මංගල 100 තරගාවලියට ප්‍රේක්ෂක වරම්

184
(wisden)

The Hundred තරගාවලියේ පළමු තරගය එළඹෙන ජූලි 21 වැනිදා කාන්තා කණ්ඩායම් දෙකක් අතර පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා. තරගාවලියේ මංගල තරගය The Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වෙනවා.

The Hundred තරගාවලියේ තරග කාලසටහන පසුගිය අඟහරුවාදා (23) ප්‍රකාශයට පත් කෙරුණා. COVID-19 වයිරස ව්‍යාප්තිය නිසා තරගාවලිය වසරකින් කල් දැමුණා. තරගාවලියේ පළමු තරගය Oval Invincibles හා Manchester Originals කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන අතර ජූලි 22 වැනිදා Oval Invincibles හා Manchester Originals පිරිමි කණ්ඩායම් දෙක තරග වැදීමට නියමිතයි. කාන්තා ක්‍රීඩා ඉසව්වකින් එක්සත් රාජධානිය තුළ ප්‍රධාන ක්‍රීඩා තරගාවලියක් ආරම්භ වන පළමු අවස්ථාව මෙයයි.

තරග පැවැත්වෙන සෑම දිනකම තරග ද්විත්වයක් පැවැත්වෙන අතර එකම ක්‍රීඩාංගණයේ දී කාන්තා හා පිරිමි තරග දෙකක් වශයෙන් තරග දින (matchdays) ක්‍රියාත්මක වනු ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

කාන්තා තරග සියල්ල එංගලන්තය වටා කුඩා කවුන්ටි ක්‍රීඩාංගණවල පැවැත්වීමට මුලදී සැලසුම් කර තිබුනත්, වත්මන් වසංගත තත්වය මත ප්‍රවාහන කටයුතු අපහසු වීම නිසා එම සැලසුම පසුගිය නොවැම්බරයේ දී අතහැර දැමුණා. නව තරග කාලසටහන අනුව ටෙස්ට් ක්‍රීඩාංගණ අටක දී තරග පැවැත්වීමට නියමිතයි. 

තරගාවලිය ප්‍රේක්ෂකයින්ට විවෘත වන අතර අප්‍රේල් 7 වැනිදා සිට තරග සඳහා ප්‍රවේශපත් අලෙවි කිරීමට නියමිතයි. මුලින්ම ප්‍රවේශපත් මිල දී ගැනීම සඳහා අවස්ථාව හිමිවන්නේ 2020 වසරේ දී තරගාවලිය සඳහා ප්‍රවේශපත් මිල දී ගත් ප්‍රේක්ෂකයින්ට හා කවුන්ටි ක්‍රීඩා සමාජවල සාමාජිකයින්ටයි. 

තරගාවලියේ අවසන් තරගවල ආකෘතිය ද වෙනස් කර තිබීම විශේෂත්වයක්. දෙවන හා තෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් අතර eliminator තරගයක් පැවැත්වෙන අතර අගෝස්තු 20 හා 21 අවසන් මහා තරග පැවැත්වෙනු ඇත. තරගාවලියට එක්වන කණ්ඩායම්වල පිරිමි ක්‍රීඩක සංචිත පසුගිය අඟහරුවාදා නිවේදනය කෙරුණා.

Cricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<