RUN 2019 – සාර්ථකව නිමාවෙයි

229

මහනුවර Rotaract සමාජය සමගින් මහනුවර ගේට්වේ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් තේමා කර ගත් RUN 2019 වැඩසටහන පසුගිය දා මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විය.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වැදගත් පණිවිඩ රැසක් ලබා දෙන checkpoints 14කින් සමන්විත වූ මේ සඳහා කණ්ඩායම් 25ක් සහභාගි වීම විශේෂත්වයකි.

RUN 2019

මහනුවර Rotaract සමාජය හා මහනුවර ගේට්වේ….

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මේ තරගය කැන්ඩි සිටි සෙනටර්, රැජිණ හෝටලය, café the vibe, ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහනුවර ගිනි නිවන හමුදා මූලස්ථානය වැනි ස්ථාන 14ක් සම්බන්ධ කරගනිමින් පැවැත්විය.

මෙහි දී තරගකරුවන්ට මුහුණ දීමට සිදු වූ අභියෝග‍යන් අතර ත්‍රාසජනක ක්‍රීඩා රැසක් අන්තර්ගත වූ අතර ජල ක්‍රීඩා හා කඹ මතින් යමින් කළ යුතු අභියෝගයන් ද අන්තර්ගත විය.

දැඩි උද්‍යෝගිමත් තරගාවලියක් වූ මෙහි දී තරගකරුවන් කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කරමින් අභියෝගයන්ට මුහුණ දෙන ආකාරයක් තරගය පුරාම දක්නට ලැබුණි.

තරග අවසානයේ දී ලකුණු 238ක් ලබා ගත් EMPISSA කණ්ඩායම තරගයේ ප්‍රථම ස්ථානය ලබාගත් අතර ඔවුන්ට මුදලින් රු. 50000ක ත්‍යාගයක් හිමි විය.

තරගයේ දෙවන හා තුන්වැනි ස්ථාන සඳහා දැඩි තරගයක් පැවති අතර එහි දී ලකුණු 201.1 ක් ලබා ගත් TEAM DEFENDERS කණ්ඩායම දෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය. ඔවුන්ට හිමි වූ ත්‍යාගය මුදලින් රු. 20000කි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ලකුණු 0.1ක පරතරයක් සමඟින් තරගය නිමා කළ AVALANCHERS කණ්ඩායමට තුන්වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

සාර්ථක වැඩසටහනක නිමාව එසේ සටහන් වූ අතර උද්වේගකර, උද්‍යෝගිමත්, කණ්ඩායම් හැඟීම මුසු වූ තරගයක් දවස පුරාම පැවැත්විය.

මහනුවර ROTARACT සමාජය සමඟින් මහනුවර ගේට්වේ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ මෙම දැවැන්ත වැඩසටහන මීළඟ වසරේ දී ද සංවිධානය කිරීමට ඔවුන් අදහස් කරයි.

තරගකාරී ජවය සපිරි මෙවන් වැඩසටහන් පිළිබඳව තවත් තොරතුරු ගෙන ඒමට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න අප සමඟින්.

>>තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට<