එෂාන් විසින් මංගල F3 ජයග්‍රහණය මෙරටට රැගෙන එයි

154

ශ්‍රී ලාංකික ෆෝමියුලා රථ ධාවකයෙකු වන එෂාන් පීරිස් විසින් ඔහු තරග කළ ප්‍රථම ෆෝමියුලා 3 තරගාවලියේ දී ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වූ අතර එය ශ්‍රී ලාංකිකයෙකු විසින් හිමිකර ගත් පළමු ෆෝමියුලා 3 ජයග්‍රහණය ලෙස මෙරට ක්‍රීඩා ඉතිහාසයේ ලියවිණි.

Shuttle Time වැඩසටහනෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් වලට තල්ලුවක්

මෙරට පළාත් බැඩ්මින්ටන් සම්මේලන වල සහාය ඇතිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන්…..

පසුගිය සති අන්තයේ දී මැලේසියාවේ Sepang ජාත්‍යන්තර පථයේ දී නිමාවට පත්වූ පළමු ආසියානු ශීත සෘතු තරග මාලාවේ (Asian Winter Series) දී එෂාන් පීරිස් විසින් මෙම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

එෂාන් පීරිස් විසින් ජයග්‍රහණය කරන ලද තරගය වඩා උද්වේගකාරී තරගයක් වූයේ එම තරගය මෙම ආසියානු ශීත සෘතු තරග මාලාවේ අවසන් තරගය වූ නිසා ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සියලුම ධාවකයින්ට මෙම තරගමාලාවේ තවත් තරග නොපැවැත්වෙන බැවිනි.

එෂාන් පීරිස්

Absolute Racing කණ්ඩායම නියෝජනය කරන එෂාන් පීරිස් සුදුසුකම් ලැබීමේ වටයේ දී ලැබූ සාර්ථක ආරම්භය හේතුවෙන් දෙවැනියා ලෙස පළමු තරගය නිමා කරමින් සුදුසුකම් ලැබීමට සමත් වූ අතර දෙවන සුදුසුකම් ලැබීමේ වටයේ දී 5 වන හොඳම කාලය වාර්තා කිරීමට ද සමත් විය. අවාසනාවට ආරම්භක තරගයේ දී ඔහුට ඉවත් වීමට සිදු වූයේ 6 වන ස්ථානයේ ධාවනය කරමින් සිටිය දී තවත් ධාවකයෙකු විසින් සිදු කරන ලද ආක්‍රමණශීලී පසුකිරීමක් නිසාවෙනි. පසුව එම දිනයේ දී ම පැවති 8 වන තරගයේ දී 6 වන ස්ථානයෙන් ආරම්භ කරන ලද ඔහු එම තරග මාලාවේ ඔහුගේ හොඳම ධාවනය සම කරමින් 5 වන ස්ථානය හිමිකර ගත්තේ හොඳම ස්ථානයකට හිමිකම් කියූ ආසියාතික ධාවකයා වෙමිනි.

අවසන් මහා ධාවන තරගයේ දී එෂාන් පීරිස් 5 වන ස්ථානයේ සිට ඉතාමත් හොඳ ආරම්භයක් ගැනීමට සමත් වූ අතර දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද ඔහුට හැකි විය. නමුත් දෙවන තරග වටයේ දී තම කණ්ඩායමේම ධාවකයෙකු වූ Ye Yifei විසින් ඔහුට එම ස්ථානය අහිමි කරන ලදි. ඉන්පසු තරගයේ පෙරමුණ ගැනීම සඳහා Ye Yifei සහ ඕස්ට්‍රේලියානු ජාතික ධාවකයෙකු වන Jack Doohan අතර සටනක් නිර්මාණය විය.

තරගයේ 11වන වටයේ දී Ye Yifeiගේ රථය සහ Jack Doohanගේ රථය අතර සිදු වූ ගැටුමක් නිසාවෙන් Ye Yifeiට තරගයෙන් ඉවත් වීමට සිදු විය. පෙරමුණ ගත් ධාවකයන්ට ළංව ධාවනයේ යෙදුණ එෂාන් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට සමත් වූ අතර එහි ප්‍රතිඵලය වූයේ එෂාන් පීරිස් හට ජයග්‍රහණය හිමි වීමයි.

මෙසේ ෆෝමියුලා 3 තරගාවලියක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලාංකිකයෙකු සමත් වූයේ පළමු වරට වන අතර එය ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ රන් අකුරින් ලියවෙනු ඇත.

“ඇත්තටම ගොඩක් දක්ෂ ධාවකයන් තරග කරපු තරගාවලියක් ජයග්‍රහණය කිරීමට පුළුවන් වීම ලොකු සතුටක්. මගේ දක්ෂතා වර්ධනය කරගන්න බැරි වුනා නම් සුදුසුකම් ලැබීමේ වටයේ දී මගේ හොඳම ධාවනය වාර්තා කිරීමටත්, අද මේ වගේ සතුටු වෙන්නත් බැරිවෙන්න තිබුණා. එම මෝටර් රථයත් හොඳම රථයක්. මං Absolute Racing කණ්ඩායම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ කණ්ඩායමක් එක්ක එකතු වෙන්න ලැබීම මට ආඩම්බරයක් වගේම ලොකු සතුටක්. ඒ වගේම මට දීපු සහයෝගය වෙනුවෙන් මං මගේ දෙමාපියන්ට සහ මගේ කළමනාකරු වන Aaron Limට ස්තූතිවන්ත වෙනවා. මේ ජයග්‍රහණය මට වගේම මට සහයෝගය ලබා දුන් සියල්ලන්ටමත්, ශ්‍රී ලංකාවේ සිටින මාව ධෛර්යවන්ත කරපු සියල්ලන්ටමත් අයිති දෙයක්.”

MMA ශූරයෙකු පිටියට සමුදෙයි

යූඑෆ්සී බොක්සිං තරගාවලි ඉතිහාසයේ කාණ්ඩ දෙකක් නියෝජනය කළ ලෝක….

Absolute Racing කණ්ඩායමේ කණ්ඩායම් අධ්‍යක්ෂක Fabien Fior මහතා එෂාන් පීරිස් පෙන්නුම් කළ දක්ෂතාව පිළිබඳව තම අදහස් මෙසේ ප්‍රකාශ කළේය.

“එෂාන් ආසියානු ශීත සෘතු තරග මාලාව පුරාවටම තමන්ගේ දක්ෂතාවයන් වර්ධනය කර ගැනීමට සමත් වුනා. මේ ජයග්‍රහණය ඔහු සතුව තිබෙන හැකියාව මැනවින් සනාථ කළා.”

අන්තර් ජාතික මෝටර්රථ ධාවක සංගමයේ අනුදැනුම මත ෆෝමියුලා 3 ආසියානු ශූරතාවය අප්‍රේල් මස 06 සහ 07 යන දෙදින තුළ මැලේසියාවේ Sepang ජාත්‍යන්තර පථයේ දී පැවැත්වීමට නියමිතය. එහි දෙවන තරගමාලාවේ දී five-event ආසියානු ශූරතාවය ලබන වසරේ අප්‍රේල් සහ සැප්තැම්බර් අතරතුර FIA පළමු ශ්‍රේණියේ ධාවන පථ තිබෙන රටවල් වන තායිලන්තයේ දී, චීනයේදී  සහ ජපානයේ දී පැවැත්වීමට නියමිතය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <