නත්තලින් පසුව Man Utd හා Liverpoolට දැවැන්ත ජයග්‍රහණ

86

නත්තල් විවේකයෙන් පසුව එංගලන්ත ප්‍රිමියර් ලීග් පිටිය නැවතත් ඉතා උණුසුම් වුනා. ඒ ඊයේ (26) පැවති බොක්සිං දින තරග කිහිපයක් සමඟින්

Real Madrid හට අවාසනාවන්ත තරගයක්

එංගලන්ත Premier League තරගාවලියේ සහ …………

Manchester Unitedට දැවැන්ත ජයක්

Anthony Martialගේ ගෝල ද්විත්වයෙන් බල ගැන්වුණු Manchester United කණ්ඩායම ගෝල 4-1ක් ලෙස Newcastle United පරාජය කළේ ප්‍රසාද ලකුණු සටහනේ හත්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙමින්. 

Matty Longstaff තරගයේ පළමු ගෝලය Newcastle වෙත ගෙන ආවේ 17 වැනි මිනිත්තුවේ දී ගෝල රාමුවේ පහළ කෙළවරට පන්දුව යොමු කරමින්. 

පළමු අර්ධයේ මැද භාගයේ දී Martial, Martin Dubravka පසු කර පන්දුව ගෝලය වෙත යවමින් තරගයේ ගෝල සම කළා.  

Fabian Scharගේ අතපසුවීමක් මැද ක්‍රියාත්මක වුණු Greenwood ඊට මිනිත්තු 12කට පසුව දෙවන United ගෝලය වාර්තා කරද්දී, 41 වැනි මිනිත්තුවේ දී Marcus Rashford තුන්වැනි United ගෝලය සිය හිසෙන් ගෝල රාමුව වෙත එල්ල කළා.  

දෙවන අර්ධය ආරම්භයෙන් මිනිත්තු හයකට පසුව Sean Longstaffගේ පන්දු හුවමාරුවකට මැදි වෙමින් Martial සිය දෙවන ගෝලය වාර්තා කර ගත් අතර ඊට මිනිත්තු කිහිපයකට පසුව ඔහුට සිය පළමු ප්‍රිමියර් ලීග් ගෝල ත්‍රිත්වය අහිමි වුනේ පන්දුව ගෝල රාමුවේ වැදී ඉවත යාම නිසයි.   

අවසන් ලකුණු තත්වය: Manchester United 04 – 01 Newcastle United

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Manchester United – Anthony Martial 24′, 51′, Mason Greenwood 36′, Marcus Rashford 41′
  • Newcastle United – Matthew Longstaff 17′ 

Chelsea කණ්ඩායමට නොසිතූ පරාජයක්

Michael Obafemi හා Nathan Redmondගේ ගෝල ද්විත්වයෙන් ප්‍රබල Chelsea කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කරන්නට Southampton සමත් වුනා. 

31 වැනි මිනිත්තුවේ දී Obafemi තරගයේ පළමු ගෝලය රැස් කළේ දඬුවම් පහර චතුරශ්‍රයේ සිට පන්දුව කවාකාරව ගෝලය වෙත එල්ල කරමින්. 

දෙවන අර්ධයේ දී Mason Mountට Tammy Abrahamගේ පන්දු හුවමාරුවක් ලැබුනත් ගෝලයක් බවට පරිවර්තනය කරන්නට තිබුණු අවස්ථාව ඔහුගෙන් ගිලිහි ගියේ අවාසනාවන්ත ලෙසයි.

කෙසේ වෙතත් 73 වැනි මිනිත්තුවේ දී Danny Ingsගේ පන්දු යොමුකිරීමක් Redmond ලබා ගත් අතර ඔහු පහසුවෙන් පන්දුව Chelsea ගෝල රකින ක්‍රීඩක Kepa Arrizabalaga පසු කරමින් ගෝලය වෙත එල්ල කළේ තරගයේ ජය තහවුරු කරමින්.   

අවසන් ලකුණු තත්වය: Chelsea 0 – 2 Southampton

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ 

  • Southampton – Michael Obafemi 31′, Nathan Redmond 73′

 Liverpool කණ්ඩායමට දැවැන්ත ජයක්

Roberto Firminoගේ හා Trent-Alexander Arnoldගේ ගෝල සංදර්ශනයෙන් Liverpool ගෝල 4-0ක් ලෙස Leicester City පරාජය කරන්නට සමත් වුනා. 

31 වැනි මිනිත්තුවේ දී Alexander-Arnold නිවැරදි ලෙස ඉලක්කගත කරන ලද හරස් පන්දු යොමු කිරීම Roberto Firmino දැල් ගත කළේ ගෝල රකින ක්‍රීඩක Kasper Schmeichel පසු කරමින් පන්දුව යොමු කරමින්.   

දෙවන අර්ධයේ දී Liverpool තවත් ගෝල ත්‍රිත්වයක් රැස් කළේ Leicester බලාපොරොත්තු සම්පූර්ණයෙන් සුනුවිසුනු කරමින්.  

Bundesliga තරග දෙකක් අවසන් මිනිත්තුවල දී තීරණය වෙයි

එංගලන්ත Premier League තරගාවලියේ ……

James Milner 71 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව 2-0ක් බවට පත් කළේ Caglar Soyuncu පන්දුව අතේ වද්දවා ගැනීම නිසා හිමි වුණු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින්.

ඊට මිනිත්තු තුනකට පසුව එල්ල වුණු Alexander-Arnoldගේ තවත් අලංකාර පන්දු යොමු කිරීමක් Firmino පහසුවෙන් දැල් ගත කළා.  

Sadio Maneගේ පන්දු සකස් කර දීමක් මනා ලෙස හසුරුවා ගත් Alexander-Arnold සිය කණ්ඩායම වෙනුවෙන් සිව්වැනි ගෝලය තමන්ගේ නමට ලියා ගත්තා.

අවසන් ලකුණු තත්වය: Liverpool 4-0 Leicester City

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • Liverpool – Roberto Firmino 31′, 74′, James Milner 71′ (pen), Trent Alexander-Arnold 78′ 

Spursට තියුණු ජයක්

Dele Alliගේ අලංකාර ගෝලයෙන් Tottenham Hotspur කණ්ඩායම ගෝල 2-1ක් ලෙස Brighton & Hove Albion පරාජය කරන්නට සමත් වුනා.  

24 වැනි මිනිත්තුවේ දී Harry Kane තරගයේ පළමු ගෝලය වාර්තා කළා යැයි සිතුවත් විනිසුරු VAR යොදාගෙන එම ගෝලය නිෂ්ප්‍රභා කළා. 

37 වැනි මිනිත්තුවේ දී Brighton තරගයේ පළමු ගෝලය වාර්තා කළ අතර Pascal Grossගේ නිදහස් පහරක් ගුවනේ පාවී ඉහළ ගිය Adam Webster දැල තුළට යොමු කළා. නැවත වතාවක් උත්සහ කළ Kane 53 වැනි මිනිත්තුවේ දී තරගයේ ගෝල සම කරන්නට සමත් වුනා.

අවසන් මොහොත වන තුරු ක්‍රියාත්මක වුණු තරගයේ 72 වැනි මිනිත්තුවේ දී තරගය කණපිට හරවමින් Alli ජයග්‍රාහි ගෝලය වාර්තා කරන්නට සමත් වුනා. 

අවසන් ලකුණු තත්වය: Tottenham Hotspur 2 – 1 Brighton & Hove Albion

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ 

  • Tottenham Hotspur – Harry Kane 53′, Dele Alli 72′
  • Brighton & Hove Albion – Adam Webster 37′    

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<