චෙල්සි හා මැන්චෙස්ටර් යුනයිටඩ් සාර්ථක ආරම්භයන් ලබාගනී

164

2018-19 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ තරග ඊයේ (11) ආරම්භ වූ අතර දිනය අවසානයේ සුපිරි කණ්ඩායම් ද්විත්වයක් වන චෙල්සි හා මැන්චෙස්ටර් කණ්ඩායම් විශිෂ්ට ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

ටොටන්හැම් කණ්ඩායම, නිව් කාසල් යුනයිටඩ් හමුවේ ගෝල 2-1ක ජයක් ලබාගත් අතර ජය පෙනෙන මානයේ සිටි එවර්ටන් කණ්ඩායමෙන් ජයග්‍රහණය උදුරා ගැනීමට Wolverhampton Wanderers කණ්ඩායම සමත් වූයේ ගෝල 2-2ක් ලෙස තරගය අවසන් කර ගනිමිනි.

චෙල්සි කණ්ඩායමෙන් ප්‍රතිවාදීන්ට දැවැන්ත ප්‍රහාරයක්

2018-19 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ තරග පැවැත්වුණු දෙවන දිනය වූ ඊයේ (11) සිය පළමු තරගයට සහභාගී වූ සුපිරි චෙල්සි කණ්ඩායම හඩර්ස්ෆීල්ඩ් (Huddersfield Town) කණ්ඩායම හමුවේ ගෝල 3-0ක සුපිරි ජයක් වාර්තා කිරීමට සමත් විය. තරගය හඩර්ස්ෆීල්ඩ් හි ජෝන් ස්මිත් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.   

අගුවෙරෝගේ ගෝල ද්විත්වයෙන් මැන්චෙස්ටර් කණ්ඩායමට ශූරතාවයක්

චෙල්සි කණ්ඩායමේ නව පුහුණුකරු වන Maurizio Sarri කණ්ඩායම මෙහෙයවූ පළමු තරගය මෙය වූ අතර ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම කණ්ඩායමෙන් නික්ම යාම නිසා කණ්ඩායම නිසි ලෙස සංවිධානය කිරීම ඔහුට තිබූ ප්‍රධානතම අභියෝගය විය.

2018 FIFA පාපන්දු ලෝක කුසලානය දිනූ ප්‍රංශ කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩා කළ න්-ගෝලෝ කාන්ටේ (N’Golo Kante) 34 වන මිනිත්තුවේ දී පළමු චෙල්සි ගෝලය වාර්තා කළේ Willainගේ හරස් පන්දු යොමු කිරීමක් අලංකාර ලෙස පළමු ස්පර්ශයෙන්ම දැල තුලට ස්ථානගත කරමිනි.

චෙල්සි ක්‍රීඩකයින් ඉතා පහසු අවස්ථා කිහිපයක්ම අතපසු කර ගත් අතර හඩර්ස්ෆීල්ඩ් කණ්ඩායමේ ප්‍රහාරක ක්‍රීඩක ස්ටීව් මූනීගේ ප්‍රහාරයක් ගෝල රාමුවේ වැදී ඉවත ගියේ රැස්ව සිටි දහස් ගණනක් හඩර්ස්ෆීල්ඩ් හදවත් බිඳ දමමින්ය.

පළමු අර්ධයේ අවසානයට මොහොතක් තිබිය දී Christopher Schindler චෙල්සි කණ්ඩායමේ Marcos Alonso හට අනවශ්‍ය බාධා කිරීමක් කළ නිසා චෙල්සි කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දෙන්නට විනිසුරු තීරණය කළ අතර Jorginho පහසුවෙන් එම දඬුවම් පහර සාර්ථක කරගත්තේ පළමු අර්ධය නිමා වන විට චෙල්සි කණ්ඩායමට සෑහෙන දුරක් ඉදිරියෙන් තබමින්.

පළමු අර්ධය: චෙල්සි 2-0 හඩර්ස්ෆීල්ඩ් සිටි

දෙවන අර්ධයේ දී හඩර්ස්ෆීල්ඩ් සිටි කණ්ඩායමට අවස්ථා කිහිපයක් හිමි වූවද ඒවා සාර්ථක කර ගැනීමට නව චෙල්සි ගෝල රකින ක්‍රීඩක Kepa Arrizabalaga ඉඩකඩ ලබා දුන්නේ නැත.

