වෑවලවැව අපරාජිතව පෙරමුණේ

231

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බේස්බෝල් ශූරතා තරගාවලිය පෙරේදා (29) ආරම්භ විය. එදින පළමු වටයේ තරග 11ක් සහ දෙවන වටයේ තරග 5ක් පැවැත්වුණු අතර ඊයේ දිනයේ තරග 9ක් පැවැත්විය.

මේ වන විට තරගාවලිය තුළ අපරාජිතව සිටිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය සමත් විය.

තවත් බේස්බෝල් ශූරතාවයක් හෙටින් ඇරඹේ

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ……

පළමු දිනය – පළමු වටයේ තරග

දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය

නියමිත වේලාව (පැය 1 මිනිත්තු 30) අවසන් වන විට කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින් ලකුණු 5-7ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට පසුගිය වසරේ ශූරයින් වූ දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය සමත් විය.

බෙන්තොට ගාමිණී විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය

මෙම තරගයෙන් ලකුණු 5-6ක් ලෙස බෙන්තොට ගාමිණී විද්‍යාලය පරාජය කරමින් තියුණු ජයක් හිමිකර ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත් විය.

කොළඹ නාලන්දා විද්‍යාලය සහ මාතලේ විජය විද්‍යාලය අතර තරගය

තරගයේ ඉනිම් 3ක් අවසානයේ ලකුණු 19-00ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත් විය.

ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරගය

නියමිත කාලය අවසන් වන විට ලකුණු 16-03ක් ලෙස ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයට පහසු ජයග්‍රහණයක් හිමි විය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මාගෙදර ද්විතීයික පාසල අතර තරගය

මෙම තරගයෙන් මාගෙදර ද්විතීයික පාසල පරාජය කරමින් ලකුණු 02-11ක් ලෙස ජයග්‍රහණය හිමි වූයේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයටයි.

අලිවංගුව මධ්‍ය මහා විද්‍යාලය සහ කුණ්ඩසාලේ ජාතික පාසල අතර තරගය

මෙවර සත්කාරකත්වය දරන අලිවංගුව මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 10-12ක් ලෙස පරාජයට පත්කරමින් තරගය ජය ගැනීමට කුණ්ඩසාලේ ජාතික පාසල සමත් විය.

මැදිරිගිරිය ජාතික පාසල සහ පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය අතර තරගය

මෙම තරගයෙන් මැදිරිගිරිය ජාතික පාසල ලකුණු 8 – 12ක් ලෙස පරාජයට පත්කරමින් තරගය ජය ගැනීමට පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය සමත් විය.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ සම්පත්නුවර මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය

මෙම තරගයෙන් ලකුණු 22-02ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් වූයේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල කණ්ඩායමයි.

කොළඹ රාජකීය විද්‍යාලය සහ බෙන්තොට ගාමිණී විද්‍යාලය අතර තරගය

මෙම තරගයෙන් ලකුණු 15-02ක් ලෙස ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලයට හිමි වූ අතර තරගාවලිය තුළ තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් බෙන්තොට ගාමිණී විද්‍යාලයට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

මාතලේ විජය විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරගය

මෙම තරගයේ ඉනිම් 3ක් අවසානයේ ලකුණු 17-02ක් ලෙස ඉදිරියෙන් සිටි මහනුවර ධර්මරාජ විද්‍යාලයට ජයග්‍රහණය හිමි විය. තරගාවලිය තුළ තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් මාතලේ විජය විද්‍යාලයට මෙම තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

මාගෙදර ද්විතීයික පාසල සහ අලිවංගුව මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය

නියමිත කාලය අවසන් වන විට ලකුණු 07-06ක් ලෙස ඉදිරියෙන් සිටි සත්කාරක අලිවංගුව මධ්‍ය මහා විද්‍යාලයට ජයග්‍රහණය හිමි වූ අතර මෙවර තරගාවලිය තුළ තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් මාගෙදර ද්විතීයික පාසලට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

බටහිර ආසියාවේ බේස්බෝල් ගැටුමට පෙර

මෙවර “බටහිර ආසියානු ……..

පළමු දිනය – දෙවන වටයේ තරග

දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය

මෙම තරගයේ ඉනිම් 3ක් අවසානයේ ලකුණු 21-03ක් ලෙස ඉදිරියෙන් සිටි දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලයට ජයග්‍රහණය හිමි විය.

