ශා. තෝමස් කණ්ඩායමත් අවසන් පූර්ව වටයට

288
St. Thomas College vs De Mazenod College

සිංගර් කුසලාන වසය අවුරුදු 15න් පහල ක්‍රිකට් තරගාවලියේ තවත් අර්ධ අවසන් පූර්ව තරගයක් ඊයේ අවසන් විය. එහිදී කඳාන ද මැසිනොද් විද්‍යාලය අභිබවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.

පසුගිය ලිපි: වේල්ස් කුමර, ශා. සෙබස්තියන් අවසන් පූර්ව වටයට

කඳාන ද මැසිනොද් ක්‍රීඩාංගනයේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශා. තෝමස් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට මැසිනොද් කණ්ඩායමට ආරාධනා කරන ලදී. ඔවුන් පළමු ඉනිමට සියල්ලන් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 205කි. ෂෙනාල් ඩි මොරායස් අර්ධ ශතකයක් සහ සිහින සිතුමිණ නොදැවී ලකුණු 43ක් ලබා ගන්නට සමත් විය. පන්දු යැවීමේදී ඩෙල්මින් රත්නායක කඩුලු 4ක් සහ දිනෙත් වන්නිආරච්චි කඩුලු 2ක් බිඳහෙලන ලදී.

පිළිතුරු ලෙස පළමු ඉනිම ආරම්භ කළ තෝමසුවන් ඊයේ  දිනයට තරගය නතර කරන විට කඩුලු 2ක් පමණක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 123කි. අද දිනය තුළ මැසිනොද් පන්දු යවන්නන් හට අනුකම්පා විරහිතව පහර දුන් ශාන්ත තෝමස් පිතිකරුවන් දිනය පුරා පන්දුවට පහර දෙමින් පළමු ඉනිමේ ජයක් සමග අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන් කරගන්නට සමත් විය. ශලීන් ද මෙල් හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟ වේගවත් ශතකයක් වාර්තා කල අතර මොහොමඩ් ඉෂාක් සහ ගෙවින් බොතේජු අර්ධ ශතක රැස් කරන ලදී.

ලකුණු පුවරුව

ද මැසිනොද් විදුහල – පළමු ඉනිම –  සියල්ලන් දැවී – 205 (59.3) ෂෙනාල් ඩි මොරායස් – 50, සිහින සිතුමිණ – 43*, අදීප නානායක්කාර – 39, ඩෙල්මින් රත්නායක – 4/64, දිනෙත් වන්නිආරච්චි – 2/14

ශා. තෝමස් විද්‍යාලය – පළමු ඉනිම –  365/7 (85) ශලීන් ද මෙල් – 100 (ඉනිම අත්හිටුවන ලදී), මොහොමඩ් ඉෂාක් – 68, ගෙවින් බොතේජු – 68, මලිත්‍ර විමලසූරිය – 42, මාක් මතායස් – 3/87

ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාල අවුරුදු 15න් පහළ කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට