සේනානායක, වෑවලවැව අවසන් සටනට

152

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බේස්බෝල් ශූරතා තරගාවලියේ තෙවැනි දිනය ඊයේ (01) නිමාවට පත්විය. එදින දෙවන වටයේ තරග 4ක් සහ දෙවන අවසන් පූර්ව තරගය පැවැත්විය.

වෑවලවැව අපරාජිතව පෙරමුණේ

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු …..


තෙවන දිනය – දෙවන වටයේ තරග

ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය

මෙම තරගයෙන් ගාල්ල මහින්ද විද්‍යාලය ලකුණු 03-08ක් ලෙස පරාජයට පත්කරමින් ජයග්‍රහණය හිමිකර ගැනීමට ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය සමත් විය. තරගාවලිය තුළ තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් ගාල්ල මහින්ද විද්‍යාලයට මෙම තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය

මෙම තරගයේ නියමිත කාලය අවසන් වන විට ලකුණු 12-10ක් ලෙස ඉදිරියෙන් සිට ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වූයේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයයි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය මෙම තරගාවලිය තුළ තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

කොළඹ නාලන්දා විද්‍යාලය සහ ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය

මෙම තරගයෙන් ලකුණු 12-14ක් ලෙස කොළඹ නාලන්දා විද්‍යාලය පරාජයට පත්කර ජයග්‍රහණය හිමිකර ගැනීමට ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය සමත් විය. මෙවර තරගාවලිය තුළ තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් කොළඹ නාලන්දා විද්‍යාලයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

තවත් බේස්බෝල් ශූරතාවයක් හෙටින් ඇරඹේ

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු…..


කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය

අර්ධ අවසන් පූර්ව තරගයක් වූ මෙම තරගයෙන් ලකුණු 11-04ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් විය. ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය මෙවර තරගාවලිය තුළ තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

දෙවන අවසන් පූර්ව තරගය – කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය

ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ ජයග්‍රහණය කිහිපවරක් කණ්ඩායම් දෙක අතර දෝලනය විය. නමුත් තරගයට ආලෝක තත්වයේ ගැටලු පැමිණීම හේතුවෙන් ඒ වන විට ක්‍රීඩා කර තිබූ ඉනිම් 5 තුළ ලකුණු 12-09ක් ලෙස ඉදිරියෙන් සිටි කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට ජයග්‍රහණය හිමි විය.

ඒ අනුව මෙවර සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බේස්බෝල් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලයට හිමි විය.

බටහිර ආසියාවේ බේස්බෝල් ගැටුමට පෙර

මෙවර “බටහිර ආසියානු බේස්බෝල් කුසලානය……


මෙවර සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බේස්බෝල් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය අද (02) දින පෙ.ව. 8.30 සිට අලිවංගුව මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

අවසන් තරගයේ තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානමින් සිටි. රැඳී සිටින්න ThePapare.com සමඟම.     

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<