ටියුනීසියානු පාපන්දු ක්‍රීඩකයා ගිනි තබාගෙන නසී

113
Al Jazeera

ටියුනීසියානු පාපන්දු ක්‍රීඩක Nizar Issaoui (නිසාර් ඉසාඋයි), පොලිස් අවනීතියට එරෙහි උද්ඝෝෂණයක දී ගිනි තබාගෙන මියගොස් තිබෙනවා.

පලතුරු වෙළෙන්දෙකු හා තමන් අතර ඇති වූ බහින්බස් වීමක දී පොලිසිය තමන්ව ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළ බව ඔහු විසින් පැවසෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පවතිනවා. තවත් අවස්ථාවක දී ඔහු විසින් සඳහන් කොට තිබුණේ තමන් තමන්ට ගිනි තබාගෙන මියයෑමට දඬුවම් පමුණුවා ගත් බවයි.

ඔහු විසින් සමාජ මාධ්‍ය තුළ පළකොට තිබුණේ,

ඩිනාර් 10කට කෙසෙල් විකුණන කෙනෙකු එක්ක බහින්බස් වුනාය කියා පොලිස් ස්ථානයේ දී මා ත්‍රස්තවාදියෙකු බවට චෝදනා ලැබුවා. කෙසෙල් ගැන පැමිණිල්ලකට ත්‍රස්තවාදී චෝදනාවක්… මට තවත් හයිය නැහැ. පොලිස් රාජ්‍යයට දැනුම් දෙනවා දඬුවම අද ලබා දෙන බව,” යනුවෙන්.

ටියුනීසියානු රජය විසින් කෙසෙල් කිලෝ එකක් සඳහා නියම කර ඇති මුදල ඩිනාර් 5 (ඇ.ඩොලර් 1.64ක්) පමණ වනවා. එහෙත් අදාළ වෙළෙන්දා ඒවා විකුණා ඇත්තේ ඩිනාර් 10කට (ඇ.ඩොලර් 3.29) වන බැවින් නිසාර් ඔහු හා බහින් බස් වී තිබුණා.

35 හැවිරිදි නිසාර් දරුවන් සිව්දෙනෙකුගේ පියෙක්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<