ආර්ථික අපහසුතා ක්‍රීඩාවට අරියාදු කරන විට Covid-19 වසංගතය ද ඊට අනතුරු අඟවන්නේ එක කුස උපන් සහෝදරයෝ සේ ය. මේ මැද ක්‍රීඩාව කරගෙනය යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙන්ම ඒ අපහසුතා මැද ක්‍රීඩාවෙන් සමුගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කොතෙක් වෙත්දැයි මෙතෙක් සංගණනය කර නැත. මේ ඊට මුහුණ දී සිටින ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ගේ කතාවකි.
පිය සෙනෙහසේ නැගී “මහ මුහුද” තරණය කළ, පාටේ
ඉමාෂා සෙව්මිණි සහ කාවින්ද්‍යා සෙව්මිණි, සොයුරියෝ දක්ෂ කරාතේ ක්‍රීඩිකාවන්. ගාල්ල, තවලම විද්‍යාරාජ විද්‍යාලයේ ඉගනුම ලබන ඔවුන් කළු පටි ශ්‍රේණිධාරී කරාතේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක්. දුෂ්කරව ක්‍රීඩාව හදාරමින්, ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණි මේ දෙදෙනා මේ වන විට රටේ පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ තම ක්‍රීඩාව තව දුරටත් කරගෙන යන්නේ ද? ඉන් සමුගන්නේ ද යන තීරණයේ දෝලනය වෙමින් සිටී.

“ආයතනය අපිට පුළුවන් විදිහට සැලකුවා. දැනුත් යම් ප්‍රමාණයක මාසික ගෙවීමක් කරනවා. ඒත් ඒ සියල්ල සෑම දෙයක්ම කිරීමට ප්‍රමාණවත් නැහැ. මේ වන විට රටේ පවතින තත්ත්වය හමුවේ දුවල දෙන්නගේ පුහුණුවීම් කටයුතුත් නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. ඒත් ඔවුන් දෙදෙනා ඔවුන්ට හැකි පරිදි දිනපතා පුහුණුවීම්වල යෙදෙනවා. ඔවුන්ට පෝෂ්‍යදායි ආහාර හෝ විටමින් ලබා දෙන්න අපිට හැකියාවක් නැහැ. එහෙත් අපි පුළුවන් විදහට ඒ දේවල් ඔවුන්ට ලබා දෙනවා. ඔවුන්ව ක්‍රීඩාවේ යෙදීමට උනන්දු කරනවා. අපිට මේ වන විට කරන්න පුළුවන් එකම දේ වෙලා තියෙන්නේ ඒක විතරයි” සෙව්වන්දි සොයුරියන්ගේ පියා ඔවුන්ගේ වර්තමාන තත්ත්වය ගැන පැවැසුවේ එලෙසින්.

ඒ අතර ඉහළම දක්ෂතාව වන්නේ, 2016 වසරේ දී මෙරට දී පැවති 4 වැනි ආසියානු පැසිපික් ජාත්‍යන්තර කරාතේ තරගාවලියේ දී ඉමාෂා, කිලෝග්‍රෑම් 30 කුමිතේ අංශයේ වයස අවුරුදු 10-11 ඉසව්වෙන් දිනා ගත් රිදී පදක්කමයි. එම තරගාවලියේ ම කිලෝග්‍රෑම් 25ට අඩු කුමිතේ අංශයේ වයස අවුරුදු 8-9ත් ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට නැගණිය වන කාවින්ද්‍යා සමත් වෙනවා.
ඔවුන් මේ දක්ෂතා දක්වන්නේ කරාතේ ක්‍රීඩාව කරගෙන යෑමට අවශ්‍ය අවම හෝ පහසුකම් නොමැතිව වීම විශේෂයි. පාසලේ පංති කාමරයක සිමෙන්ති පොළොවේ පුහුණුවීම් කරන ඔවුන්ට අවශ්‍ය මෙට්ට, අත් ආවරණ හෝ වෙනත් කිසිදු පහසුකමක් නැහැ. විටමින් වර්ග හෝ පෝෂ්‍යදායී ආහාර ද නැහැ.
ටෝකියෝ ඔලිම්පික් ජය ගන්න සිහින දකින පඬුවස්නුවර තරුව
“ඉමාෂා සහ කාවින්ද්‍යා මට හමුවෙන්නේ දැනට අවුරුදු 6ක වගේ කාලයක පෙර සිට. ඔවුන් ඉතා දක්ෂතා දක්වන අනාගතයේ දී අපිට විශාල බලාපොරොත්තුවක් තබා ගත හැකි කරාතේ ක්‍රීඩිකාවන් ලෙසයි මම දකින්නේ. දැනටමත් මේ දෙදෙනා කරාතේ ක්‍රීඩාවෙන් සමස්ත ලංකා රන් පදක්කම් ලබා සිටිනවා. ඔවුන් මේ දේවල් කරන්නේ කිසිදු පහසුකමක් නොමැතිව” සෙව්මිණි සොයුරියන්ගේ පුහුණුකරු සුගත් වික්‍රමනායක මහතා ThePapare.com සමඟ පැවැසුවා.

