ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 4ක් අද (31) නිමා වූ අතර එහි දී අර්ධ ශතක 4ක් තරගාවලියට එක් වූවා.
ඒ අනුව Leo CC කණ්ඩායමේ අශාන් ප්‍රනාන්දු (54), Army SC කණ්ඩායමේ ජනක සම්පත් (61), Moratuwa SC කණ්ඩායමේ මදුසංක ප්‍රේමරත්න (51) සහ United Southern CC කණ්ඩායමේ දමේස් මතිශාන් (60) අර්ධ ශතක ලබා ගත්තා.
නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු
Leo CC සහ Navy SC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Leo CC – කඩුලු 6ක් දැවී 174 (20.0)ප්‍රසාද් අසංක 40, අශාන් ප්‍රනාන්දු 54, කොශාන් ජයවික්‍රම 3/37
- Navy SC – සියලුම දෙනා දැවී 76 (8.4)සංජීව කුමාරස්වාමි 17, සුපුන් ඩිල්ශාන් 3/17, රොමේෂ් සුරංග 2/17
Leo CC කණ්ඩායමට ලකුණු 98ක ජයක්.
Army SC සහ Moratuwa SC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Army SC – කඩුලු 7ක් දැවී 189 (20.0) අශාන් සුදර්ශන 35, ජනක සම්පත් 61, ක්‍රිශේන් අපෝන්සු 22, අසේල ගුණරත්න 32, මනුජ චන්තුක 2/48, මදුසංක ප්‍රේමරත්න 2/33
- Moratuwa SC – කඩුලු 9ක් දැවී 175 (20.0)උශේන් සිල්වා 23, ශවිඳු සිල්වා 28, මදුසංක ප්‍රේමරත්න 51, මල්ක මදුශංක 2/09
Army SC කණ්ඩායමට ලකුණු 14ක ජයක්.
Negombo CC සහ Ragama CC අතර තරගය, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Negombo CC – කඩුලු 7ක් දැවී 139 (20.0)රශ්මික මෙවන් 22, සචිරු කුලසූරිය 28, දිමුත් සඳරුවන් 31, රිශ්ම අමරසිංහ නොදැවී 23, කාවින්ද ඊශ්වර 3/26, මලීෂ සිල්වා 2/19
- Ragama CC – සියලුම දෙනා දැවී 91 (17.1)රන්මිත් ජයසේන 22, හසිත් පෙරේරා 19, සසික ඩිල්ශාන් 3/21, ශෙහාන් ප්‍රමෝද් 2/12
Negombo CC කණ්ඩායමට ලකුණු 48ක ජයක්.
United Southern CC සහ Sebastianites C & AC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.
- United Southern CC – කඩුලු 8ක් දැවී 143 (20.0)දමේස් මතිශාන් 60, අසන්ත බස්නායක නොදැවී 27, සුතර්සන් සුබර්නන් 2/23, මාලිංග මලිගස්පෙ 2/18
- Sebastianites C & AC – සියලුම දෙනා දැවී 98 (19.4)මාලිංග සුරප්පුලිගේ 24, රුසිරු විලෝචන 23, ධනෝශ් ද සිල්වා 2/17, ලිඳුල නුවංග 20/4, කසුන් සේනාධීර 2/26
United Southern CC කණ්ඩායමට ලකුණු 45ක ජයක්.
Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















