කිංග්ස්වුඩ් වසර හයක මතකයන් අලුත් කරයි

1729
U18 Schools Rugby Tournament Kingswood beat Isipathana

මයිලෝ ආයතනය මගින් සංවිධානය කරන වයස අවුරුදු 18න් පහළ  සමස්ත ලංකා පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු වටය පසුගිය දා නිමාවූ අතර එහි අවසන් මහා තරඟ හතරම අද (15) කොළඹ CR&FC පිටියේදී පැවැත්විණි. මෙම තරඟ වලින් කිංස්වුඩ්, සාන්ත ජෝශප්, ත්‍රිත්ව, මලියදේව යන විද්‍යාල ජයග්‍රහණය කිරීමට සමත් විය.

පසුගිය ලිපි: ඉසිපතන සහ කිංග්ස්වුඩ් අවසන් සටනට

කුසලාන අවසන් තරඟය – ඉසිපතන විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය සවස 5.00 ට ආරම්භ වූ අතර පසුගියවර ශූරයින් ලෙස මෙම තරඟට පැමිණෙන ප්‍රබල ඉසිපතන කණ්ඩායමට මුල් මිනිත්තුවේ සිටම ප්‍රබල අභියෝගයක් ලබාදීමට කන්ද උඩරට කිංග්ස්වුඩ් විද්‍යාල ක්‍රීඩකයෝ සමත් විය. පළමු අර්ධ තුළ කිංස්වුඩ් කණ්ඩායමේ ආර්. ඒකනායක විසින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන ලදි.

පළමු අර්ධ: 0700 කිංග්ස්වුඩ් ඉදිරියෙන්

දෙවන අර්ධය තුළ ආක්‍රමණශීලීව ක්‍රීඩා කල කිංග්ස්වුඩ් කණ්ඩායම ඉක්මනින් උත්සාහක දිනුම් දෙකක් ලබාගත් අතර සුපුන් සෙනවිරත්න හා ආර්. ජී. රාමනායක කිංග්ස්වුඩ් කණ්ඩායමේ ලකුණු තව තවත් ඉහළ නැංවීමට සමත් විය. ඒ අතරතුර ඉසිපතන කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ එන්. චමින්ද උත්සාහක දිනුමක් සාර්ථක කරගනිමින් ඉසිපතන කණ්ඩායම ලකුණු 5ක් දක්වා ඔසවා තබන ලදි. අවසානයේ වසර 6කට පසුව කුසාලාන ශූරතාවය නැවතත් කිංග්ස්වුඩ් කණ්ඩායම මෙම ජයග්‍රහණය කිරීමට සමත් විය.

අවසන් ලකුණු: ඉසිපතන  විද්‍යාලය 05- 21 කිංග්ස්වුඩ් විද්‍යාලය


පලඟ අවසන් තරඟය – නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය හා මරඳාන සාන්ත ජෝශප් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය සවස 4.00 ට පමණ ආරම්භ වූ අතර පළමු මිනිත්තු 5 තුළ දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සාන්ත ජෝන් කණ්ඩායම සමත් වුවද, ඉතිරි මිනිත්තු කිහිපය තුලම තරගයේ ආධිත්‍යය ගැනීමට සාන්ත ජෝශප් කණ්ඩායම සමත් විය. මෙම තරගයේ දී ජෝශප් කණ්ඩායම වෙනුවෙන් ගැමුණු චේතිය දක්ෂ ලෙස ක්‍රීඩා කරන ලදි. අවසානයේ පලඟ ශුරතාවය සාන්ත ජෝශප් කණ්ඩායම විසින් ඔසවන ලදි.

අවසන් ලකුණු: සාන්ත ජෝන් විද්‍යාලය 03 38 සාන්ත ජෝශප් විද්‍යාලය


බදුන අවසන් තරඟය – මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය අතර තරඟය

අර්ධ අවසන් පූර්ව තරඟ වලදී ද හොදින් දස්කම් දක්වමින් මෙම බදුන අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබාගත් මහනුවර පාසල් ද්විත්වයක් වන විද්‍යාර්ථ හා ත්‍රිත්ව විදුහල් අතර තරඟය නිමාවූයේ ලකුණු 41 07ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලීය කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි. අවසානයේ බදුන ශූරතාවය ත්‍රිත්ව විද්‍යාලය වෙත ගෙනයාමට එම විද්‍යාලයේ ක්‍රීඩකයින් සමත් විය.

අවසන් ලකුණු: විද්‍යාර්ථ විද්‍යාලය 07 41 ත්‍රිත්ව විද්‍යාලය


පළිහ අවසන් තරඟය – කුරුණෑගල මලියදේව විද්‍යාලය හා මොරටුව විද්‍යාලය අතර තරඟය

මෙම තරගය තුළ මලියදේව කණ්ඩායම සම්පූර්ණයෙන්ම තම ජවය හා ශක්තිය පෙන්නුම් කරමින් විනාඩි 40ක කාලය තුළ මොරටු විද්‍යාලයට එදිරිව ලකුණු 44ක් ලබා ගත් අතර මොරටු විද්‍යාලයට එකදු ලකුණක් හෝ ලබාගැනීමට නොහැකි විය. අවසානයේ පළිහ ශුරතාවය මලියදේව විද්‍යාලය ජයග්‍රහණය කරන ලදි.

අවසන් ලකුණු: මලියදේව විද්‍යාලය 44 00 මොරටුව විද්‍යාලය

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට