ඉසිපතන සහ මහින්ද විද්‍යාල ජයග්‍රහණය වාර්තා කරයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

57
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (28) අවසන් වුනා.

මෙම තරගවල දී;

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව කඩුලු 09ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය විසින් සමත් වූ අතර, මෙහි දී මහින්ද විද්‍යාලය වෙනුවෙන් කවීන් රුක්ශාන් කඩුලු 6 දස්කමක් දක්වද්දී, දෙවන ඉනිමේ දී තරගය ජයග්‍රහණයක් කරා රැගෙන ගිය නායක තරුශ ඩිල්ශාන් පන්දු 66කින් ලකුණු 70ක් සහ සෙනුක දංගමුව පන්දු 9කින් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වුනා. සෙනුකගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් අන්තර්ගත වූ අතර, ඔහුගේ ඉනිමේ ප්‍රහාරාත්මක වේගය 344.44ක් ලෙස සටහන් වී තිබුණා.

මේ අතර කොළඹ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් සිතුක ගුණවර්ධන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහිව ඊයේ කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර අද දිනයේ ද කඩුලු 4ක් දවා ගනිමින් සමස්ත තරගයේ කඩුලු 8ක් බිඳ හෙළීමට සමත් වුනා.

අද දිනයේ අවසන් වූ පළමු කොටසේ Tier B තරග

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය

(වත්තල සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය– 137/10 (60.2) රවිඳු ජයසංක 49, සෙනුක දංගමුව 7/49 & 143/10 (54.3) අමිත සන්දීප 37, කවීන් රුක්ශාන් 6/46, සෙනුක දංගමුව 2/38
  • ගාල්ල මහින්ද විද්‍යාලය– 145/9d (59) ප්‍රමේශ් මදුභාෂණ 38, හරීන් අචින්ත& 138/1 (17.3) තරුශ ඩිල්ශාන් 70, සෙනුක දංගමුව 31

ගාල්ල මහින්ද විද්‍යාලයට කඩුලු 09ක ජයක්.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය

(කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී)

  • පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය– 98/10 (36.3) නෙත්මින නිර්මාල් 44, තරුශ්ක අශෙල් 4/25, සිතුක ගුණවර්ධන 4/40 & 76/10 (29.3) බිසර අංජන 28, සිතුක ගුණවර්ධන 4/21, දසිත් සෙනාල් 2/0
  • කොළඹ ඉසිපතන විද්‍යාලය– 301/7d (62.4) රුචිත් රොද්‍රිගෝ 117, මලීශ සඳරුවන් 76, මෙනුශ පබසර 5/120

කොළඹ ඉසිපතන විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 127ක ජයක්.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය

(කොළඹ සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණය)

  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය– 157/10 (54.2) ශෙන්නන් රොද්‍රිගෝ 50, ඔවීන් සල්ගාදු 31, හිරුෂ ගිම්හාන් 4/57, සනුක චෙරාන් 3/19 & 241/8 (60) ශෙන්නන් රොද්‍රිගෝ 63, ඇසදිස ද සිල්වා 62, ආකාශ් දෙව්මිණ 3/69
  • කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය– 124/10 (79.3) අනුහස් සීමන් 30, සනුක චෙරාන් 23, රිතිල් සුරවීර 4/32, ඉශිර ආයුපාල 3/20

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ සාන්ත පීතර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මේ අතර තවත් දෙදින තරග කිහිපයක් ම අද දිනයේ ද ආරම්භ වුනා.

මෙම තරගවල දී කුරැනෑගල සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් ශෙහාන් කුමාර කඩුලු 5 දස්කම් ප්‍රදර්ශනය කළා.

මහනුවර ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් ඔනජිත් ද සිල්වා සහ ලක්වින් අබේසිංහ ශතක රැස් කිරීමට සමත් වූ අතර, ඔවුන් දෙදෙනා විසින් සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිව සිය පළමු ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 188ක සබඳතාවක් ද පිහිටුවීමට සමත් වුනා. මේ අතර සිල්වෙස්තර විද්‍යාලය වෙනුවෙන් නිමේෂ සිල්වා කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

පානදුර රාජකීය විද්‍යාලය වෙනුවෙන් සෙතික දිල්මිත් කඩුලු 7 දස්කමක් ප්‍රදර්ශනය කළා.

පළමු කොටසේ Tier A තරග

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය

(කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය– 123/10 (37.2) ජනිත් රත්නසිරි 38, චෙනුක රන්දුල 3/16, ඩිලාශ් කුමාරනායක 3/8 & 10/0 (2)
  • කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය – 141/10 (45.1) ඩිලාශ් කුමාරනායක 23, බිමාශ් විදුදය 3/32, දිනුර ගනේගොඩ 2/13

කොළඹ රාජකීය විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

(මොරටුව වේල්ස් කුමර විද්‍යාලය ක්‍රීඩාංගණයේ දී)

  • කොළඹ රාජකීය විද්‍යාලය – 147/10 (40.1) බුලන් වීරතුංග 44, සුවස් රණවන 3/7, රසිඳු ප්‍රනාන්දු 3/23
  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය– 133/5 (44) රිවිත් ජයසූරිය 30, නවීන් ප්‍රනාන්දු 31*, යෙනුල භාෂිත බණ්ඩාර 2/14

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය

(අඹේපුස්ස යුද හමුදා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී)

  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය– 264/10 (64.2) පෙසඳු සන්ජන් 85, ජිමුත් ඉද්දමල්ගොඩ 50, ශෙහාන් කුමාර 5/62, ගීතික ද සිල්වා 2/30
  • කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය– 111/3 (33) සනුජ නිඳුවර 30*, භානුක ඉන්සමල් 2/48

පළමු කොටසේ Tier B තරග

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

(ධර්මරාජ විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • මහනුවර ධර්මරාජ විද්‍යාලය – 286/10 (83.2) ඔනජිත් ද සිල්වා 102, ලක්වින් අබේසිංහ 105, නිමේෂ සිල්වා 5/70, අරුෂ ජයසිංහ 4/76
  • මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය– 7/1 (8)

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය

(අම්බලන්ගොඩ නගරසභා මහජන ක්‍රීඩාංගණයේ දී)

  • රත්ගම දේවපතිරාජ විද්‍යාලය– 200/10 (59.4) දර්ශක සන්දීප් 52, නිම්න ප්‍රනාන්දු 4/27, නිශල් රශ්මික 2/14
  • කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 101/6 (38) මහීෂ සිතුම් 38*, පැතුම් ශමින්ද 2/25

මෙම තරග සියල්ලේ ම දෙවන සහ අවසන් දිනය හෙට (03) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<