Ryan Crouser ඔලිම්පික් වාර්තා අලුත් කරද්දී චීනය තවමත් පෙරමුණේ

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල

359

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තවත් උණුසුම් දවසක් නිමා වුනේ වාර්තා පොත් කීපයකටම නව පරිච්ඡේද එක් කරමින්. ThePapare.com ගෙන එන මේ සටහන ඔලිම්පික් උළෙලේ අද (05) සිදු වූ සුවිශේෂී සිදුවීම් කීපයක් පිළිබඳවයි. 

මලල ක්‍රීඩා (Athletics)

මලල ක්‍රීඩා පිටියේ උණුසුම දෙගුණ තෙගුණ කරමින් අද අවසන් තරග රැසක් පැවැත්වුනා. දිනයේ ආරම්භක රන් පදක්කම තමන් සතුකර ගැනීමට පෘතුගාලයේ Pedro Pichardo සමත් වුනේ පිරිමි තුන් පිම්ම ඉසව්වෙන්. එහි රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම පිළිවෙළින් චීනයේ Yaming Zhu සහ Burkina Faso රාජ්‍යය නියෝජනය කළ Hugues Zango විසින් දිනා ගත්තා. 

මලල ක්‍රීඩාව තුල ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කරමින් නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමට යගුලිය දැමීමේ ලෝක ශූරයා සහ ලෝක වාර්තාවේ හිමිකරු වන Ryan Crouser සමත් වුනා. එහි රිදී පදක්කම ද ඇමරිකානු පදක්කම් මල්ලට එක් කිරීමට Joe Kovacs සමත් වුනා. ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි වුනේ නවසීලන්තයේ Tomas Walsh හටයි.

මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ අවසන් තරගයත් අද පැවති අතර ජැමෙයිකාවේ Hansle Parchment සහ Ronald Levy එහි රන් සහ ලෝකඩ පදක්කම් හිමිකර ගැනීමට සමත් වුනා. රිදී පදක්කම ඇමරිකාවේ Grant Holloway හිමිකර ගත්තා. 

දිනයේ දීර්ඝතම තරග ඉසව්ව ලෙස පිරිමි කිලෝමීටර් 20 ඇවිදීමේ තරග ඉසව්ව ද අද පැවති අතර එහි දී පැය 1 විනාඩි 21 තත්පර 05කින් ඉසව්ව නිමා කරමින් රන් පදක්කම දිනා ගැනීමට ඉතාලියේ Massimp Stano සමත් වුනා. මෙම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් දෙකම ජපානයට හිමි වීම විශේෂත්වයක්. එහි දී Ikeda Koki සහ Toshikazu Yamanishi රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්තා. 

කාන්තා රිටි පැනීම ඉසව්ව ද අද අවසන් වූ අතර එහි රන් පදක්කම මීටර් 4.90ක දක්ශතාවයක් දක්වමින් ජයග්‍රහණය කිරීමට ඇමරිකාවේ Katie Nageotte සමත් වුනා. රිදී පදක්කම රුසියාව නියෝජනය කළ Anzhelika Sidorova හිමි කර ගත් අතර ලෝකඩ පදක්කම බ්‍රිතාන්‍යයේ Holly Bradshaw හට හිමි වුනා. 

අද දිනයේ බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ තරග ඉසව්ව වූයේ පිරිමි මීටර් 400 තරග ඉසව්වයි. මෙම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට බහමාස් හි Steven Gardiner සමත් වූ අතර කොලොම්බියාවේ Jose Zambrano සහ ග්‍රෙනාඩා හි Kirani James පිළිවෙළින් රිදී සහ ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

ඉන් අනතුරුව පැවැත්වූ කාන්තා මීටර් 800 Heptathlon තරග ඉසව්ව ජයග්‍රහණය කිරීමට බෙල්ජියම්හි Noor Vidts සමත්වූ අතර නෙදර්ලන්තයේ Emma Oosterwegel හට රිදී පදක්කමත් ජර්මනියේ Carolin Schafer හට ලෝකඩ පදක්කමත් හිමි වුනා. 

පිරිමි මීටර් 1500 Decathlon ඉසව්වේ දී රන් පදක්කම දිනා ගැනීමට ඇමරිකාවේ Steven Bastian සමත් වූ අතර රිදී පදක්කම ස්පාඤ්ඤයේ Jorge Urena හටත් ලෝකඩ පදක්කම එස්ටෝනියාවේ Johannes Erm හටත් හිමි වුනා. 

තවත් පුවත් කියවන්න 

බොක්සිං (Boxing)

ඇමරිකානු ක්‍රීඩක Duke Ragan සහ රුසියානු ක්‍රීඩක Albert Batyrgaziev අතර පැවති තරගය (ඡායාරූප olympics.com)

බොක්සිං ඉසව්වේ බර පන්ති කීපයක අවසන් පූර්ව වටයේ තරග අද පැවැත්වුනා. එහි දී එක් එක් බර පන්තිවල ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේයි.

  • කාන්තා Light (කිලෝග්‍රෑම් 57-59) 

Anne Harrington අයර්ලන්තය, Beatriz Ferreira බ්‍රසීලය

  • පිරිමි Fly (කිලෝග්‍රෑම් 48-52)

Carlo Paalam පිලිපීනය, Galal Yafai බ්‍රිතාන්‍යය 

  • පිරිමි Middle (කිලෝග්‍රෑම් 69-75)

Oleksandr Khyzhnniak යුක්‍රේනය, Hebert Sousa බ්‍රසීලය 

පිරිමි Feather (කිලෝග්‍රෑම් 52-57) බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට රුසියාවේ Albert Batyrgaziev සමත් වූ අතර අවසන් තරගයේ දී ඔහු විසින් ඇමරිකාවේ Duke Ragan පරාජය කරනු ලැබුවා. 

ඔරු පැදීම (Canoe Sprint)

පිරිමි යුගල මීටර් 1000 Kayak ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් චෙක් ජනරජ කණ්ඩායම (ඡායාරූප olympics.com)
  • පිරිමි Kayak ඉසව්ව – මීටර් 200
  1. රන් පදක්කම – Sandor Totka (හංගේරියාව)
  2. රිදී පදක්කම – Manfredi Rizza (ඉතාලිය)
  3. ලෝකඩ පදක්කම – Liam Heath (බ්‍රිතාන්‍යය)
  • කාන්තා Canoe ඉසව්ව – මීටර් 200
  1. රන් පදක්කම – Nevin Hassison ඇමරිකාව 
  2. රිදී පදක්කම – Laurance Vincent කැනඩාව
  3. ලෝකඩ පදක්කම – Liudmyla Luza යුක්‍රේනය 
  • කාන්තා Kayak ඉසව්ව – මීටර් 500
  1. රන් පදක්කම – Lisa Carrington නවසීලන්තය 
  2. රිදී පදක්කම – Tamara Csipes හංගේරියාව 
  3. ලෝකඩ පදක්කම – Emma Jorgensen ඩෙන්මාර්කය 
  • පිරිමි Kayak යුගල – මීටර් 1000
  1. රන් පදක්කම – ඕස්ට්‍රේලියාව 
  2. රිදී පදක්කම – ජර්මනිය 
  3. ලෝකඩ පදක්කම – චෙක් ජනරජය

පාපන්දු (Football)

ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව අතර තරගයේ අවස්ථාවක් (ඡායාරූප olympics.com)

කාන්තා ලෝකඩ පදක්කම සඳහා වන තරගය අද පැවති අතර එහි දී ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව තරග වැදුණා. තරගය ගෝල 3-4ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඇමරිකානු කණ්ඩායම සමත් වුනා.

හොකී (Hockey)

ලෝකඩ පදක්කම සඳහා ක්‍රීඩා කල ඉන්දීය කණ්ඩායම සහ ජර්මනි කණ්ඩායම අතර තරගයේ අවස්ථාවක් (ඡායාරූප olympics.com)

හොකී තරගාවලියේ ලෝකඩ පදක්කම සඳහා වන තරගය සහ රන් පදක්කම සඳහා වන තරගය අද පැවැත්වුනා.

මෙහි දී ලෝකඩ පදක්කම සඳහා ඉන්දියාව සහ ජර්මනිය තරග වැදුණු අතර ඉන්දීය කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ ගෝල 5-4ක් ලෙසින්.

රන් පදක්කම සඳහා වූ තරගය සඳහා බෙල්ජියම සහ ඕස්ට්‍රේලියාව තරග වැදුණා. තරගය නියමිත කාලය තුල ගෝල 1-1ක් ලෙස සම වූ අතර දඬුවම් පහර 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට බෙල්ජියම සමත් වුනා.

පිහිනුම් (Swimming)

  • පිරිමි මැරතන් පිහිනුම් – කිලෝමීටර් 10
  1. රන් පදක්කම – Florian Wellbrock ජර්මනිය
  2. රිදී පදක්කම – Kristof Rasovszky හංගේරියාව
  3. ලෝකඩ පදක්කම – Gergorio Paltrinieri ඉතාලිය

මේස පන්දු (Table Tennis) 

කාන්තා මේස පන්දු කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ජපානය වට 3-0ක් ලෙස පරාජය කළ චීන කණ්ඩායම සමත් වුනා.

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා ජර්මනිය සහ හොංකොං කණ්ඩායම තරග වැදුණු අතර වට 3-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට හොංකොං කණ්ඩායම සමත් වුනා.

2020 ඔලිම්පික් උළෙලේ 13 වන දිනය අවසන් වන විට පදක්කම් සටහනේ පෙරමුණ තවදුරටත්  රඳවා ගැනීමට චීනය සමත්ව සිටිනවා. ඔවුන් රන් පදක්කම් 34 ක් දිනාගෙන ඇති අතර දෙවැනි ස්ථානයේ පසුවන ඇමරිකාව රන් පදක්කම් 29 කට හිමිකම් කියනවා. ජපානය සහ ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 22ක් සහ 17ක් ලබාගනිමින් පිළිවෙළින් තුන්වැනි සහ සිව්වැනි ස්ථානවලට හිමිකම් කියනවා.

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම.

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<