රතු කාඩ් සමඟින් උණුසුම් වූ තරගයක ජයග්‍රහණය කොළඹට

788
Dialog Champions League 2016/17

සර්වාන් ජොහාර් අවසන් මිනිත්තුවේදී ලබා ගත් ගෝලයත් සමඟ ප්‍රභල යුධ හමුදා කණ්ඩායම පරාජය කරමින් ගෝල 02-01ක් ජයග්‍රහණය වාර්තා කරන්නට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අදින් ආරම්භ වූ ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සිව්වන සතියේ පළමු තරගයෙනි. කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවුනු මෙම තරගය, තරග සමය තුල පැවති තියුණුතම තරගය ලෙස නම් කල හැකිය.

කොළඹ ක්‍රීඩකයෝ ගුවන් බලය පරාජය කරයි

ගුවන් හමුදා ක්‍රීඩකයින්ව පරාජය කරමින් කොළඹ පාපන්දු සමාජය අද (17) ජයග්‍රහණය අත්පත් කරගත්තේ පරාජිත පිලට වඩා එක් ගෝලයක් වාර්තා…

ලීග් ශූරයින් වූ කොළඹ ක්‍රීඩා සමාජය ගුවන් හමුදාව ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් පෙරමුණ ගැනීමට ගිය සතියේදී සමත් වූ අතර යුධ හමුදාව ද රිනවුන් ක්‍රීඩා සමාජය හමුවේ ගෝල 3-0ක් ලෙසින් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය.

යුධ හමුදා සෙබළුන්ගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර තරගය ආරම්භයේදීම නිදහස් පහරක් ලබා ගන්නට කොළඹ පාපන්දු සමාජය සමත් වුවත් එය සාර්ථකව රැක ගන්නට යුධ හමුදා සෙබළුන් සමත් විය.

මොහොමඩ් ඉසඩීන් හට සිය කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කලද විනිසුරුවරයා නිවේදනය කලේ එය සාර්ථක ගෝලයක් නොවන බවයි.

තරගයේ 13වැනි මිනිත්තුවේදී ඩේවිඩ් ගෝලයක් වාර්තා කිරීමට ඉතා ආසන්නවුවත් පන්දුව දැල තුලට නිසි පරිදි එල්ල කරන්නට ඔහුට නොහැකි විය.

තරගය වඩාත් උණුසුම් කරමින් යුධ හමුදා ගෝල රකින්නා වන කුමාර සිරිසේන හට රතු කාඩ්පතක් විනිසුරුවරයා නිකුත් කරන්නේ කොළඹ ක්‍රීඩක නගුරු මීරා සමඟින් ක්‍රීඩා කල ආකාරය හෙලා දකිමිනි. යුධ හමුදාව දැඩි පීඩනයකට ලක්කරමින් සිරිසේනව තරගයෙන් ඉවත් කල අතර ඒ වෙනුවට පුන්සර තිනුර එක් කරන ලදී.

තරගයේ මිනිත්තු 25ක් යන තුරුත් ගෝලයක් වාර්තා කරන්නට දෙපිලෙහිම ක්‍රීඩකයින් අසමත් වූ අතර තියුණු සටනකින් පසුව කොළඹ ක්‍රීඩා සමාජයේ මොමාස් යපො ගෝලයක් වාර්තා කරමින් ලකුණු පුවරුව සක්‍රීය කලේ යුධ හමුදාවට තවත් පීඩනයක් එල්ල කරමිනි.

තරගාවලියේ කණ්ඩායම් දෙකම රතු කාඩ්පතින් අතින් සමාවන්නේ, කොළඹ ක්‍රීඩා සමාජයේ දැල් රකින්නා වන මොහොමඩ් ඉම්රාන් හටත් රතු කාඩ්පතක් නිකුත් කිරීමෙනි. සාජිත් කුමාරගේ මුහුණට එල්ල කල පහරක් හේතුවෙන් විනිසුරුවරයා එම තීරණය නිකුත් කරන ලදී.

කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් සංඛ්‍යාව සමාන කරමින් නැවතත් තරගය ආරම්භ වූ අතර ප්‍රථම අර්ධය නිමාවන තෙක් ලකුණු පුවරුවේ නම් වෙනසක් සිදුවූයේ නැත.

ප්‍රථම අර්ධය: කොළඹ පාපන්දු සමාජය 01 – 00 යුධ හමුදා ක්‍රීඩා සමාජය

දෙවැනි අර්ධයේ ආරම්භයේ සිටම යුධ හමුදා ක්‍රීඩකයින් ලකුණු පරතරය සමාන කිරීමට වෙර දරණ බවක් පෙන්නුම් කල අතර කොළඹ ක්‍රීඩකයින් යුධ හමුදා ක්‍රීඩකයින්ව මෙල්ල කරමින් ක්‍රීඩා කරන ලදී.

තරගයේ 56 වැනි මිනිත්තුවේදී යුධ හමුදා කණ්ඩායමේ නායක මධුෂාන් ද සිල්වා හට කහ කාඩ්පතක් ලබා දෙන ලදී.

Photos: Colombo FC v Army SC | Super 8 | DCL16

තරගයේ 56 වැනි මිනිත්තුවේදී යුධ හමුදාවේ උත්සාහය සාර්ථක වන්නේ කෝන අවස්ථාවක් මඟින් මධුෂාන් ද සිල්වා ලබා ගත් ගෝලයත් සමඟිනි.

තරගයේ ඉතාමත් තියුණු මිනිත්තු කිහිපය ආරම්භ වූයේ ඉන්පසුවයි. ජයග්‍රහණය කරා ක්‍රීඩකයින් පන්දුව පසුපස හඹා ගිය අතර කොළඹ ක්‍රීඩා සමාජයේ දක්ෂ ක්‍රීඩක සර්වාන් ජෝහාර් සිය වික්‍රමයන් විදහා දක්වමින් තරගය අවසන් විමට මොහොතකට පෙර ගෝලයක් වාර්තා කරමින් කොළඹ සමාජය ඉදිරියට රැගෙන එන ලදී.

නියමිත කාලය අවසන් වූ බවට විනිසුරුවරයා සංඥා කරන විට ගෝල 02-01ක් ලෙස පෙරමුණ ගත් කොළඹ ක්‍රීඩා සමාජයට ජයග්‍රහණය හිමිවන ලදී.

අවසන් ලකුණු තත්වය: කොළඹ පාපන්දු සමාජය 02 – 01 යුධ හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: නිරාන් කණිෂ්ක

ගෝල වාර්තා කිරීම්
කොළඹ ක්‍රීඩා සමාජය – මොමාස් යපෝ 25, සර්වාන් ජොහාර් 83
යුධ හමුදා ක්‍රීඩා සමාජය – බණ්ඩාර වරකාගොඩ 71

රතු කාඩ්පත්
යුධ හමුදාව – කුමාර සිරිසේන 22
කොළඹ ක්‍රීඩා සමාජය – මෙහොමඩ් ඉම්රාන් 34

කහ කාඩ් පත් – දුෂාන් ද සිල්වා 56 (යුධ හමුදාව)

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට