Home Sinhala පැතුම්, චන්දිමාල් සහ චරිත්ගේ සටන්කාමී ඉනිම් ශ්‍රී ලංකාවට ජය ගෙනේ

පැතුම්, චන්දිමාල් සහ චරිත්ගේ සටන්කාමී ඉනිම් ශ්‍රී ලංකාවට ජය ගෙනේ

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය - 2022

1245
SLvZIM

පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල් සහ චරිත් අසලංකගේ සටන්කාමී ඉනිම් හේතුවෙන් අද (16) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 296ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් පන්දු 8ක් ඉතිරිව තිබිය දී කඩුලු 5කට ලකුණු 299ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා ඉනිමේ දී පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල් සහ චරිත් අසලංක අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් කැපී පෙනෙන වැඩ කොටසක් කළා.

තරගය ආරම්භයේ දී කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායකයාගේ අදහස වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමයි. ඒ අනුව පිටියට පිවිසි ක්‍රීඩකයන් අතුරින් වඩාත් වාසි සහගත තත්ත්වයක් උදා කර ගත්තේ Sean Williams. ඔහු මෙම තරගයේ දී තම එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 6 වැනි ශතකය මෙන් ම 4000 වැනි එක්දින ලකුණු සිමාව ද පසු කිරීමට සමත් වුනා.

චාමික කරුණාරත්නගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් 8 වැනි කඩුල්ල ලෙසින් ඔහු දැවී යන විට පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 100ක් ලබා සිටියා.

  • ශ්‍රී ලංකා කණ්ඩායම; දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා) කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ජෙෆ්රි වැන්ඩර්සේ, මහීෂ් තීක්ෂණ, චාමික ගුණසේකර, නුවන් ප්‍රදිප්
  • සිම්බාබ්වේ කණ්ඩායම; Craig Ervine (නායක) Takudzwanashe Kaitano, Regis Chakobva (කඩුලු රකින්නා) Sean Williams, Wessley Madhevere, Sikandar Raza, Ryan Burl, Wellington Masakadza, Tendai Chatara, Blessing Muzarabani, Richard Ngarava

සිම්බාබ්වේ ඉනිම ආරම්භ කළේ කෝඩුකාර Takudzwanashe Kaitano සහ Regis Chakobva. ඔවුන් දෙදෙනා කිසිදු අපහසුවකින් තොරව පන්දුවට පහර දුන් අතර ඉනිමේ පළමු ලකුණු 50 වෙනුවෙන් ඔවුන් වැය කළේ පන්දු 63ක් පමණයි.

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක සබඳතාවක් එක් කිරීමට ඔවුන් සමත් වූ අතර එහි සබඳතාව බිඳ දැමුවේ ජෙෆ්රි වැන්ඩර්සේයි. කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ Takudzwanashe Kaitano තම මංගල ඉනිමේ දී පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා.

නැවත ලකුණු පුවරුවට ලකුණු 30ක් එකතු වෙද්දී ප්‍රතිවාදී ඉනිමේ දෙවැනි කඩුල්ල දවා ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත් වුනා. ඒ නායක Craig Ervineගේ (9) කඩුල්ල දවා ගනිමින්.

තෙවැනි කඩුල්ලේ දී ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට Regis Chakobva සහ Sean Williams සමත් වුනා. ආරම්භක පිතිකරු Regis Chakobva තම එක්දින ජාත්‍යන්තර දිවියේ තෙවැනි අර්ධ ශතකය රැස් කිරීමට සමත් වූ අතර ඔහු තෙවැනි කඩුල්ල ලෙසින් දැවී යන පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 72ක් ලබා සිටියා.

ඔහුගේ කඩුල්ල දවා ගැනීමේ භාග්‍ය ජෙෆ්රි වැන්ඩර්සේට හිමි වුනා. කලකට පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙමින් කඩුලු රැකීමේ අත් ආවරණ ද හිමි වූ කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් දවා ගනිමින් ඊට දායකත්වය දැක්වූවා.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

සිව්වැනි කඩුල්ල චාමික කරුණාරත්නට හිමි වූවේ Wessley Madhevere දවා ගැනීමත් සමඟින්. ඔහු ලකුණු 20ක් ලබා සිටියා. ඒ වෙද්දී සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ලකුණු 200 සීමාවට තවත් ලකුණු දෙකක් එකතු කර ගෙන සිටියා.

අනතුරුව 5 වැනි කඩුල්ල ලකුණු 248ක් වෙද්දී දවා ගැනීමට නුවන් ප්‍රදීප් සමත් වුනා. ඒ Sikandar Raza (18) කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින්. එම පන්දු වාරයේ දී ම Ryan Burlගේ ඉනිම ද ලකුණු 4කට සීමා කිරීමට නුවන් සමත් වුනේ දසුන් ශානක ලබා ගත් උඩ පන්දුවක් හේතුවෙන්.

7 වැනි කඩුල්ලට Wellington Masakadza දුවද්දී දවා ගැනීමට චාමික කරුණාරත්න සමත් වුනා. Sean Williams අවසන් පන්දු වාරයේ දී දවා ගත් චාමික එම පන්දු වාරයේ ම සිව්වැනි පන්දුවේ දී Blessing Muzarabani (3) දවා ගත්තා.

සිම්බාබ්වේ ඉනිම අවසන් වන විට Tendai Chatara නොදැවී ලකුණක් ද Richard Ngarava පන්දු දෙකකට එල්ල කළ හයේ සහ හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී චාමික කරුණාරත්න ලකුණු 69කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව නුවන් ප්‍රදීප් සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2 බැගින් ද, කමිඳු මෙන්ඩිස් කඩුල්ලක් ද ලබා ගත්තා.

අද තරගයේ ආරම්භක දෙවැනි වේගපන්දු යවමින් ජාත්‍යන්තර පිටියට එක් වූ චාමික ගුණසේකර යැවීමට හැකි වූයේ එක් පන්දු වාරයක් පමණයි. කලවේ ඇති වූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඔහුගේ මංගල තරගය ලකුණු 8කින් නිමා කළ එක් පන්දු වාරයකට සීමා වුනා.

ලකුණු 297ක හඹා යන ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස්. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මාස 7ක තරග තහනම නිමා කරමින් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් අද තරගයේ දී පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා. ඔහු දැවි යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 40ක් ලෙසින්.

අංක එක පිතිකරු ලෙසින් පිටියට පිවිසියේ කමිඳු මෙන්ඩිස්. ඔහුගේ ඉනිම ලකුණු 17කට සීමා වුනා. පන්දු 24ක් වැය වූ එම ඉනිමට  හතරේ සහ හයේ පහරක් බැගින් ඇතුලත් ව තිබුණා. එම ඉනිම ඔහුගේ එක්දින තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් වුනා. කමිඳු සහ පැතුම් අතර දෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 41ක්.

අනතුරුව පිටියට පිවිසියේ දිනේෂ් චන්දිමාල්. ඔහු එකතු වූ තෙවැනි කඩුල්ලේ සබඳතාව නිමා වූයේ පැතුම්ගේ වාසියට ලබා දුන් තීරණයක් අභියෝගයට ලක් කල සිම්බාබ්වේ ක්‍රීඩකයෝ තමන් වෙත එම අවස්ථාව ලබා ගනිමින්.

ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 147 නතර වී තිබූ අතර තෙවැනි කඩුල්ලට සබඳතාව පන්දු 64කින් වාර්තා වූ ලකුණු 66ක් ව පැවැතුණා.

පැතුම් මෙරට දී සහභාගී වූ තම පළමු එක්දින ජාත්‍යන්තර තරගය මෙයයි. තම එක්දින ජාත්‍යන්තර මංගල අර්ධ ශතකය 48 වැනි පන්දුවේ දී වාර්තා කළ පැතුම් දැවී යන විට පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 75ක් ලබා සිටියා. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ හොඳම ඉනිම බවට ද පරිවර්තනය වුනා.

එතැන් සිට චන්දිමාල්ට එක් වූයේ චරිත් අසලංකයි. ඔවුන් දෙදෙනා එක් ව තරගයේ පාලනය තමන් වෙත නතු කර ගත්තේ පන්දු 130කට ලකුණු 129ක සබඳතාවක් සිව්වැනි කඩුල්ලට එක් කර ගනිමින්.

චන්දිමාල් අද තරගයේ දී තම 24 වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළ අතර ජයග්‍රහණය පෙනි පෙනි තිබිය දී දැවී යන පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 75ක් ලබා ගෙන සිටියා.  ඔහු තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

ජයග්‍රහණයට ලකුණු 5ක් තිබිය දී චරිත්ගේ ඉනිම ද අවසන් කිරීමට ප්‍රතිවාදීන් සමත් වුනා. කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින් චරිත් දැවී යන විට පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 71ක් ලබා සිටියා. ඔහු අද වාර්තා කළේ තම එක්දින ජාත්‍යන්තර පිටියේ 4 වැනි අර්ධ ශතකයයි.

තරගය අවසන් වෙද්දී නායක දසුන් ශානක නොදැවී ලකුණු 10ක් සහ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 5ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිම පාලනය කිරීමේ දී සංචාරක කණ්ඩායමේ නායකයා පන්දු යවන්නෝ 8 දෙනෙක්ගේ සහයෝගය ලබාගෙන තිබුණා. කඩුලු ලබා ගැනීමේ දී Richard Ngarava ලකුණු 56කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි තරගය මේ මස 18 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත ය.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<

Result


Zimbabwe
296/9 (50)

Sri Lanka
300/5 (48.3)

Batsmen R B 4s 6s SR
Takudzwanashe Kaitano lbw b Jeffery Vandersay 42 49 7 0 85.71
Regis Chakabva c Kusal Mendis b Jeffery Vandersay 72 82 6 1 87.80
Craig Ervine b Kamindu Mendis 9 20 0 0 45.00
Sean Williams b Chamika Karunaratne 100 87 9 2 114.94
Wesly Madhevere b Chamika Karunaratne 20 25 1 0 80.00
Sikandar Raza lbw b Nuwan Pradeep 18 17 2 0 105.88
Ryan Burl c Dasun Shanaka b Nuwan Pradeep 4 4 1 0 100.00
Wellington Masakadza run out (Chamika Karunaratne) 6 7 1 0 85.71
Blessing Muzarabani Chamika Gunasekara b 3 6 0 0 50.00
Tendai Chatara not out 1 2 0 0 50.00
Richard Ngarava not out 10 2 1 1 500.00


Extras 11 (b 0 , lb 2 , nb 1, w 8, pen 0)
Total 296/9 (50 Overs, RR: 5.92)
Fall of Wickets 1-80 (14.4) Takudzwanashe Kaitano, 2-110 (19.6) Craig Ervine, 3-160 (29.1) Regis Chakabva, 4-202 (37.5) Wesly Madhevere, 5-248 (44.1) Sikandar Raza, 6-252 (44.5) Ryan Burl, 7-269 (47.2) Wellington Masakadza, 8-286 (49.4) Sean Williams, 9-286 (49.4) Blessing Muzarabani,

Bowling O M R W Econ
Nuwan Pradeep 10 1 54 2 5.40
Chamika Gunasekara 1 0 8 0 8.00
Maheesh Theekshana 10 0 40 0 4.00
Dasun Shanaka 4 0 34 0 8.50
Chamika Karunaratne 10 1 69 3 6.90
Jeffery Vandersay 6 0 44 2 7.33
Kamindu Mendis 6 0 32 1 5.33
Charith Asalanka 3 0 13 0 4.33


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Regis Chakabva b Sikandar Raza 75 71 10 0 105.63
Kusal Mendis c Regis Chakabva b Blessing Muzarabani 26 24 6 0 108.33
Kamindu Mendis b Richard Ngarava 17 24 1 1 70.83
Dinesh Chandimal c Craig Ervine b Richard Ngarava 75 91 4 1 82.42
Charith Asalanka lbw b Richard Ngarava 71 68 6 2 104.41
Dasun Shanaka not out 10 12 1 0 83.33
Chamika Karunaratne not out 5 2 1 0 250.00


Extras 21 (b 4 , lb 2 , nb 1, w 14, pen 0)
Total 300/5 (48.3 Overs, RR: 6.19)
Fall of Wickets 1-40 (6.4) Kusal Mendis, 2-81 (13.6) Kamindu Mendis, 3-147 (24.4) Pathum Nissanka, 4-276 (45.5) Dinesh Chandimal, 5-292 (47.6) Charith Asalanka,

Bowling O M R W Econ
Blessing Muzarabani 9.3 0 58 1 6.24
Tendai Chatara 9 0 56 0 6.22
Richard Ngarava 9 0 56 2 6.22
Wellington Masakadza 6 0 29 0 4.83
Ryan Burl 1 0 12 0 12.00
Sean Williams 8 0 43 0 5.38
Sikandar Raza 4 0 23 1 5.75
Wesly Madhevere 2 0 17 0 8.50