ධනංජයගේ විශිෂ්ට දස්කම් නිසා රිච්මන්ඩ් විද්‍යාලය අවසන් සටනට

1955

පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ සීමිත පන්දුවාර පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර අද (24) සාන්ත පීතර විදුහල් පිටියේ දී නිමා වූයේ රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 5ක ජයක් හිමිකර දෙමිනි.

අවසන් හතරට ප්‍රබල හා සමබර කණ්ඩායම් හතරක්

පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ…

ගුවනට නැගුණු කාසිය සංචාරක රිච්මන්ඩ් විද්‍යාලයට වාසිය ගෙන දෙමින් පෙරළි ගිය අතර රිච්මන්ඩ් නායක ධනංජය ලක්ෂාන් පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

සාන්ත තෝමස් විද්‍යාලයේ මුල්පෙළ පිතිකරුවන් අනපේක්ෂිත ලෙස දැවී යාම නිසා සාන්ත තෝමස් විද්‍යාලයේ ආරම්භය එතරම් දුරට සාර්ථක වූයේ නැත.

සාන්ත තෝමස් විද්‍යාලයේ පළමු කඩුලු 4 ලකුණු 29ක් තුළ දැවී ගොස් තිබිය දී පිටියට ආ වමත් පිතිකරු ශලින් ද මෙල් හා මන්තිල විජේරත්න පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. පන්දු 21ක් තුළ 4 පහර දෙකක් සමඟින් ලකුණු 15ක් ලබාගත් මන්තිල, දකුණතින් මඳ වේගපන්දු යවන ධනංජය ලක්ෂාන්ගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගියේය.

සාන්ත තෝමස් විද්‍යාලයේ මැදපෙළ නැංගුරම බවට පත්වූ ශලීන් පන්දු 91ක් තුළ ලකුණු 52ක් ලබා ගත්තේ මනරම් 4 පහර හතරක් වාර්තා කරමිනි. ශලීන් ලකුණු 52ක් ලබාගෙන සිටිය දී දඟපන්දු යවන සඳුන් මෙන්ඩිස්ගේ පන්දුවකට දැවී ගියේය.

ඉන් අනතුරුව යළිත් සාන්ත තෝමස් විද්‍යාල ඉනිම යම් පසුබෑමකට ලක්වූ අතර නායක ඩෙලෝන් පීරිස් ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වෙමින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය. පන්දු 101ක් තුළ ගොඩනැංවූ එම අර්ධ ශතක ඉනිමට එක් 4 පහරක් පමණක් අන්තර්ගත විය. අවසානයේ ඩෙලෝන් ආබාධයකට ලක්වූ නිසා පිටියෙන් ඉවත්ව ගියේය.

තෙවැනි දිනය උපුල් තරංග නමින් ලියැවේ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියේ අවසන් සතියේ තෙවැනි දිනය (23) තමන් නමින් ලියා ගැනීමට ගාලු කණ්ඩායම නියෝජනය කරන උපුල් තරංග…

සාන්ත තෝමස් විද්‍යාලයේ දල ලකුණු ලබා ගැනීමේ වේගය යම් ප්‍රශස්ත මට්ටමකට රැගෙන ආ දකුණතින් පිතිකරණයේ නිරත වන මනීෂ රූපසිංහ දැකුම්කළු 4 පහර හයක් සමඟ ලකුණු 44*ක් ලබා ගත්තේ පන්දු 34ක් පමණක් වැය කරමිනි.

අවසානයේ සාන්ත තෝමස් විද්‍යාලය සිය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 221ක් වාර්තා කර ගන්නා ලදි.

පන්දු යැවීමේ දී නායකත්වයේ වගකීම උපරිමයෙන් ඉටු කළ දකුණතින් මඳ වේගපන්දු යවන ධනංජය ලක්ෂාන් සිය පන්දුවාර 9ක් තුළ ලකුණු 36ක් පමණක් ලබා දුන්නේ සාන්ත තෝමස් විද්‍යාලයේ ප්‍රබල කඩුලු 5ක් දවා ගනිමිනි.

සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ගියවර ශූරතාවය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 222ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණ අතැතිව පිටියට පිවිසි නමුත් ඔවුන්ගේ ආරම්භක කඩුලු දෙකක ලකුණු 16ක් තුළ දවා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාල පන්දු යවන්නන් සමත් විය. එහි දී කමිඳු මෙන්ඩිස් හා ආධිත්‍ය සිරිවර්ධන ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව ගියේය.

