සාන්ත බෙනඩික් සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජය

102

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද (19) දිනයේ දී නිමාවට පත්විය.

තර්ස්ටන් විද්‍යාලයට අභියෝග කළ දේවපතිරාජයට පළමු ඉනිමේ ජය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට්…..

ඒ තරග අතරින් එක් තරගයක් කිසිඳු ප්‍රතිඵලයක් රහිතව අවසන් වනවිට අනෙක් තරග දෙක නිමාවට පත්වූයේ සාන්ත බෙනඩික් විද්‍යාලයට සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජය හිමිකර දෙමිනි. 

සාන්ත බෙනඩික් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගත් සංචාරක වෙස්ලි විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 

තරගයේ පළමු දිනය අවසන් වනවිට සාන්ත බෙනඩික් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 51ක් ලබාගෙන යම් ස්ථාවර මට්ටමක සිටියේය. නමුත්  ඔනිල පතිරණ සහ මලින්ද පෙරේරා පන්දු යැවීමෙන් ක්‍රියාත්මක වෙමින් වෙස්ලි විද්‍යාලයේ පිතිකරුවන් පාලනය කළ නිසා ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 138කට සීමා විය. ඉනිමේ වැඩි බරක් කරට ගෙන ක්‍රීඩාකළ සාහිල් ඩයස් ලකුණු 71ක් වාර්තා කළ නමුත් ඔවුන්ගේ අනෙක් පිතිකරුවන් හට සාහිල්ට සහය වීමට අවස්ථාවක් නොලැබුනි. 

ලකුණු 18ක පළමු ඉනිමේ වාසියක් සමඟින් සිය දෙවන ඉනිම ආරම්භ කළ සාන්ත බෙනඩික් විද්‍යාලය තරගයේ දෙවන සහ අවසන් දිනය නිමා වනවිට කඩුලු 2ක් දැවී ලකුණු 52ක් රැස්කර ගෙන තරගයේ ඉදිරියෙන් සිටියේය. කෙසේ නමුත් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් මෙහි පළමු ඉනිමේ වාසිය හිමිකර ගත්තේ සාන්ත බෙනඩික් විද්‍යාල කණ්ඩායමයි. 

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 156 (56.2): තේනුක නන්දලාල් 42, අශේන් ද සොයිසා 31, කවිරු පෙරේරා 29, ෂෙහාන් ප්‍රනාන්දු 27, සෙමිල ලියනගේ 4/38. හා 59/2 (18.2): ශෙහාන් ප්‍රනාන්දු 34*.

වෙස්ලි විද්‍යාලය – 138 (63): සාහිල් ඩයස් 71, ඔනිල පතිරණ 5/32, මලින්ද පෙරේරා 3/54. 

තරගයේ පළමු ඉනිමේ ජය සාන්ත බෙනඩික් විද්‍යාලයට හිමිවිය. 

හේලීස් සහ සම්පත් මහා වැසි නොතකා ජය ලබයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව 27 වැනි වරටත් සංවිධානය කරන ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ…

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ සහිරා විද්‍යාලය 

සහිරා විදුහල් පිටියේ දී පැවති මෙම තරගයේ පළමු ඉනිම් දෙක තුළ පිතිකරුවන්ට සාපේක්ෂව පන්දු යවන්නන් ඉදිරියට පැමිණ දස්කම් පෙන්වූ අතර එහිදී සහිරා විද්‍යාලයේ ඉම්තියාස් ස්ලාසා කඩුලු 6ක් දවා ගන්නා ලදි. ඔහු ඇතුළු සහිරා විද්‍යාලයේ දක්ෂ ක්‍රීඩා විලාසය නිසා කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහරදුන් සාන්ත අන්තෝනි මුල් ඉනිම ලකුණු 131කට සීමා විය. 

එයට පිළිතුරු දුන් සහිරා විද්‍යාලය ඉනිම ආරම්භයේ දීම අසාර්ථක වූ නිසා සාන්ත අන්තෝනි පළමු ඉනිම අභිබවා ලකුණු රැස්කර ගනිමින් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව මඟහැර ගත්තේය. සහිරා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රිස්වාන් රාහීඩ් ලකුණු 34ක් ලබා ගන්නා විට, අමිත සංදීප ලකුණු 27කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. 

ලකුණු 8ක කුඩා පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට අවතීර්ණ වූ සාන්ත අන්තෝනි විද්‍යාලය, ඔවුන්ගේ අතින් පළමු ඉනිමේ දී සිදුවූ අඩුපාඩු බොහොමයක් නිවැරදි කරගනිමින් ඉතාමත් හොඳ පිතිකරණයක නිරත විය. තරගය අවසන් වනවිට නොදැවී පිතිකරණයේ නිරත වෙමින් සිටි ගිහාන් සත්මික සහ කනිෂ්ක ගිම්හාන් පිළිවෙළින් ලකුණු 73*ක් සහ ලකුණු 43*ක් ලබා ගෙන රැස්කර ගෙන සිටියහ. 

සාන්ත අන්තෝනි විද්‍යාලය – 131 (43): දිලීප් නිරෝෂන් 28, අමිත සංදීප 26, ඉමිතියාස් ස්ලාසා 6/38, මොහොමඩ් දිල්හාන් 2/28. හා 161/2 (26.3): ගිහාන් සත්මික 73*, කනිෂ්ක ගිම්හාන් 43*, ඉමිතියාස් ස්ලාසා 2/64.

සහිරා විද්‍යාලය – 123 (66.4): රිස්වාන් රාහීඩ් 34, අමිත සංදීප 4/27, රොමේෂ් සුරංග 3/23, ගිහාන් සත්මික 2/08.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (පළමු ඉනිමේ ජය සාන්ත අන්තෝනි විද්‍යාලයට හිමිවිය)

සුරූපී ක්‍රිකට් ක්‍රීඩිකාවක් එංගලන්ත – ඕස්ට්‍රේලියා රග්බි ක්‍රීඩකයින්ට මැදිවේ!

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය මේ සති අන්තයේ දී…..

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය 

තරගය ක්‍රීඩාකළ කාල ප්‍රමාණයට වඩා වර්ෂාවට බිලිවූ වේලාව වැඩිවූ මේ තරගය කිසිඳු ප්‍රතිඵලයකින් තොරව මහනුවර දී අවසන් විය. 

කාසියේ වාසිය දිනාගත් සාන්ත අන්තෝනි විද්‍යාලය පළමුව පිතිකරණයේ නිරත වීමට තීරණය කළ අතර ඔවුන්ට සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 122ක් පමණි. එහිදී මොහොමඩ් කාමිල් අර්ධ ශතකයක් ලබා ගන්නා විට සසිත් තෙන්නකෝන් ලකුණු 22ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ශෂික පෙරේරා ලකුණු 23කට කඩුලු 4ක් දවා ගන්නා ලදි. 

සාන්ත අන්තෝනි විද්‍යාලය – 122 (42.1): මොහොමඩ් කාමිල් 50, සසිත් තෙන්නකෝන් 22, ශෂික පෙරේරා 4/23, සුපුන් ප්‍රනාන්දු 3/13, නදීර ලක්ෂාන් 2/15.

තරගය ප්‍රතිඵලයකින් තොරව අවසන් විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<