පළමු සතිය අවසානයේ ලිවර්පූල් පෙරමුණේ; චෙල්සි දෙවන ස්ථානයේ

138

වෙස්ට්හැම් යුනයිටඩ් කණ්ඩායම හමුවේ ගෝල 4-0ක දැවැන්ත ජයක් ලබා ගත් ලිවර්පූල් කණ්ඩායම පළමු සතියේ වැඩිම ගෝල ලබා ගත් කණ්ඩායම නිසා ගෝල පරතරය අනුව ලකුණු සටහනේ පළමු ස්ථානයේ ලිවර්පූල් කණ්ඩායම රැඳී සිටියි. ලැබුණු දරුණු පරාජය නිසා ලකුණු සටහනේ අවසන් ස්ථානය හිමි වී ඇත්තේ වෙස්ට්හැම් යුනයිටඩ් කණ්ඩායමටයි.

ලිවර්පූල් හා මැන්චෙස්ටර් සිටි කණ්ඩායම් පහසු ජයග්‍රහණ වාර්තා කරයි

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ ඊයේ (12) පැවති තවත් තරග දෙකකින් පහසු ජයග්‍රහණ වාර්තා කිරීමට මැන්චෙස්ටර් සිටි හා ලිවර්පූල් කණ්ඩායම්……

චෙල්සි කණ්ඩායමේ නව කළමනාකරු Maurizio Sarri චෙල්සි කණ්ඩායම සමඟ සිය පළමු ප්‍රිමියර් ලීග් තරගයට සහභාගී වූ අතර හඩර්ස්ෆීල්ඩ් ටවුන් කණ්ඩායම ගෝල 3-0 ක් ලෙස පරාජය කරන්නට ඔවුන් සමත් විය. සුපිරි ක්‍රීඩක ඒඩන් හැසාඩ් පිටියට පිවිසුණේ තරගයේ අවසාන මිනිත්තුවේ දී වූ අතර යුරෝ මිලියන 80කට කණ්ඩායමට එක්වූ Kepa Arrizabalaga සිය මංගල තරගයට ක්‍රීඩා කරන ලදි. ඔහු ප්‍රතිවාදීන්ට එකදු ගෝලයක් හෝ ලබා නොදුන් අතර පළමු සතිය අවසානයේ ලකුණු සටහනේ දෙවන ස්ථානය චෙල්සි හිමිකර ගනිද්දී හඩර්ස්ෆීල්ඩ් ටවුන් කණ්ඩායම ලකුණු සටහනේ 19 වන ස්ථානයේ රැඳී සිටියි.       

බර්න්මවුත් (Bournemouth) හා ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම් තුන්වැනි හා හතරවැනි ස්ථානවල රැඳී සිටින අතර මේ වසරේ පළමු කාණ්ඩයට පිවිසුණු කාඩිෆ් සිටි කණ්ඩායමට එරෙහිව ගෝල 2-0ක ජයක් වාර්තා කරන්නට බර්න්මවුත් කණ්ඩායම සමත් විය. මේ වසරේ පළමු කාණ්ඩයට පිවිසුණු ෆුල්හැම් කණ්ඩායම ගෝල 2-0 ක් ලෙස පරාජය කරන්නට ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම සමත් වූයේ කාඩිෆ් හා ෆුල් හැම් පිළිවෙළින් 17 වැනි හා 18 වැනි ස්ථානවලට ඇද දමමිනි.       

චෙල්සි හා මැන්චෙස්ටර් යුනයිටඩ් සාර්ථක ආරම්භයන් ලබාගනී

2018-19 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ තරග ඊයේ (11) ආරම්භ වූ අතර දිනය අවසානයේ සුපිරි කණ්ඩායම් ද්විත්වයක් වන චෙල්සි හා…..

පසුගිය වසරේ ශූරයින් වූ මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ආර්සනෙල් කණ්ඩායම හා තරග වැදුණු අතර පසුගිය වසරේ දී මෙන්ම මේ තරගයේදීත් ආර්සනෙල් කණ්ඩායම පරාජය කරන්නට මැන්චෙස්ටර් සිටි කණ්ඩායම සමත් විය. ඒ අනුව සිටි කණ්ඩායම පස්වැනි ස්ථානයේ රැඳී සිටින අතර ආර්සනෙල් කණ්ඩායම 15 වන ස්ථානයේ රැඳී සිටියි. වට්ෆොර්ඩ් කණ්ඩායම හයවැනි ස්ථානයේ රැඳී සිටියි.   

මැන්චෙස්ටර් යුනයිටඩ් හා ටොටන්හැම් කණ්ඩායම් ලෙස්ටර් සිටි හා නිව්කාසල් යුනයිටඩ් හමුවේ ජය වාර්තා කළ අතර ඒ අනුව මැන්චෙස්ටර් කණ්ඩායම හත්වැනි ස්ථානයේත්, ටොටන්හැම් කණ්ඩායම අටවැනි ස්ථානයේත් රැඳී සිටියි.  

එවර්ටන් කණ්ඩායම නවවැනි ස්ථානයේත් Wolverhampton Wanderers කණ්ඩායම දසවැනි ස්ථානයේත් රැඳී සිටියි.

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<