ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුට සහ පුහුණුකරුවෙකුට කොරෝනා!

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලිය 2021

191

බංග්ලාදේශ එක්දින සංචාරය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට සහ පුහුණුකරුවෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඉසුරු උදාන, වේගපන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දු හට මෙලෙස කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු වන චමින්ද වාස් මහතාට මෙලෙස වයිරසය ආසාදනය වී තිබෙනවා.

එක්දින තරගාවලිය ආරම්භ කිරීමට පෙර PCR පරීක්ෂණ 3ක් සිදුකිරීමට නියමිතව තිබූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් හට වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වුනේ එහි තුන්වන පරීක්ෂණයේදීයි.

මේ නිසා ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලිය යම් අවධානමකට ලක්ව තිබෙනවා.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ දෙදෙනෙකුටද වෛරසය ආසාධනය වී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ බංග්ලාදේශ ක්‍රීඩකයන් රැදී සිටින හෝටලයේ පසුගියදා පිටස්තර පුද්ගලයින් සහභාගී වූ යම් උත්සවයක් පවත්වා ඇති අතර ක්‍රීඩකයන්ගේ ජෛව ආරක්‍ෂිත වටපිටාවට වෛරසය ඇතුළු වීමට ප්‍රධාන හේතුව එය බව මේ වන විට සැකයක් ඇතිවී තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න 

මේ නිසා ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලිය යම් අවදානමකට ලක්ව තිබෙනවා. එක්දින තරගාවලිය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතව ඇති අතර එහි යම් වෙනසක් සිදුව ඇත්දැයි මෙතෙක් වාර්තා වී නැහැ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් නවතම තත්ත්වය එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<