වසර 16 අභිමානය නැවතත් සොයා යන මෙසී සහ ආර්ජෙන්ටිනාව

343

ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව 5 වැනි ස්ථානය හිමි කරගෙන සිටින ආර්ජෙන්ටිනා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලිය සඳහා සිය ස්ථානය තහවුරු කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය.

South American Football Confederation (CONMEBOL) තරගාවලිය තුළ තරග 18කට සහභාගී වී ජයග්‍රහණ 7ක් සමඟින් තරග 4ක් පරාජය වූ අතර තරග 7ක් තරග ජය පරාජයෙන් තොරව අවසන් කරමින් ප්‍රසාද ලකුණු 28 සමඟ එම තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

අන්ද්රේ 2010 මෙන් මෙවර ජයග්‍රාහී ගෝලය යොමු කරන්නට සූදානමින්

FIFA ලෝක ශ්‍රේණිගත කිරීම්වල සයවැනි ස්ථානයේ සිටින ස්පාඤ්ඤය සිය 11 වන ලෝක කුසලානයට සහභාගී වන්නේ ක්‍රීඩාලෝලීන් රැසකගේ බලාපොරොත්තු…

ලෝක කුසලාන තරගාවලි 16ක දී පිළිවෙළින් 1978 සහ 1986 වසර දක්වා ශූරතාවය දිනා ගැනීමට සමත් වූ ආර්ජෙන්ටිනාව 2014 ලෝක කුසලාන තරගාවලියේ දී ජර්මනිය හමුවේ ගෝල 1-0 පරාජයත් සමඟ පස්වතාවක් අවසාන මහා තරගය පරාජයට පත්ව ඇති අතර තවත් පස්වතාවක් අර්ධ අවසාන තරගයෙන් පරාජයට පත්ව ඇත.

ආර්ජෙන්ටිනා පාපන්දු කණ්ඩායම පාපන්දු ලෝකයට දායාද කළ විශිෂ්ටතම ක්‍රීඩකයින් දෙදෙනා ලෙස Diego Maradona, Lionel Messi හැදින්විය හැක. 1986 දෙවන ලෝක ශූරතා කුසලානය දිනා ගැනීමට සමත් වූ ආර්ජෙන්ටිනා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගයේ දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලැබූ ගෝල 2-1 ජයත් සමඟම සියලු මාධ්‍ය සිරස්තල ආජන්ටිනාව සහ Diego Maradona නමින් ප්‍රකාශයට පත්විය. ඔහු විසින් 51 වැනි විනාඩියේ දී වාර්තා කළ පළමු ගෝලය සහ එංගලන්ත ක්‍රීඩකයින් 5 දෙනෙකුට එරෙහිව ක්‍රියාත්මක වෙමින් මනා පන්දු  පාලනයකින් යුතුව 55 වන විනාඩියේ දී ලබා ගත් දෙවන ගෝලය එකල පාපන්දු ලෝකය මවිත කරන්නට සමත් විය.

2018 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම

Diego Maradona after winning the World Cup

CONMEBOL තරගාවලිය ආජන්ටිනා කණ්ඩායමේ 2018 ලෝක කුසලානය සඳහා තීරණාත්මක සාධකයක් විය. ආර්ජෙන්ටිනා කණ්ඩායමට CONMEBOL තරගාවලියේ Ecuador සමඟ පැවති තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වූ අතර Barcelona ක්‍රීඩා සමාජයේ සහ ආර්ජෙන්ටිනාවේ සුපිරි තරුව Lionel Messi විසින් ලබා ගත් ගෝල ත්‍රිත්වයත් සමඟ ගෝල 3-1 ජයග්‍රහණය මත පමණක් පදනම් වී රුසියාවේ දී තරග වැදීමේ අවස්ථාව උදා කර ගත්හ.

.

රොනාල්ඩෝගේ ගෝල ත්‍රිත්වය ස්පාඤ්ඤ සිහින බොඳ කරයි

FIFA ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තවත් තරග දෙකක් අද (15) පැවැත්වුණා.

ආර්ජෙන්ටිනා කණ්ඩායමේ පුහුණුකරු සහ තරග රටා ආකෘතිය

Jorge Sampaoli

ආර්ජෙන්ටිනාවේ නව පුහුණුකරු ලෙස ආර්ජෙන්ටිනාව නියෝජනය කළ පසුපෙළ ක්‍රීඩක Jorge Sampaoli  2017 වසරේ දී සිට පත්කර ඇත. Chili රාජ්‍යයට සිය ප්‍රථම ජාත්‍යන්තර කුසලානය සඳහා මග පෙන්වීම සිදු කරමින් ආජන්ටිනා කණ්ඩායම පරාජයට පත් කරමින් 2015 වසරේ දී Cope America ශූරයන් ලෙස අභිෂේක ලැබූ Chili කණ්ඩායමේ පුහුණුකරු ලෙස Jorge Sampaoli කටයුතු කර ඇත.

