අගනගරයෙන් පිට ක්‍රිකට් පිටි හයක් නවීකරණයට 

267

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතින් එපිට පළාත් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ගුණාත්මක භාවය ඉහළ දැමීමේ අරමුණ ඇතිව ජාතික මට්ටමේ සියලුම පහසුකම්වලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණ හයක් වසරක කාලයක් තුළ සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත. 

>>එංගලන්ත ප්‍රබලයින්ට පාකිස්තාන සංචාරයෙන් විවේකයක්<<

රත්නපුර (මොනරවිල), බදුල්ල නගර සභා ක්‍රීඩාංගණය, යාපනය මල්ලාකම් පිටිය, පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණය, අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණය සහ හෙට්ටිපොළ ක්‍රීඩා පිටිය මෙලෙස සංවර්ධනය කිරීමට යෝජනා වී තිබෙන ක්‍රිකට් ක්‍රීඩාංගණ වේ. 

කොළඹින් බැහැර, ලණු පැදුරු (Matting) විකට්ටු පමණක් භාවිතයෙන් දැනට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන ප්‍රදේශයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තණතීරුවල (Turf) ක්‍රීඩා කිරීමේ අත්දැකීම් ලබා දෙමින් ජාතික සහ ජාත්‍යන්තර තලයට යෑමට අවශ්‍ය ඉඩකඩ සැලසීම මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය බවට පත්ව ඇත. 

එම ක්‍රීඩාංගණ අතුරින් අම්බලන්ගොඩ, පොලොන්නරුව සහ හෙට්ටිපොළ ක්‍රීඩාංගණ ඉදිරි තෙමස ඇතුළත විවෘත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් සිටින අතර සෙසු ක්‍රීඩාංගණ තුන ඉදිරි තෙවසරක කාලය ඇතුළත නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන අංශයේ සහ ජාතික ව්‍යාපෘති කමිටුවේ ප්‍රධානී වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. 

>>බංග්ලාදේශය ශ්‍රී ලංකාව එරෙහිව වැඩ පටන්ගනී<<

රත්නපුර, පොලොන්නරුව සහ යාපනය ප්‍රදේශවල හිස්භූමි භාගයන්හි ඉදිවන මෙම ක්‍රීඩාංගණයන්ට තණතීරු දහය බැගින් වූ ප්‍රධාන තණතීරුවලට අමතරව පැති විකට්ටුද සපයනු ලැබේ. මීට අමතරව මෙහි අලුතින් තණකොළ සිටුවීම ඇතුළු සංවර්ධන කටයුතු සියල්ලම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරනු ලැබේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<