කොළඹ නාලන්දා විද්‍යාලය සහ ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය

මෙම තරගයෙන් ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය පරාජයට පත්කරමින් ලකුණු 09-06ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත් විය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කුණ්ඩසාලේ ජාතික පාසල අතර තරගය

මෙම තරගයේ නියමිත කාලය අවසානයේ ලකුණු 09-01ක් ලෙස ඉදිරියෙන් සිටි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ජයග්‍රහණය හිමි විය.

පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගය

මෙම තරගයෙන් ලකුණු 15-05ක් ලෙස පහසු ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වූයේ පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාල කණ්ඩායමයි.

Photos: Under 16 Boys All Island School Baseball Championship 2019 Opening Ceremony

දෙවන දිනය – පළමු වටයේ තරග

සම්පත්නුවර මධ්‍ය මහා විද්‍යාලය සහ මැදිරිගිරිය ජාතික පාසල අතර තරගය

මෙම තරගයෙන් ලකුණු 17-16ක් ලෙස ඉතා තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් වූයේ මැදිරිගිරිය ජාතික පාසලයි. සම්පත්නුවර මධ්‍ය මහා විද්‍යාලය තරගාවලිය තුළ තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් මෙම තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය

මෙම තරගයෙන් ලකුණු 15-02ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගැනීමට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් වූ අතර තරගාවලිය තුළ තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයට මෙම තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කුණ්ඩසාලේ ජාතික පාසල අතර තරගය

මෙම තරගයෙන් ලකුණු 17-08ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගැනීමට කුණ්ඩසාලේ ජාතික පාසල සමත් විය. ඒ අනුව තරගාවලිය තුළ තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලයට මෙම තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ අලිවංගුව මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය

අලිවංගුව මධ්‍ය මහා විද්‍යාලය පරාජය කරමින් ලකුණු 06-07ක් ලෙස තියුණු ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය සමත් විය. අලිවංගුව මධ්‍ය මහා විද්‍යාලය මෙම තරගාවලිය තුළ තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

ගාල්ල මහින්ද විද්‍යාලය සහ මැදිරිගිරිය ජාතික පාසල අතර තරගය

මෙම තරගයෙන් මැදිරිගිරිය ජාතික පාසල පරාජය කරමින් ලකුණු 12-14ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත් විය. ඒ අනුව මෙවර තරගාවලිය තුළ තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් මැදිරිගිරිය ජාතික පාසලට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කුණ්ඩසාලේ ජාතික පාසල අතර තරගය

මෙම තරගයෙන් ලකුණු 13-06ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගැනීමට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් විය. මෙම තරග පරාජයත් සමඟ තරගාවලිය තුළ තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් කුණ්ඩසාලේ ජාතික පාසලට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

බේස්බෝල් ක්‍රීඩාවෙන් රට නැවත එකතු කරමු

ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල් සංගමය (SLABSA) විසින් …..

දෙවන දිනය – දෙවන වටයේ තරග

දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර තරගය

මෙවර තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය ලෙස දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය තරග වැදුණු අතර එහි දී ලකුණු 19-02ක් ලෙස කොළඹ නාලන්දා විද්‍යාලය පරාජය කරමින් ජයග්‍රහණය හිමි කර ගැනීමට දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය සමත් විය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය අතර තරගය

තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගය වූ මෙම තරගයෙන් ලකුණු 9 -0ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගැනීමට පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය සමත් විය.

පළමු අවසන් පූර්ව තරගය – දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය සහ පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය

මෙම තරගය පැය දෙකක කාලයක් සහ ඉනිම් 7ක් ඇතුළත් වූ අතර නියමිත කාලය අවසන් වන විට ලකුණු 22-08ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය සමත් විය. ඒ අනුව පසුගිය වසරේ ශූරයින් වූ දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය මෙව රද අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මෙවර සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බේස්බෝල් ශූරතා තරගාවලියේ අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය පිළිවෙළින් හෙට (01) දිනයේ සහ අනිද්දා (02) දිනයේ පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ තරග වාර්තා සහ ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානමින් සිටි. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<