තියුණු සටනකින් සාන්ත පීතර ක්‍රීඩකයින් අවසන් සටනට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (22) ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රිකට්…

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වමතින් පිත්ත හසුරුවන ධනංජය හා එක්වූ දකුණතින් පිත්ත හසුරුවන තවීෂ අභිෂේක් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 109ක යෝධ සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. දකුණතින් පිත්ත හැසිරවූ තවිෂ ලකුණු 36ක් ලබාගෙන සිටිය දී කිශාන් මුණසිංහ එවූ පන්දුවකට දැවී ගියේය. දැවී යන විට ඔහු 4 පහර පහක් වාර්තා කර තිබුණි.

දකුණතින් පිත්ත හසුරුවන දිලුම් සුධීර හා සඳුන් මෙන්ඩිස් පිළිවෙළින් ලකුණු 19කට හා එක ලකුණකට දවා ගැනීමට දඟපන්දු යවන ශැනන් ප්‍රනාන්දු සමත් විය. ධනංජය හා අවිඳු තීක්ෂණ 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 24ක නොදැවුණු සබඳතාවයක් එකතු වූ අතර සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 5කින් පරාජය කළ රිච්මන්ඩ් විද්‍යාලය අවසන් මහා තරගයට පිවිසීමට වරම් දිනා ගන්නා ලදි. තරගය අවසන් වන තුරුම පිතිකරණයේ නිරත වූ ධනංජය පන්දු 138ක් තුළ 4 පහර 16ක් හා 6 පහර 3ක් සමඟ සුපිරි පිතිකරණයක නිරත වෙමින් රිච්මන්ඩ් විද්‍යාලය අවසන් මහා සටනට රැගෙන ගියේය.

අන්තර් පළාත් එක්දින තරගාවලියට ප්‍රබලයින් රැසක්

රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියේ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය මැයි මස 2 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා පැවැත්වෙන…

“මගේ පාසල් ක්‍රිකට් දිවියේ මම දක්වපු හොඳම දස්කම තමයි මට අද පෙන්නන පුළුවන් වුනේ (පන්දු යැවීමෙන් 5/36, පිතිකරණයෙන් 130*). මගේ පාසල් ක්‍රිකට් දිවියේ අවසන් වර්ෂය තුළ එවැනි ආකාරයක දස්කමක් දැක්වීමට හැකි වීම පිළිබඳව මම ඇත්තටම සතුටු වෙනවා. මේක මගේ පමණක් නොව සමස්ත රිච්මන්ඩ් විද්‍යාලයේම ජයග්‍රහණයක් විදිහට තමයි මම දකින්නේ. අවසන් මහා තරගයේ දී සාන්ත පීතර විද්‍යාලයට හොඳ තරගයක් දීලා ශූරතාවය නැවතත් අපේ විද්‍යාලයට රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා.” යැයි තරගයෙන් පසු අදහස් දැක්වූ රිච්මන්ඩ් විද්‍යාල නායක ධනංජය ලක්ෂාන් ThePapare.com වෙත පැවසිය.

සාන්ත තෝමස් විද්‍යාලය – 221/7 (50) : ඩෙලෝන් පීරිස් 55*, ශලින් ද මෙල් 52, මනීෂ රූපසිංහ 44*, ධනංජය ලක්ෂාන් 5/36.

රිච්මන්ඩ් විද්‍යාලය – 222/4 (43.2) : ධනංජය ලක්ෂාන් 130*, තවීෂ අභිෂේක් 36, ශැනන් ප්‍රනාන්දු 2/43.

ඒ අනුව 2017/18 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සාන්ත පීතර විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය සුදුසුකම් ලබාගත්තේය. එම තරගය මැයි මස මුල දී පැවැත්වෙනු ඇත. එම තීරණාත්මක අවසන් මහා තරගයත් ThePapare.com වෙබ් අඩවිය හරහා සහ ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 1 හා MY TV ඔස්සේ සජීව ලෙස නැරඹිය හැක. තරගයේ තොරතුරු, ඡායාරූප එසැණින් ඔබ වෙත ගෙන ඒමට‍ ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<