සෙව්මිණි සොයුරියන්ගේ කතාවේ ඔහුගේ පියා ජේ. පී. සිරිපාල මහතාට ද සුවිශේෂී තැනක් හිමි වෙනවා. ඒ ඔවුන් දෙදෙනා ක්‍රීඩාවට යොමු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තිබී ඇත්තේ ඔහුට වීම නිසයි.
“මමත් හිටපු කරාතේ ක්‍රීඩකයෙක්. සමස්ත ලංකා තරග ජයග්‍රහණය පවා ලබා තිබුනත් ආර්ථික අපහසුතා මැද ඊට වඩා දුර ගමනක් යන්න හැකි වුනේ නැහැ. මට යන්න නොලැබුණ ගමන යන්නයි මම දුවල දෙන්න කරාතේ ක්‍රීඩාවට යොමු කළේ. දරුවෝ දෙදෙනාම කරාතේ ක්‍රීඩාවට එකසේ දක්ෂතා දක්වනවා. ඒ ගැන සතුටුයි. දෙන්නම කරාතේ ක්‍රීඩාව පටන් ගත්තේ එකට. මේ නිසා වියදම් වුනත් ටිකක් වැඩියි. දැනුත් එදා තිබූ ආර්ථික අපහසුතා ඒ ආකාරයෙන්ම තියෙනවා. නමුත් ඒ වුනා කියල මේ දෙන්නගෙ ගමන නතර කරන්න බැහැ. අපිට පුළුවන් විදිහට ඔවුන්ගේ ගමන එක්කගෙන යන්න අපි උත්සාහ කරනවා.”
පෞද්ගලික ආයතනයක ආරක්ෂක සේවයේ යෙදී සිටින පියාගේ පඩිපතින් සහ ගෘහණියක ලෙසින් දරු දෙදෙනාගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන මවගේත් මේ මහන්සිය, අවස්ථා කිහිපයක දී ම පරාජය වෙනවා. ඒ ඔවුන් නිතිපතා පෙළෙන ආර්ථික අපහසුතා නිසා.

විද්‍යාලයේ විදුහල්පතිවරයා සේ ම පුහුණුකරු සුගත් වික්‍රමනායක ද මේ තරග සංචාර සඳහා ඉමාෂා එක් කිරීමට දන්නා කියන අය වෙත ගොස් පෞද්ගලිකව උපකාර ලබා ගනිමින් උත්සාහ කරනවා. වෙහෙසෙනවා. නමුත් ඔවුන්ට ද ඒ සඳහා අවශ්‍ය තරමින් ප්‍රතිපාදන සොයා ගැනීමට හැකි වෙන්නේ නැහැ.
“ඒ සංචාරවලට වියදම් කරල යවන්න තරම් ශක්තියක් අපට නැහැ. උදව් ගන්න හැකි වේවි කියල හිතපු තැන් කිහිපයකටම ගියා. නමුත් විශේෂ දෙයක් වුනේ නැහැ. අධ්‍යාපන අමාත්‍යංශයට ද දකුණු පළාත් සභාවට ද මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කළා, ලිපි බාර දුන්නා. ඒත් අද වෙනතුරු කිසිදු පිළිතුරක් ලැබුණෙ නැහැ” සිරිපාල මහතා ඒ අඳුරු අතීතය සිහිපත් කළා.
ලොව අංක එකේ පන්දු ඔසවන්නා – මීකා ක්‍රිස්ටෙන්සන්
වැඩිමල් සොයුරිය ඉමාෂා, කරාතේ ක්‍රීඩාවට අමතරව නර්තනයට ද එකසේ දක්ෂතා දක්වනවා. ඇය කැළණිය විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කළ බිහිදොර අබියස ප්‍රාසාංගික කලා උළෙලේ සබරගමු නර්තන ඒකල බාලිකා කනිෂ්ඨ අංශයේ පළමු ස්ථානය ද දිනා ගැනීමට සමත් වෙනවා. කාවින්ද්‍යා කරාතේ ක්‍රීඩාවට අමතරව මලල ක්‍රීඩා ඉසව්වන්ගේ ද දක්ෂතා දක්වනවා. ඇය කඩුලු පැනීම සහ උස පැනීම යන ඉසව්වලින් දිස්ත්‍රික් මට්ටමේ දක්ෂතා දක්වා තිබෙනවා.
මේ සියලු දක්ෂතා ඔවුන් පෙන්වන්නේ ජීවන අරගලයකට ද මැදිවය. ඒ දුෂ්කරතා මධ්‍යයේ ඔවුන් කරාතේ ක්‍රීඩාව ප්‍රවිෂ්ට වීම ම අරගලයකි. ඒ අරගලය තවත් ප්‍රබල වන්නේ ක්‍රීඩාවේ දී සේ ම අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් හි ද අඩු-පාඩු ඇති වෙන විටය. ඒ කෙසේ වූවත් එම අරගලය ජයග්‍රහණයෙන් අවසන් කිරීම මේ සෙව්මිණි සොයුරියන්ගේ අපේක්ෂාවයි.
“අපි සර් කියල දිපූ දේවල් ගෙදර ඉඳන් කරනවා. කරාතේ ක්‍රීඩාව අමතක කරන්න බැහැ. කරාතේ ක්‍රීඩාවෙන් ඉහළටම යන්නයි අපේ බලාපොරොත්තුව” සෙව්මිණි සොයුරියෝ පවසනවා.
එහෙත් ඔවුන්ගේ මේ ගමන ඉදිරියේ දී මීටත් වඩා දුෂ්කර වනු ඇත. ඊට තවත් කෙනෙක්ගේ අත දීමක් හෝ සහයෝගය දැක්වීමක් ලැබෙන්නේ නම් එය ඔවුන්ට මහත් රුකුලක් වනු ඇත, කියාය අපගේ විශ්වාසය.
කොහිලදෙණිය, කුඩුගල්පල, තවලම ඔවුන්ගේ ලිපිනය වන අතර 077 5052377 යන දුරකතන අංකයෙන් ද ඔවුන්ගේ විස්තර ලබා ගත හැකියි. ආර්ථික අපහසුතා ඉදිරියේ ක්‍රීඩාවේ තම ජවය සොයන සෙව්මිණි සොයුරියන් දෙදෙනාට ThePapare.com සුබ පැතුම් එක්කරමු.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















