්‍රීඩා කරන ශහ්මි ඉම්තියාස් හට මාර්ස්ටෙලා ඉදිරිපෙල ක්‍රීඩකයන්ව කාර්යබහුලව රඳවා ගැනීමේ වගකීම සතු වේ. තවද සිරි කුරුස කණ්ඩායම වෙනුවෙන් සිය 8 වන ගෝලය වාර්තා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඉදිරිපෙළ ක්‍රීඩක නිර්මාල් උදාර සතුවද මෙම තරඟයේ වැඩි බරක් පැටවී තිබේ.

බලාපොරොත්තු විය හැකි දේ,

ප්‍රභල පසුපෙළක් සමගින් තරඟයට අවතීර්න වන මාරිස්ටෙලාවන්, ඔවුන්ගේ ගියවර කණ්ඩායමේ ක්‍රීඩා කරන ලද, ජාතික අවු. 19න් පහළ කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයන් වන දුලිප් පීරිස් හා සන්දීප් ප්‍රනාන්දු මෙන්ම ගිය වර නායක සුපුන් ලහිරු නොමැතිව ක්‍රීඩා කලද මෙවර නායක අන්ජන ගුණවර්ධන හා මැදපෙළ ක්‍රීඩකයන්ගේ දක්ශ ක්‍රීඩා විලාසයන් හමුවේ තරඟය තම අණසක යටතේ පවත්වා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ශා කෙරේ.

සංඛ්‍යා ලේඛන

  • පරාජයන් හා ජය  පැරදුමින් තොර  අවස්ථා 0
  • ගෝල ලබා නොදී අවසන්  කල තරඟ 5 (එක ගෝලයක් පමණක් )
  • තරඟයකදී ගෝල 2.83 ( ගෝල 17)
  • තරඟයකදී ගෝල ලබා දීම 0.16
  • සත්කාරක නොවන විට ගෝල 11 (සත්කාරක තරඟ වලදී ගෝල 6ක් පමණි)

කාණ්ඩ තරඟ වලදී ඉතා ප්‍රභල කණ්ඩායම් හමුවේ දක්ෂ තරඟ රටාවක් පෙන්නුම් කරන ලද සිරි කුරුස කණ්ඩායම අවතක්සේරුවෙන් සැලකීම අතිභයානක වනු ඇත. මාරිස්ටෙලාව විසින් එල්ල කරන අභියෝගයට හොඳින් මුහුණ දීමක් සිරි කුරුස ක්‍රීඩකයන්ගෙන් අපේක්ශා කල හැකි වන අතර දැඩි තියුණු තරඟයක් දැක බලා ගත හැකි වනු ඇතැයි අපේක්ශා කෙරේ.

සංඛ්‍යා ලේඛන

  • පරාජයන් 0 (ජය පැරදුමින් තොර 2)
  • ගෝල  ලබා නොදී ජයගත්  තරඟ 6කදී 2යි (ගෝල 4)
  • තරඟයකදී ගෝල 2.33 (මුලු ගෝල 14)
  • තරඟයකදී ගෝල ලබදීම 0.66
  • සත්කාරකත්වය නොදරන විට ගෝල 8 (සත්කාරක විට ගෝල 6)

හමීඩ් අල් හුසේන් විද්‍යාලය හා ශා. ජෝසප් අතර තරඟය (දෙසැම්බර් 19 ප.ව. 4ට මොරගස්මුල්ල ක්‍රීඩාංගණයේදී)

මෙම දෙවන අවසන් පූර්ව තරඟය වැඩිම ගෝල වාර්තා කරන ලද කණ්ඩායම් 2ක්  අතර පැවැත්වෙන තරඟයක් බැවින් ආකර්ශනීය තරඟයක් වන බවට නිසැකය.

මේ දක්වා ගමන් මග

හමීඩ් අල් හුසේන් විද්‍යාලය අවසන් පූර්ව තරඟය දක්වා ගමන් මග ඉතා පහසු ජයග්රහණ දෙකකෛන් සමන්විත වුවද අනෙක් තරඟ වලදී ප්රභල තරඟ රටාවක් හමීඩ් අල් හුසේන් විද්යාලයෙන් දැක ගන්නට නොලබිනි.එනමුත් B කාණ්ඩයෙන් ලකුණු 15ක් සමගින් පෙරමිම ලබාගෙන  අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබා ගැනීමට හමීඩ් අල් හුසේන් විද්‍යාලය සමර්ථ විය.