ආර්ජෙන්ටිනා කණ්ඩායම සතුව දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම සිටින අතර ආක්‍රමණශීලී තරග රටාව සහ පන්දු පාලනය එක් පාදයක් පමණක් භාවිතා කිරීමෙන් ප්‍රතිවාදී කණ්ඩායම් හට පීඩනය එල්ල කිරීමේ හැකියාව ආර්ජෙන්ටිනාව සතුව ඇත. යුරෝපීය පාපන්දු තරග රටාවට ඉතා සමාන තරග රටාවක් දකුණු ඇමරිකානු ආර්ජෙන්ටිනා කණ්ඩායම අනුගමනය කිරීමට ඔවුන් වඩාත් ප්‍රිය කරනු ඇත.

ආර්ජෙන්ටිනා කණ්ඩායමේ ශක්තිය සහ දුබලතා

Messi & Aguero

ලෝකයේ විශිෂ්ටම ආක්‍රමණශීලී ඉදිරි පෙළ ඇති කණ්ඩායම ලෙස ආර්ජෙන්ටිනා කණ්ඩායම හඳුන්වනු ලබයි. Angel Di Maria ආර්ජෙන්ටිනා සතුව ඇති වේගවත්ම ක්‍රීඩකයින් ලෙස නමක් දිනා ඇති අතර ආජන්ටිනා කණ්ඩායම Lionel Messi වටා ගොනුවීම, පන්දු පාලනය සහ වේගය ඔවුන් සතු ප්‍රබලතම ශක්තිය වනු ඇත. 2014 වසරේ දී අනුශූරයින් වන ආජන්ටිනාව මෙවර ලෝක කුසලානය ජය ගනු ඇතැයි අනුමාන කරන තවත් කණ්ඩායමකි. ආජන්ටිනාවට ලෝකයේ වේගවත්ම ආක්‍රමණශීලී ඉදිරි පෙළක් සිටින නමුත් මැද පෙළ සහ පසු පෙළ පිළිබඳව ගැටලු රාශියක් ඇති බව ආර්ජෙන්ටිනාවෙන් බිහි වූ අසහාය ක්‍රීඩක Diego Maradon පවසයි.

ආර්ජෙන්ටිනා කණ්ඩායම සතුව ඇති ප්‍රබල ක්‍රීඩකයින්

Paulo Dybala

Gonzalo Higuain, Paulo Dybala සහ Lionel Messi යන ක්‍රීඩකයින් පිළිබඳව දැඩි බලාපොරොත්තුවක් තබා ඇත. Lionel Messi වටා ගොඩ නැගී තිබෙන ආර්ජෙන්ටිනා ඉදිරි පෙළ ක්‍රීඩකයින්ගේ වේගය සහ දුරදිග පන්දු ලබා දීම සහ ආක්‍රමණශීලී ක්‍රීඩා කෞශල්‍යයක් මොවුන් තුළ ඇත.

5 වතාවක් ලොව විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලබා ඇති ආර්ජෙන්ටිනා කණ්ඩායමේ නායක Lionel Messi හට මෙම තරගාවලිය සිය සිව්වැනි ලෝක කුසලානය වන අතර මෙසිගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය 2018 ලෝක ශූර කණ්ඩායමේ නායකයා ලෙස සමුගැනීම පිළිබඳව මහත් බලාපොරොත්තු තබා ඇත.

සත්කාරක රුසියාවට මංගල තරගයෙන් දැවැන්ත ජයක්

2018 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් එහි මංගල තරගය ලෙස සත්කාරක රුසියාව හා සවුදි අරාබිය…

24 හැවිරිදි ඉදිරි පෙළ ක්‍රීඩක Paulo Dybala පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇත. මන්ද ආජන්ටිනා කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස Paulo Dybala ක්‍රීඩා කර ඇති මුත් මෙවර 2018 ලෝක කුසලාන ආජන්ටිනා සංචිතයට නම් කර සිටි නැති අතර ඉන්පසු පසුගිය 24 වැනිදා ඔහුව නැවත සංචිතයට කැඳවා තිබුණි.

ආජන්ටිනා සංචිතය:

  • Goalkeepers:  Sergio Romero, Willy Caballero, Franco Armani.
  • Defenders: Gabriel Mercado, Cristian Ansaldi, Nicolas Otamend, Federico Fazio, Marcos Rojo, Nicolas Tagliafico, Marcos Acuna, Eduardo Salvio.
  • Midfielders:  Javier Mascherano, Lucas Biglia, Ever Banega, Giovani Lo Celso, Manuel Lanzini, Angel Di Maria, Maxi Meza.
  • Forwards:  Lionel Messi, Paulo Dybala, Sergio Aguero, Gonzalo Higuain, Cristian Pavon

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<