පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම තවත් ඉහළට

U19 Division 1 Schools Cricket Tournament 2024/25

45
U19 Division 1 Schools Cricket Tournament 2024/25

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරගයක් අද (04) දිනයෙන් නිමාවට පත් වුනා.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර පැවැත්වුණු මෙම තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වූ අතර, තරගයේ දී තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ඩී.එස්.සේනානායක විද්‍යාලයේ බිහාන් ගමගේ සමත් වීම විශේෂත්වයක්.

ඔහු විසින් මෙම තරගයේ දී පිත්තෙන් අර්ධ ශතකයක් (ලකුණු 89ක්) සහ පන්දුවෙන් කඩුලු 5 දස්කමක් ද දැක්වීමට සමත් වුනා.

මේ අතර පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග සියල්ල මේ වන විට නිමා වී තිබෙනවා.

ඒ අනුව Tier A සහ B කාණ්ඩ යටතේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 16 සුදුසුකම් ලබා අවසානයි.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (05) දිනයේ පටන් තෙදින තරග ලෙස ක්‍රියාත්මක වනු ඇති.

තරග කාලසටහන;

Tier A

  • කොළඹ මහානාම විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය – පෙබරවාරි 05, 06 සහ 07
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය – පෙබරවාරි 05, 06 සහ 07
  • කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය – පෙබරවාරි 0607 සහ 08
  • කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – පෙබරවාරි 05,06 සහ 07

Tier B

  • කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය
  • පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය
  • කඳාන ද මැසනඩ් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය
  • රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය

 

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

(ඩී.එස්.සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)

  • ඩී.එස්.සේනානායක විද්‍යාලය– 314/10 (83.2) බිහාන් ගමගේ 89, මලිත පෙරේරා 52, විහඟ රත්නායක 3/57 & 138/4d (35) ජනිඳු රණසිංහ 42, චනුල් අතලේ 41, මෙවන් දිසානායක 3/39
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 216/10 (58) ශරුජන් ශන්මුගනාදන් 84, මෙවන් දිසානායක 42, බිහාන් ගමගේ 5/40, ශනල් බිනුශ්ක 3/44 & 71/2 (19)

තරගය ජය පැරදුමෙන් තොරයි, කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<