  • ශා. පීතර විද්‍යාලය සමඟ 1-0 (ජය)
  • ආනන්ද විද්‍යාලය සමඟ 4-0 (ජය)
  • ලුම්බිණි විද්‍යාලය සමඟ 6-1 (ජය)
  • සහිරා විද්‍යාලය සමඟ 3-0 (ජය) ජයග්‍රහනය පිරිණමන ලදී
  • රාජකීය විද්‍යාලය සමඟ -0 (ජය) ජයග්‍රහනය පිරිණමන ලදී
  • සිරිකිරුස විද්‍යාලය සමඟ 1-2 (පරාජය)

ශා. ජෝශප් විද්‍යාලය ද ලකුණු 15ක් ලබා ගත්තද ඔවුන්ට දෙවන ස්ථානයෙන් සෑහීමකට පත් වන්නට සිදු වූයේ මාරිස්ටෙලාව හමුවේ 2-1 ක පරාජයක් ලැබීමෙන් අනතුරුවය. නමුත් ගෝල 22ක් ලබාගෙන කලාපයේ ඉහළම ගෝල සංඛ්‍යාව සිය නම ඉදිරියේ සනිටුහන් කර ගැනීමට ඔවුන් සමත් විය.

  • ශා. සෙබස්තියන් විද්‍යාලය සමඟ 4-1 (ජය)
  • ශා. බෙනඩික් විද්‍යාලය සමඟ 2-1 (ජය)
  • කින්ග්ස්වුඩ් විද්‍යාලය සමඟ 2-0 (ජය)
  • මාරිස්ටෙලා විද්‍යාලය සමඟ 1-2 (පරාජය)
  • වික්‍රමභාහු විද්‍යාලය සමඟ 7-1 (ජය)
  • ඉසිපතන විද්‍යාලය සමඟ 6-0(පරාජය)

දක්ශතා අතර සිටින ක්‍රීඩකයන්

නායක අමාන් ෆයිසර් හා මොහොමඩ් සාජිඩ් යන මැදපෙල ක්‍රීඩකයන් හමීඩ් අල් හුසේන් හී ප්‍රභලම ක්‍රීඩකයන් වේ. තවද වැඩිම ගෝල වාර්තා කර ඇති ෆයිසර්ගේ නමට ගෝල 5ක්ම ඇත. තවද පසුපසින් අවු. 19න් පහල දැල් රකින්නන් වන මහේන්ද්‍රන් ඩිනේශ් හට ද ජෝශප් ක්‍රීඩකයන්ගේ පහරවල් හමුවේ වැඩ අධික වනු අත.

තම නම ඉදිරියේ ගෝල 9ක්ම ඇති සචින්ත මදුරංග හා 6ක් ඇති අසේල මදුශාන් යන ඉදිරිපෙළ ක්‍රීඩකයන් ජෝශප් කණ්ඩායමේ බලාපොරොත්තුව වනු ඇත. නායක මයුරුක පෙරේරා හා අමිල දනංජය හට හමීඩියා ප්‍රහාරක වළල්ල වැලැක්වීමේ වගකීම භාර වනු ඇත.

බලාපොරොත්තු විය හැකි දේ,

සමස්ත ලංකා ශූරයන් වූ හමීඩියා විද්‍යාලය වෙත වැඩි මනාප ඇත. පීටර්ස් සමඟ ජෝශප් ක්‍රීඩකයන් තරඟ වැදුනු ආකරයත් සමඟ හමීඩියා ක්‍රීඩකයන් යම් තෘප්තියකින් සිටිනු ඇත්තේ සිය පලපුරුදු මැදපෙල නිසාය.

සංඛ්‍යා ලේඛන

  • පරාජයන් 1 (ජයපරදුමින් තොර 0)
  • ගෝල ලබා නොදුන් තරග  6කින් 4 (ගෝල 3)
  • තරගයකදී ගෝල 3
  • තරඟයකදී ගෝල ලබදීම  ගෝල 0.5
  • සත්කාරක භූමියේදී ගෝල  12 (පිටදී 6)

පීටර්ස්  හමුවේ  බිග් මැච් පරාජයත් සමඟින් ඇරඹි මෙම කාර්තුව හොඳින් ක්‍රීඩා කිරීමත් සමඟ ඔවුන්ගේ සත්කාරක පිටියේදී ලැබූ ජයග්‍රහණ 3ක්ද සමඟ අවසන් පූර්ව තරගයට ඔවුන් හොඳ සූදානමකින් පසු වනු ඇත.

සංඛ්‍යා ලේඛන

  • පරාජ 1 (ජයපරදුමින් තොර 0)
  • ගෝල ලබා  නොදුන් තරග 6කින් 2 (ගෝල 5)
  • තරඟයකදී ගෝල 3.66 (ගෝල 22)
  • ගෝල ලබා දීම 0.8
  • සත්කාරක විට ගෝල 14 (පිටදී 8)

දෙපිලටම ආවේණික දක්ෂතා හා දුර්වලතා සමඟින් ආක්‍රමණකාරි තරග රටාව නිසා   ආකර්ශනීය තරඟයක් දැක ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.