“මට මෙසීත් එක්ක ක්‍රීඩා කරන්න ඕන” – ලෙවැන්ඩොව්ස්කි

204

බාසිලෝනා  කණ්ඩායමේ ඉදිරිපෙළ ප්‍රහාරක Robert Lewandowski (රොබට් ලෙවැන්ඩොව්ස්කි) පවසන්නේ තමන්ට Lionel Messi (ලියොනල් මෙසී) සමඟින් එකම කණ්ඩායමේ ක්‍රීඩා කරන්නට අවැසි බවයි.

එළඹෙන ජුනි මාසයේ දී PSG (පැරිස් සෙන්ට් ජර්මේන්) සමඟ තිබෙන මෙසීගේ වත්මන් කොන්ත්‍රාත්තුව අවසන් වනවා. එබැවින් ඔහු නැවත බාසිලෝනා වෙත පිළිගනියිද යන්න බොහෝ දෙනා තුළ ඇති පැනයක්. වත්මන් බාසිලෝනා ක්‍රීඩක ලෙවැන්ඩොව්ස්කි පවසන්නේ ඔහුත් සමඟින් ක්‍රීඩා කරන්නට ඇත්නම් එය හොඳ බවයි.

මට මෙසී එක්ක බාසිලෝනා වල ක්‍රීඩා කරන්න ඕන. මෑත අවුරුදුවල දී ඔහු ඔහුගේ ශෛලිය වෙනස් කරගෙන තියෙනවා. ඔහු වගේ පාපන්දු ගැඹුරින් තේරෙන ඒ වගේ ක්‍රීඩකයන් එක්ක ක්‍රීඩා කරන්න හරි පහසුයි,” ලෙවැන්ඩොව්ස්කි Meczyki වෙත පැවසුවා.

මෑත කාලෙදී මෙසී ක්‍රීඩා කරන ශෛලිය වර්ධනය වෙලා තියෙනවා. ඔහු වෙනස් විදියට හිතනවා, පිටියේ ඔහුව වෙනස් තැන්වල ස්ථානගත කරගන්නවා. ඔහුටම ආවේණික දැනීමක් තියෙනවා,” ඔහු පැවසුවා.

කෙසේ වෙතත් බාසිලෝනා කළමනාකරු Xavier “Xavi” Hernandez (සැවියර් “සැවි” හර්නැන්ඩස්) පවසන්නේ ලබන වසර සඳහා කණ්ඩායමක් නිර්මාණය කරගැනීම තම ප්‍රමුඛ අරමුණ බවයි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<