කාර්යබහුල තරග කාලසටහන් නිසා ඉන්දියාව අර්බුදයක

511

පවතින COVID-19 වසංගත තත්වය හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගිය වසරේ දී පවත්වන්නට නොහැකි වුණු අතර ආසියානු ක්‍රිකට් කවුන්සිලය මෙන්ම ඉන්දීය උපමහද්වීපයේ ක්‍රිකට් පාලක මණ්ඩල ද දැඩි අර්බුදයකට ඇද දමමින්.

ඉන්දු – පකිස්තාන තරගය මෙන් අතිශය මුදල් ඉපයිය හැකි තරග අහිමි වන නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය තරග විකාශකයින්ට ඉතා වැදගත් වෙනවා. පවතින දේශපාලන හා සෞඛ්‍ය ගැටලු මධ්‍යයේ ICC තරගාවලි හැර ඉන්දියාව හා පාකිස්තානය හමුවීමට ඇති එකම අවස්ථාව ආසියානු කුසලානයයි.

ආසියානු කුසලානය පැවතීමට නොහැකි වුනොත් තරග විකාශකයින්ට ඉන්දියාව සත්කාරකත්වය දරන අනෙක් තරගාවලි වලින් සෑහීමකට පත්වන්නට සිදු වෙනවා. පසුගිය වසරේ මාර්තු මස පවත්වන්නට නියමිතව තිබුණු දකුණු අප්‍රිකා – ඉන්දියා තරගාවලිය, නවසීලන්ත ඉන්දියා තරගාවලිය, ඉන්දියා එංගලන්ත තරගාවලිය මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ද ඉන්දියාවේ සංචාරය කිරීමට ඉඩ ඇති බව Times of India පුවත් සේවය වාර්තා කර සිටිනවා.

තවත් ක්‍රිකට් පුවත්:

“ආසියානු කුසලානය ක්‍රීඩා කළත් ඒක ක්‍රීඩා කරන්න වෙන්නේ ICC ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන කාලයේමයි. ඉන්දියාව අවසන් මහා තරගයට ක්‍රීඩා නොකළොත් විකාශන සමාගම් ආසියානු කුසලාන විකාශය කරන්න බොහොම කැමති වෙයි” Times of India වාර්තා කර තිබුණා.

පවතින කාර්යබහුල තරග කාලසටහනත් සමඟ ක්‍රිකට් පාලක මණ්ඩලවලට දේශීය තරගාවලි හා ජාත්‍යන්තර තරගාවලි සම්බන්ධීකරණය කිරීම ඉතා අපහසු වී තිබෙනවා. එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය The Hundred තරගාවලිය හැකි තාක් ඉක්මනින් පවත්වන්නට උත්සහ කරන්නේ එංගලන්ත දේශීය ක්‍රිකට් තරගාවලියට ඉඩ වෙන් කරගැනීම සඳහායි. 

ඉන්දියාව ඔක්තෝබර් – නොවැම්බර් (දීපවාලි) සමයේ ඉන්දියාවේ ක්‍රීඩා කරන්නට උත්සහ කරනු ඇති බවත් මාර්තු – අප්‍රේල් කාලසීමාවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරන්නට උත්සහ කරනු ඇති බවත් Times Of India පවසා සිටිනවා.

Times of India ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<