ආසියානු යොවුන් ශූරයන් පරදා ශ්‍රී ලංකාව අවසන් සටනට

845

බංග්ලාදේශයේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග අවස්ථාව උදා කර ගැනීම වෙනුවෙන් පැවති තීරණාත්මක දෙවැනි අවසන් පූර්ව තරගයේ දී, ඉකුත් වසරේ ආසියානු ශූරයින් බවට පත්වූ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 31ක ජයග්‍රහණයක්  අද (05) වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ඉරිදා (07) ඩකාහි පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේ ඉන්දියාවේ ප්‍රතිවාදීන් බවට පත්වූහ.

ජ්‍යෙෂ්ඨයින්ට ආදර්ශයක් වෙමින් යෞවනයෝ අවසන් පූර්ව තරගයට

බංග්ලාදේශයේ දී ක්‍රියාත්මක වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

ඩකාහි පැවති මෙම තරගයේ දී ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු අවසන් පූර්ව තරගය පරිදීම අඩු ලකුණු වාර්තා වෙමින් පැවති අතර ඒ අනුව ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථානයට ලකුණු 210ක ඉලක්කයක් හිමි විය. බැලූ බැල්මට ඉලක්කය පහසු ලෙසින් දිස් වුවත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ උපක්‍රමශීලී පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්තානයට පන්දුවාර 48.3ක දී රැස් කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 178ක් පමණි.

මෙම ජයග්‍රහණයත් සමඟ අදාළ කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරග අවස්ථාවකට ශ්‍රී ලංකාව සුදුසුකම් ලද දෙවැනි අවස්ථාව ලෙසින් මෙය සනිටුහන් විය. 2012 වසරේ දී ආරම්භ කරන ලද මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් මහ තරගයකට සුදුසුකම් ලබා තිබුණේ 2016 දී පැවති තරගාවලියේ දී වන අතර එම අවසන් මහ තරගයේ දී ඉන්දියාව හමුවේ ලකුණු 34ක පරාජයක් ලැබීම හේතුවෙන් අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු විය.

අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමේ අදහසින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමට ඇෆ්ගනිස්තාන නායක රහ්මනුල්ලා ගුර්බාස්ගේ තීරණය විය. ඒ අනුව ඉනිම ඇරඹි නවෝද් පරණවිතාන සහ නිශාන් මධුෂ්කව දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නන් සමත් වූයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් ප්‍රථමය. එතකින් නොනැවතුණු අබ්දූල් රෙහ්මාන් කමිල් මිශාරගේ කඩුල්ල ද දවා ගනිමින් ප්‍රථමයෙන් පන්දු යැවීම පිළිබඳව තම නායකයා ගත් තීරණය වඩාත් නිවැරදි බව ඔප්පු කර පෙන්වීය.

ලකුණු 16ක් ඇතුළත ඉදිරි පෙළ කඩුලු 3ක් දැවී ගොස් තිබිය දී පිටියට පිවිසි නුවනිඳු ප්‍රනාන්දු සහ කල්හාර සේනාරත්න සමඟ එක් වෙමින් කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගනිමින් සිටිය දී රෙහ්මාන්ගේ ගොදුරක් වෙමින් සේනාරත්න ද පිටියෙන් ඉවත් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 42කට කඩුලු 4ක් ලෙසින් දිස්විය.

“කුක් වෙනුවට එන ආරම්භක පිතිකරුවා ඉලක්ක කරන්න” – සංගක්කාර

මේ වන විට එංගලන්තය ලොව හොඳම “තුන් ඉරියව් කණ්ඩායම” බව තමා විශ්වාස කරන නමුත් ශ්‍රී ලංකාවට එරෙහිව

වැටී සිටින තත්ත්වයෙන් ගොඩ ඒමට නම් ශක්තිමත් කඩුලු සම්බන්ධතාවක් අනිවාර්යය බව වටහා ගත් නුවනිඳු සහ කලන පෙරේරා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක සම්බන්ධතාවක් පවත්වමින් සැනසුම් දායක තත්ත්වයකට ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ආහ. එහෙත් ලකුණු 22ක දී කලනගේ ඉනිම හමා වුවද සිය සටන අත් නොහළ නිවනිඳු නායක නිපුන් ධනංජය සමඟ එක්වෙමින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක් එක් කළහ. මෙම ඉනිමේ වාර්තා වූ සාර්ථකම සම්බන්ධතාවේ දී නායකයාගේ දායකත්වය පන්දු 41ක දී ලකුණු 27ක් විය.

දිනයේ කැපී පෙනෙනම පිතිකරුවා බවට පත්වූ මොරටු සාන්ත සෙබස්තියන් විදුහල නියෝජනය කරමින් යොවුන් කණ්ඩායමට සුදුසුකම් ලද නුවනිඳු ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුව තෙක්ම තම ආධිපත්‍ය පතුරුවාගනිමින් පන්දු 129ක දී ලකුණු 111ක් රැස් කරගත්තේය. ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ හොඳම පන්දු යවන්නා බවට පත්වූ රහ්මාන්ගේ ගොදුරක් වෙමින් අවසන් පන්දුවේ දී නුවනිඳු දැවී යන විටත් තම ඉනිම හයේ පහර 3කින් සහ හතරේ පහර 8කින් අලංකාර කරගෙන සිටියේය. නුවනිඳුගේ මෙම ඉනිමත් සමඟ මෙම තරගාවලියේ වැඩිම ලකුණු රැස් කරන ලද ශ්‍රී ලංකා පිතිකරුවන් අතර පෙරමුණ ගෙන සිටියි. තරග 3ක දී ශතකයක් සමඟින් මුලු ලකුණු 191ක් ලබා සිටි නුවනිඳුගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 95.5ක් ලෙස සටහන් වේ.

නුවනිඳුගේ ඉනිම නොවන්නට ශ්‍රී ලංකාවට ලකුණු 150 සීමාව පසු කර යෑම ද අවදානම් තත්ත්වයක පසුවිය. නිපුන්ගේ දැවී යෑමෙන් පසු නුවනිඳුට අනගි සහායක් ලබා දුන් පසිඳු සූරියබණ්ඩාර අනෙක් අන්තයේ රැඳී සිටියේ පන්දු 25ක දී ලකුණු 19ක් රැස් කරගනිමිනි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලබා දුන් ලකුණු 210ක ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 35ක දී අවසන් කිරීමට ශෂික දුල්ෂාන් සමත් විය. ප්‍රබල පිතිකරුවන් කිහිප දෙනෙකුගෙන්ම සමන්විත  ඇෆ්ගනිස්තාන විටෙක කඩුලු 2කට ලකුණු 113ක් ලබා ස්ථාවර තත්ත්වයකට පැමිණ යළිත් ක්‍රියාත්මක වූ ශෂික දුල්ෂාන් බසීර් ඛාන්ව දවා ගැනීමත් සමඟ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ කඩා වැටීම ආරම්භ විය.

එම දැවී යෑමත් සමඟ ලකුණු පුවරුවට තවත් ලකුණු 04ක් එක් වද්දී ක්‍රියාත්මක වූ කල්හාර සේනාරත්න අරීෆ් ඛාන්ව දුවද්දී දවා ගැනීමකට ද, කුයිස් අහමඩ් ලකුණු ලබා ගැනීමට පෙර ද දවා ගැනීමට සමත් වීම හේතුවෙන් කඩුලු 2කට ලකුණු 113ක්ව තිබූ ඇෆ්ගනිස්තාන ඉනිම කඩුලු 5කට 117ක් ලෙසින් සටහන් විය.

ඇෆ්ගනිස්තාන පිතිකරුවන් එකා පිට එක දැවී ගිය ද තම අන්තය ආරක්ෂා කර ගත් සජාස් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පමා කරන ලද පිතිකරුවා බවට පත්විය. අංක 4 ස්ථානයෙන් පන්දුවට  පහර දීමට පැමිණි ඉජාස් ඇෆ්ගනිස්තාන ඉනිමේ දැවී ගිය අවසන් පිතිකරුවා ලෙසින් දුල්ෂාන්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 27ක් ලබා සිටියේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු නායක ගුර්බාස් ලකුණු 46ක් ලබා ගත්තේය.

වසර 3ක පරාජිත ගමන එංගලන්ත තරගාවලියේදීවත් නවතියි ද?

දෙදහස් පහළොව වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ගෙවී ගිය කාල

හොංකොං සමඟ පැවති තරගයේ දී ලකුණු 19ක දී කඩුලු 5ක් දවා ගත් ශෂික දුල්ෂාන් මෙම තරගයේ දී ද කැපී පෙනෙනම පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 24ක දී කඩුලු 4ක් දවා ශ්‍රී ලංකා ජයග්‍රහණයේ වැඩි බරක් ඇදි ක්‍රීඩකයකු බවට පත්විය. මාතර සාන්ත සර්වේසස් විදුහල නියෝජනය කරමින් යොවුන් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලද ශෂික මෙවර ආසියානු තරගාවලිය යටතේ තරග 4ක දී කඩුලු 11ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගෙන සිටියි. ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 7.54ක් ලෙස සටහන් වේ. ශෂිකට අමතරව පන්දුවෙන් දස්කම් දැක්වූ නවෝද් පරණවිතාන සහ කල්හාර සේනාරත්න කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ඒ අනුව මෙවර ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා අසල්වැසියන් වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 දී කඩුලු 7ට ලකුණු 209: නුවනිඳු ප්‍රනාන්දු 111, කලන පෙරේරා 22, නිපුන් ධනංජය 27, පසිඳු සූරියබණ්ඩාර (නොදැවී) 19, කමිල් මිශාර 12, අබ්දූල් රහ්මාන් 42/3

ඇෆ්ගනිස්තානය පන්දුවාර 48.3ක දී සියලු දෙනා දැවී ලකුණු 178: රහමනුල්ලා ගුර්බාස් 46, බසීර් ඛාන් 27, අරිෆ් ඛාන් 20, ඉජාස් 37, රියාස් හුසේන් 15, ශෂික දුල්ෂාන් 24/4, නවෝද් පරණවිතාන 17/2, කල්හාර සේනාරත්න 41/2)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<