වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයට පිවිසි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගේ පළමු කාණ්ඩයේ තමන් සහභාගී වීමට සිටි පළමු තරගය වර්ෂාව හේතුවෙන් අහිමි ව ගියා.
ස්කොට්ලන්තය සමඟ Kuala Lumpur හී Bayuemas Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබු මෙම තරගයට ඇද වැටුණ වර්ෂාව හේතුවෙන් එකඳු හෝ පන්දුවක් නොයවා ම නතර කර දැමීමටයි සංවිධායකයන්ට සිදු වූයේ.
කෙසේ වෙතත් ඊට පසුව පැවැති බංග්ලාදේශය සහ ඉන්දියාව අතර තරගය පන්දුවාර 7කට සීමා කරමින් පැවැත්වීමට සංවිධායකයන්ට හැකි වුණා. එම තරගයෙන් ඉන්දියාව තව දුරටත් අපරාජිතයන් බවට පත් වෙමින් බංග්ලාදේශයට එරෙහි ව කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
ඒ අනුව සැකසුන ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ප්‍රසාද ලකුණු 6ක් සහ ලකුණු ලබා ගැනීමෙ දළ ලකුණු ලබා ගැනීමේ වේගය 4.567ක් ලෙසින් පවත්වාගෙන යනු ලබන ඉන්දියාව ද, 2 වැනි ස්ථානය ප්‍රසාද ලකුණු 6ක් සමඟින් දළ ලකුණු ලබා ගැනීමේ වේගය 2.176ක් ලෙසින් රඳවා ගෙන සිටින ඕස්ට්‍රේලියාව ද රැඳී සිටිනවා.
මෙම ලැයිස්තුවේ 3 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත් ව සිටින්නේ ප්‍රසාද ලකුණු 3ක් සහ ලකුණු ලබා ගැනීමේ දළ වේගය 0.525ක් සේ රඳවා ගනිමිනුයි.
- කමිඳු ICC නැගී එන ක්‍රීඩකයා සම්මානය හිමි කර ගනී
- සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන්
- ශ්‍රී ලංකාව ඉන්දියාවට පරාජය වෙයි
- කැංගරුවන්ගේ සිංහ දේශ සංචාරය
- ශ්‍රී ලංකා යෞවනියෝ 2 වැනි තරගයත් පහසුවෙන් ම ජය ගනී
ශ්‍රී ලංකාව සුපිරි 6 වටයේ සහභාගී වන මීළඟ තරගය යෙදී ඇත්තේ ද ඕස්ට්‍රේලියාව සමඟිනුයි. එම තරගය ජනවාරි 29 වැනිදා Bangi හී YSD-UKM Cricket Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.
වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<