19න් පහල කිරුළ සාන්ත ජෝසප් විදුහලට

1148
U19 Division I finals

අද (21) මොරගස්මුල්ල ක්‍රීඩාංගනයේදී පැවති 19න් පහල ප්‍රථම කාණ්ඩයේ පාසල් පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය ගෝල 2-1ක් ලෙස කළුතර සිරිකුරුස විද්‍යාලයට එරෙහිව ජයගන්නට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

පසුගිය ලිපි: සාන්ත ජෝසප් කණ්ඩායම දඬුවම් පහරවලින් ජය ලබයි

තරඟය තුළදී ප්‍රථමයෙන් ගෝලයක් රැස්කරන්නට සාන්ත ජෝසප් කණ්ඩායම සමත් වූ අතර, එම පරතරය සිරිකුරුසය වෙත ගෝලයක් ලබාදෙමින් නැතිකරගන්නට සාන්ත ජෝසප් නායක මයුරක පෙරේරාට සිදුවූයේ අත්වැරදීමකිනි. පසුව අමිල ධනංජය, සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් තවත් ගෝලයක් රැස්කරමින් ශූරතාවය වෙත  ඔවුන් ඔසවා තැබුවේය. කෙසේ වෙතත් ඒ අනුව බලන කල අද දිනය තුළ වාර්තා වූ සියළු ගෝලයන් වාර්තා කළේ සාන්ත ජෝසප් විද්‍යාලයයි.

තරඟය ආරම්භ කරමින් නිමේෂ් සාලින්ද, ප්‍රථම පහර පාපන්දුව වෙත එල්ල කළේය. ආරම්භයේ සිටම තර්ජනාත්මකව ඉදිරියට පැමිණෙන්නට සිරිකුරුස ක්‍රීඩකයන් සමත් වූ අතර 5 වන මිනිත්තුවේදී ඔවුන් වෙත ලැබුණු වටිනා අවස්ථාවක් ගිලිහිණි.

16 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ අසේල මධුශාන්, අවසන් පූර්ව තරඟයේදී තමා අතින් ගිලිහුණු අවස්ථාවන් දෙකට සාධාරණය ඉෂ්ඨ කරමින් සාන්ත ජෝසප් විද්‍යාලය ඉදිරියට රැගෙන ගියේය.

තරඟයේ 26 වන මිනිත්තුවේදී කළුතර සිරිකුරුස විද්‍යාලයේ ඉදිරිපෙල ආක්‍රමණය දැඩි වූ නමුත් ගෝලයේ හරස් දණ්ඩේද සහයෙන් ප්‍රතිවාදීන්ට ගෝලයක් ලැබීමට තිබූ අවස්ථාව වැලැක්වූයේ ජෝසප් ගෝල රකින්නාය.

නමුත් 28 වන මිනිත්තුවේදී සියල්ලන්ම මවිතයට පත්කරමින් සාන්ත ජෝසප් විද්‍යාලයේ ආරක්ෂක ක්‍රීඩක මයුරක පෙරේරා විසින් තමාගේ ගෝලය තුළටම පන්දුව එල්ල වූ අතර, ඉන් ලකුණු තත්වය සම විය. එබැවින් සිරිකුරුස විද්‍යාලයට වාසනාවන්ත ගෝලයක් හිමිවිය.

ප්‍රථම අර්ධයේදී සචින්ත මධුරංග හිසින් එල්ලකළ පහරක් ගෝලයෙන් ඉවතට විසිවිය.

ප්‍රථම අර්ධය – කළුතර සිරිකුරුස විද්‍යාලය 1-1 මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය.

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු හතක් ගතවන තැනදී ජේසන් ප්‍රනාන්දු විසින් අසේල මධුශාන් හට වටිනා පන්දු යොමුවක් සිදුකළත් ඉන් නිසි වාසිය ලබා ගන්නට අසේලට නොහැකි විය.

පසුව අමිල ධනංජය, සිරිකුරුසය වෙනුවෙන් දිගු පහරකින් ගෝලයක් ලබා ගන්නට උත්සාහ කළ නමුත් එයද ව්‍යර්ථ විය.

62 වන මිනිත්තුවේදී නොපසුබස්නා උත්සාහයේ ප්‍රතිඵල ලබන්නට අමිල ධනංජයට හැකිවිය. හොඳින් කල්යල් බලා ප්‍රතිවාදී ගෝලය වෙත පන්දුව යොමුකළ ඔහු සාන්ත ජෝසප් විදුහල් අන්තය වෙත සතුටු සිනා කැන්දාගෙන පැමිණියේය.

පසුව දෙපිලම කරට කර ක්‍රීඩා කළ අතර 66 වන මිනිත්තුවේදී ප්‍රතිවාදී උත්සාහයක් වළකාලූ ජෝසප් ගෝල රකින්නා විසින් ඔවුන්ගේ පරතරය ආරක්ෂා කරගත්තේය. ජේසන් ප්‍රනාන්දු ජෝසප් ක්‍රීඩකයින් වෙනුවෙන් පන්දු ධාවනයන් කිහිපයක්ම සිදුකළ අතර ගෝල ලබා නොගත්තත් ඔහුගේ ක්‍රීඩා විලාශය ප්‍රශංසනීය විය.

ආබාධ වෙනුවෙන් වෙන්කරන ලද කාලයෙන් මිනිත්තු දෙකක්ද තරංග කාලයට එක් කළ නමුත් සිරිකුරුසයට කිසිදු උත්සාහයක් සාර්ථක කරගන්නට නොහැකිවිය.

තරඟය අවසාන වනවිට ගෝල 2-1ක් ලෙස ඉදිරියෙන් සිටි මරදාන සාන්ත ජෝසප් විද්‍යාලීය කණ්ඩායම, 19න් පහල ප්‍රථම කාණ්ඩයේ පාපන්දු ශූරයන් බවට පත්විය.

සම්පුර්ණ කාලය – මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය 2-1 කළුතර සිරිකුරුස විද්‍යාලය.

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්

සාන්ත ජෝසප් විද්‍යාලය – අසේල මධුශාන් 16′, අමිල ධනංජය 62′.
කළුතර සිරිකුරුස විද්‍යාලය – 1 (මයුරක පෙරේරා විසින් තමාගේම ගෝලය වෙත එල්ල කරන ලදී)

තෙවන ස්ථානය සඳහා වූ තරඟය

අවසන් පූර්ව තරඟවලදී පරාජය වූ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයත්, හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලයත් තෙවන ස්ථානය සඳහා වන තරඟය සඳහා සුදුසුකම් ලැබූ අතර තරඟය පැවැත්වූයේ මොරගස්මුල්ල ක්‍රීඩාංගනයේදීයි. එහිදී ගෝල 1-0ක් ලෙස හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය පරාජය කරන්නට, පෙර වසරේ  ශූරයන් වූ මාරිස්ටෙලා කණ්ඩායම සමත් විය.

පෙර වසරේ තරඟාවලියේ අවසන් මහා තරඟයට ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකද, උක්ත කණ්ඩායම් දෙකම වන බැවින් ප්‍රබල තරඟයක් නැරඹීමට හැකිවෙනු ඇතැයි පාපන්දු ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු විය.

මාරිස්ටෙලාවන් වේගවත් ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අතර හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය තම සුපුරුදු පන්දුව හුවමාරු කරගැනීම් තරඟයට එක්කළේය.

තරඟය තුළ 8 වතාවක් පිටියේ සීමා උල්ලංඝනය කිරීමට හසුවූ අල් හුසෙයිනි ක්‍රීඩකයන්ගෙන් දිස්වූයේ මාරිස්ටෙලා උපක්‍රමයට ඔවුන් හසුවූ බවයි .රිශාන් ෆයිසර් විසින් වටිනා අවස්ථාවන් දෙකක්ම මඟ හරවාගන්නා ලදී.

තරඟයේ 45 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ නිසල් තාරින්ද හමීඩ් අල් හුසෙයිනි ක්‍රීඩකයන් සිදුකළ සියලු වැරදි වලට ඔවුන් වෙත දඬුවම් ලබා දුන්නේය. මාරිස්ටෙලා විද්‍යාලය ගෝල 1-0ක් ලෙස ඉදිරියට ගෙන ගියේ ඔහුයි.

අතිශය උණුසුම් කාලගුණ තත්වයක් යටතේ පැවති තරඟය තුළදී වැඩි වෙහෙස දරන්නට සමත් වූ මාරිස්ටෙලා ක්‍රීඩකයන්ගේ ආරක්ෂක පෙල ඉතා සවිමත් විය. 70 වන මිනිත්තුවේදී පමණක් මොහොමඩ් රිශාන්, හුසෙයිනි විදුහල වෙනුවෙන් වේගවත් ධාවනයක් දියත් කළ අතර එහිදී ඔවුන්ගේ සහය ක්‍රීඩකයන් ප්‍රමාද වූ බැවින් ගෝලයක් ලැබීමේ අවස්ථාව ගිලිහුණි.

තරඟ කාලය කෙමෙන් අවසන් වීමත් සමඟින් මාරිස්ටෙලා විද්‍යාලය 1-0ක් ලෙස 19න් පහල ප්‍රථම කාණ්ඩයේ පාපන්දු තරඟාවලියේ තෙවන ස්ථානය දිනාගත්තේය.

සම්පූර්ණ කාලය – මාරිස්ටෙලා විද්‍යාලය 1-0 හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය.

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්.

නිසල් තාරින්ද (මාරිස්ටෙලා විද්‍යාලය)

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට