ස්ටේන් කලක් තිස්සේ බලා සිටි ඒ මොහොත උදාවේ

176

වසර 10කට ආසන්න කාලයක් නොබිඳී සුරක්ෂිතව තිබූ වාර්තාවක් ඊයේ දිනයේ(26) දී තමන් සතුකර ගැනීමට දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ඩේල් ස්ටේන් සමත් වී තිබෙනවා.

වාර්තාවක් අභියස සිටින දකුණු අප්‍රිකානු අකුණු සැරය

මෑත කාලයේ දී දකුණු අප්‍රිකාව විසින් බිහි කල විශිෂ්ටතම වේගපන්දු යවන්නා කවුරුන් දැයි යම් අයෙකු ඔබගෙන්

දකුණු අප්‍රිකාව විසින් බිහි කළ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම හිටපු නායකයෙකු ද වන ෂෝන් පොලොක් විසින් මෙතෙක් කලක් අයිතිවාසිකම් කී දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා යන ගෞරව නාමය තමන් ඉදිරියේ සටහන් කරගැනීමට ස්ටේන් සමත් වූයේ දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ දිනයේ දී ඇරඹී පළමු ටෙස්ට් තරගය අතරතුර දී ය.

දිනයේ හත්වැනි පන්දුවාරය දියත් කළ ස්ටේන් විසින් යැවූ පන්දුවක් ෆකර් සමාන්ගේ පිත්තේ පිටත දාරයේ වැඳී උඩ පන්දුවක් ලෙසින් ස්ලීප් ක්‍රීඩක ඩීන් එල්ගාර්ගේ අතට පත් වීමත් සමඟ සිය ටෙස්ට් දිවියේ 422 වැනි කඩුල්ල බිඳ දමමින් කාලයක් මුළුල්ලේ බලා සිටි එම අභිමානවත් මොහොත උදාකර ගැනීමට ඔහු සමත් විය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාලූ ක්‍රීඩකයින්

පන්දු යවන්නා තරග ඉනිම කඬුලු ඉනිමකදී – කඩුලු 5 තරගයකදී – කඩුලු 10
ඩේල් ස්ටේන් 89* 162 422* 26 5
ෂෝන් පොලොක් 108 2012 421 16 1
මකායා නිටිනි 101 190 390 18 4
ඇලන් ඩොනල්ඩ් 72 129 330 20 3
මොර්නි මෝ‍ර්කල් 86 160 309 8 0

බොක්සිං දින තරගයක් නිසාවෙන් ප්‍රේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් සෙන්චූරියන් පාර්ක් ක්‍රීඩාංගණයට එක් රැස්ව සිටි අතර ඔවුන්ගේ නොමඳ දිරිගැන්වීම කඩුල්ල දවා ගැනීම සඳහා ඔහුට අමතර ජවයක් සැපයුවාට නම් සැකයක් නැත.

උරහිස ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් නිසාවෙන් අඛණ්ඩව සිය දායකත්වය කණ්ඩායමට ලබා දීමට ස්ටේන් හට නොහැකි වූ අතර 2015 සිට මේ දක්වා වසර තුනක පමණ කාල සීමාවක් තුල ඔහුට ක්‍රීඩා කිරීමට අවකාශ සැලසී ඇත්තේ තරග නවයක් පමණි.

ශ්‍රී ලංකාව සමඟ සටනට එන නවසීලන්ත එක්දින සංචිතය නිකුත් වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග

මුරලි සහ රිචඩ් හැඩ්ලි දෙදෙනාට පමණක් දෙවැනි වෙමින් කඩුලු 400 සීමාව පසුකිරීම සඳහා අඩුම තරග ප්‍රමාණයක් වැය කළ ක්‍රීඩක ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමිකර ගැනීමට 2015 දී බංග්ලාදේශයට එරෙහිව පැවති ටෙස්ට් තරගයක දී ස්ටේන් සමත් වූයේ ඒ සඳහා තරග 80ක් පමණක් වැය කරමිනි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කරමින් ඩේල් ස්ටේන් පිහිටුවා ඇති වාර්තා කිහිපයක්

  • එක් ඉනිමක දී කඩුලු 5 බැඟින් දවා ගැනීමේ අවස්ථාවන් වැඩිම සංඛ්‍යාවකට හිමිකම් කියන ක්‍රීඩකයා
  • තරගයක දී කඩුලු 10 බැඟින් දවා ගැනීමේ අවස්ථාවන් වැඩිම සංඛ්‍යාවක් සිදු කළ ක්‍රීඩකයා
  • සෙන්චූරියන් පාර්ක් ක්‍රීඩාංගණයේ වැඩිම කඩුලු ලාභියා – තරග 9කට ක්‍රීඩා කරමින් කඩුලු 56යි.
  • තරග 35කට වඩා ක්‍රීඩා කර ඇති පන්දු යවන්නන් අතුරින් හොඳම කඩුලු ලබා ගැනීමේ වේගය සහිත ක්‍රීඩකයා මොහු වන අතර සමස්ත සටහනේ හයවැන්නා ලෙසින් රැඳී සිටී.

හොඳම කඩුලු ලබා ගැනීමේ වේගයකට හිමිකම් කියන පන්දු යවන්නන් (බොක්සිං දින තරගයට පෙර)

ක්‍රීඩකයා රට තරග කඩුලු පන්දු යැවීමේ

සාමාන්‍ය

කඩුලු ලබා ගැනීමේ වේගය
ජෝර්ජ් ලෝහ්මන් එංගලන්තය 18 112 10.75 34.1
ජෝන් ෆෙරිස් ඕස්ට්‍රේලියාව / එංගලන්තය 9 61 12.7 37.7
ෂේන් බොන්ඩ් නවසීලන්තය 18 87 22.09 38.7
කගීසෝ රබාඩා දකුණු අප්‍රිකාව 32 151 21.71 39.3
සිඩ්නි බාන්ස් එංගලන්තය 27 189 16.43 41.6
ඩේල් ස්ටේන් දකුණු අප්‍රිකාව 88 421 22.64 42

වයස අවුරුදු 35ක් වුවත් වයස අවුරුදු 20ක තරුණයෙකුගේ ජවයක් සහ සටන්කාමී මනසක් තවමත් ඔහු සතු වන අතර ඊයේ දින එම ඓතිහාසික මොහොතට ළඟා වීමට පෙර ඔහු අදහස් දක්වමින් පවසා සිටියේ මෙතරම් කලක් ඉතා වෙහෙස මහන්සි වී කැප කිරීම් රාශියක් සිදු කරමින් යළි ක්‍රිකට් පිටියට පැමිණියේ මෙම වාර්තාව පසු කිරීමට නොව මීටත් වඩා ඉහළ ඉලක්ක රාශියක් ළඟා කර ගැනීමේ අරමුණින් බවය.

“මගේ රට වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා බවට පත්වෙනවා කියන එක මට විශාල ගෞරවයක්. මගේ ආබාධ තත්වයන් කළමනාකරණය කරගෙන නැවත තරග බිමට පිවිසීම එතරම් පහසු කටයුත්තක් වුනේ නැහැ. නමුත් මගේ අරමුණ විශාල එකක්. කඩුලු 500 සීමාව පසුකිරීමට හැකි වුනොත් එය විශාල ජයග්‍රහණයක් එම නිස හැකි සෑම අවස්ථාවකම මගේ උපරිමයෙන් ක්‍රීඩා කරන්න මම බලාපොරොත්තු වෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<