දිනේෂ් චන්දිමාල්ට මීළඟ විස්සයි විස්ස තරග දෙක අහිමි වේ?

134
Sri Lanka

“ඉතා සැලකිය යුතු අඩු පන්දුවාර වේගය” නිසා ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් හට නිදහස් කුසලානයේ ඉන්දියාවට එරෙහිව තරගය (12) හා බංගලාදේශය සමඟ තරගය (16) අහිමි වනු ඇත.

[rev_slider LOLC]

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ්ට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (10) R. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී බංගලාදේශයට එරෙහිව පැවති තරගයේ දී නියමිත කාලය තුල දී පන්දුවාර හතරක් අඩුවෙන් යවා තිබීම නිසා නායක චන්දිමාල් හට මෙම තහනම පැනවීමට තීරණය කර තිබේ.

පරදින තෙක්ම නොදුටු පැතිකඩ

අතේ තිබූ දේ කටට දාගත නොහැකි වූවා වාගේ යන පැරණි කියමන යළි සිහිගන්වමින්

තෙවන විස්සයි විස්ස තරගයේ දී ලකුණු 215ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩයම මුෂ්ෆිකර් රහිම්ගේ පන්දු 35ක් තුල වාර්තා වූ ලකුණු 72න් බලගැන්වුණු අතර බංගලාදේශ ලකුණු වේගය අඩු කිරීම සඳහා වරින්වර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිටිය තුල සාකච්ඡා පවත්වනු දක්නට ලැබුණි. එය ද නියමිත කාලයට පන්දුවාර විස්ස යවා නිමකිරීමට නොහැකි වීමට හේතුවක් විය.      

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම පද්ධතියේ 2.5.2 පරිච්ඡේදයට අනුව නියමිත කාලය තුල දී පන්දුවාර දෙකක් අඩුවෙන් යැවීම නිසා ක්‍රීඩකයින් හට සිය තරග ගාස්තුවෙන් 10%ක දඩ මුදලක් නියම කරන අතර, පන්දුවාර දෙකට වැඩි වන සෑම අවස්ථාවකම එක් පන්දුවාරයකට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් ද නියම වේ. මීට අමතරව පෙර කී වරද නිසා කණ්ඩයමේ නායකයාට තරග දෙකක අයහපත් ලකුණු දෙකක් ද හිමි වේ.   

මෙම අයහපත් ලකුණු දෙක හේතුවෙන් එම ක්‍රීඩකයා එක් ටෙස්ට් තරගයක් එක්දින තරග දෙකක් හෝ විස්සයි විස්ස තරග දෙකක තහනමකට ලක් කළ හැකි අතර, පළමුවෙන්ම මුහුණ දීමට ඇති තරග ආකෘතියෙන් එම තහනම ක්‍රියාත්මක වන නිසා දිනේෂ් චන්දිමාල් හට නිදහස් කුසලානයේ මීළඟ විස්සයි විස්ස තරග දෙක අහිමි වනු ඇත. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩයමේ සියලුම ක්‍රීඩකයෝ තරග ගාස්තුවෙන් 60%ක දඩයකට යටත් වනු ඇත.

කුසල්ලාගේ සිහින රහීම්ගේ ප්‍රහාරයෙන් සුනුවිසුනු වෙයි

තරගය ජය ගැනීමට සඳහා වෙනසක් අත්‍යවශ්‍ය වූ මෙම තරගයේ දී තමීම් ඉක්බාල්

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර අද (11) තරග නිලධාරීන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් හා පැවැත්වෙන විභාගයකින් අනතුරුව තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් සිය තීරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

පෙර තරගාවලිවල දී ද ශ්‍රී ලංකා කණ්ඩයම මෙම වරදටම හසුවී ඇති අතර මාස 12ක කාලයක් ඇතුලත නැවත වරක් දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේ මෙම වරදටම හසුවුවහොත් චන්දිමාල් හට අයහපත් ලකුණු 2 සිට 8 දක්වා සංඛ්‍යාවක් හිමිවනු ඇත.

උපනායක ලෙස නම් කළ සුරංග ලක්මාල් තවමත් තරගාවලියේ කිසිදු තරගයක් ක්‍රීඩා කර නොමැති නිසා හා 2017 දී කණ්ඩයම මෙහෙයවූ උපුල් තරංග ද අයහපත් ලකුණු යටතේ සිටින නිසා තිසර පෙරේරා හට මීළඟ තරගයේ නායකත්වය හිමි වනු ඇතැයි විශ්වාස කෙරේ.

ටෙස්ට් කණ්ඩයමේ නායක ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල් ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම නිසා විස්සයි විස්ස හා එක්දින නායකත්වයට පත් කෙරුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<