පාපන්දුවේ එදා මෙදා තුර මිල අධිකම ගෝල රකින්නන් 10

බොහෝ වෙලාවක් අතිරේක ක්‍රීඩකයින් අතර සිටි සුපිරි බෙල්ජියම් ක්‍රීඩක ඊඩන් හැසාඩ් දෙවන අර්ධයේ අවසාන භාගයේ පිටියට අවතීර්ණ වූ අතර පිටියට පා තැබූ මොහොතේම සුපිරි පන්දු යොමු කිරීමකින් හැසාඩ් පන්දුව පේඩ්රෝ වෙත ලබා දීමෙන් අනතුරුව එම පන්දු යොමු කිරීමෙන් උපරිම ප්‍රයෝජන ගත් පේඩ්රෝ තවත් ගෝලයක් වාර්තා කළේ චෙල්සි කණ්ඩායමේ ජය තහවුරු කරමිනි.

අවසාන ලකුණු තත්වය: චෙල්සි 3 – 0 හඩර්ස්ෆීල්ඩ් සිටි

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • චෙල්සි – N’Golo Kanté 34′, Jorginho 45′ (pen), Pedro 80′

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමෙන් ජයග්‍රාහී ආරම්භයක්

2018/19 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් අද (11) මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හා ලෙස්ටර් සිටි (Leicester City) කණ්ඩායම මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර තියුණු තරගයකින් අනතුරුව ගෝල 2-1ක් ලෙස තරගයේ ජය හිමිකර ගැනීමට මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම සමත් විය.  

මැන්චෙස්ටර් පළමු ගෝලය තරගයේ තෙවැනි මිනිත්තුවේ වාර්තා වූ අතර 2018 FIFA ලෝක කුසලානය ප්‍රංශයට ගෙන එන්නට ඉමහත් සේවයක් ඉටු කළ සුපිරි ක්‍රීඩක පෝල් පොග්බා එම ගෝලයට හිමිකම් කියන ලදි.

ලෝක ශූර පොග්බා මෙවර තරග වාරයේ පළමු ගෝලය රැස් කළේය

Daniel Amarteyගේ අතෙහි පන්දුව ගැටීමෙන් අනතුරුව මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර මෙම තරගයේ මැන්චෙස්ටර් නායකයා ලෙස ද කටයුතු කළ පොග්බා දක්ෂ ලෙස එම දඬුවම් පහර සාර්ථක කරගත්තේ ආරම්භයේම තරගයේ පෙරමුණ ලබා ගනිමින්.

අගුවෙරෝගේ ගෝල ද්විත්වයෙන් මැන්චෙස්ටර් කණ්ඩායමට ශූරතාවයක්

කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර ජේම්ස් මැඩිසන්ගේ හා ඩී. ග්‍රේගේ උත්සාහයන් දෙකක් මැන්චෙස්ටර් ගෝල රකින ක්‍රීඩක David De Gea වැළැක්වූයේ ලෙස්ටර් සිටි කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරමින්.   

  

පළමු අර්ධය: මැන්චෙස්ටර් යුනයිටඩ් 1 – 0 ලෙස්ටර් සිටි

දෙවන අර්ධය ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම කහ කාඩ්පත් හිමි වූ ඉතා උණුසුම් අර්ධයක් වූ අතර පන්දුව වැඩි කාලයක් තමන් සතුව පවත්වා ගැනීමට ලෙස්ටර් සිටි ක්‍රීඩකයින් සමත් වූවත් 83 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ලූක් ෂෝ දක්ෂ ලෙස රිකාඩෝ පෙරෙයිරා හා ගෝල රකින ක්‍රීඩක කැස්පර් ෂ්මයිකල් මගහරිමින් පන්දුව දැල වෙත යොමු කළේ ලෙස්ටර් සිටි ක්‍රීඩකයින් දැඩි පීඩනයක හෙලමිනි.    

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩිකාවෝ භූතානය බලා පිටව යයි

කෙසේ වෙතත් සිය ගෞරවය බේරා ගැනීම වෙනුවෙන් සටනක නිරත වූ ලෙස්ටර් සිටි කණ්ඩායම වෙනුවෙන් ජෙමී වාර්ඩි 90+2 මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කළත් Jose Mourinhoගේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ජය වැළැක්වීමට එම හුදකලා උත්සාහය සමත් වූයේ නැත.

අවසාන ලකුණු තත්වය: මැන්චෙස්ටර් යුනයිටඩ් 2 – 1 ලෙස්ටර් සිටි

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • මැන්චෙස්ටර් යුනයිටඩ් – පෝල් පොග්බා 3’, ලූක් ෂෝ 83’
  • ලෙස්ටර් සිටි – ජෙමී වාර්ඩි 90+2’    

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<