හංසජ දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරයි

Tier B 50 Over Tournament 2026

1
Tier B 50 Over Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (17) අවසන් වූ අතර එහි දී Negombo SC කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යවන 23 වැනි වියේ පසුවෙන හංසජ හිරුණ දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඔහු එලෙසින් දක්ෂතා දක්වද්දී පිතිකරුවන් ලෙසින් Kandy Customs SC කණ්ඩායමේ කවීශ ඉඳුවර (නොදැවී 53), Galle කණ්ඩායමේ යුතික ද සිල්වා (81), Sebastianites C & AC කණ්ඩායමේ එරංග ජයකොඩි (නොදැවී 74), Negombo SC කණ්ඩායමේ දිනිත සිරිවර්ධන (79), Kurunegala SC කණ්ඩායමේ ඩිල්ශාන් කොල්ලුරේ (69) සහ රජිත රත්නායක (61) අර්ධ ශතක ඉනිම් ලබා ගත්තා.

මේ අතර Leo CC සහ Ragama CC කණ්ඩායම් අතර අද කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට නියමිත ව තිබූ තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත විසඳුමකින් තොරව අවසන් වූවා.

අද අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු

Chilaw Marians CC සහ Army SC අතර තරගය, මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Chilaw Marians CC – සියලුම දෙනා දැවී 154 (32.3)කසුන් විදුර 68, ගිම්හාන් රසාංජන 22, පැතුම් මලිත 3/29, ජනක සම්පත් 3/18, මනුශ්ක සමිත් 2/27
  • Army SC – කඩුලු 4ක් දැවී 122 (24.0)මනුශ්ක සමිත් 32, ක්‍රිශේන් අපෝන්සු නොදැවී 23, අසේල ගුණරත්න 26, සසංක නිර්මාල් 3/28

Army SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 23ක ජයක්.

Navy SC සහ Moratuwa SC අතර තරගය, මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Navy SC – කඩුලු 9ක් දැවී 129 (35.3)ආදිත්‍ය සිරිවර්ධන 48, නිපුණ ගමගේ 21, මනුල චන්තුක 3/19, රුසිත් ජයවර්ධන 3/18
  • Moratuwa SC – කඩුලු 6ක් දැවී 98 (18.3) මයුර මල්ශාන් 24, දිනෙත් සිතුමිණ 22, ශවිඳු සිල්වා නොදැවී 28, ඉෂාන් අබේසේකර 2/31

Moratuwa SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 4ක ජයක්.

Galle CC සහ Kandy Customs SC අතර තරගය, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Galle CC කඩුලු 9ක් දැවී 261 (50.0)යුතික ද සිල්වා 81, අමිත් එරන්ද 41, චානක දේවින්ද 24, තේජාන් ප්‍රසංජන 25, කවිඳු නිර්මාන 20, චරිත් රාජපක්ෂ 3/49, වෙන්කට් රාජේන්ද්‍රන් 2/48
  • Kandy Customs SC – කඩුලු 7ක් දැවී 207(47.0) කෝසල රවිඳු 47, යශෝධ මෙන්ඩිස් 30, කවීශා ඉඳුවර නොදැවී 53, චානක දේවින්ද 2/23, අමිත් එරන්ද 3/41

Galle CC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 48ක ජයක්.

Sebastianites C & AC සහ United Southern CC අතර තරගය, කිරිමණ්ඩල මාවත SLLDC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

  • Sebastianites C & AC – කඩුලු 8ක් දැවී 184(50.0)එරංග ජයකොඩි නොදැවී 74, ශරොන් අභිශේක් 2/20, සෙනුක දංගමුව 2/30
  • United Southern CC කඩුලු 9ක් දැවී 139 (31.0)තිළිණ ඩිල්ශාන් 31, කවිඳු එදිරිවීර 22, පුන්සර සඳරුවන් 3/23, සුතර්සන් සුබර්නන් 4/11

Sebastianites C & AC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 7ක ජයක්.

Negombo SC සහ Kurunegala SC අතර තරගය, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Kurunegala SC – සියලුම දෙනා දැවී 255 (48.3) ඩිල්ශාන් කොල්ලුරේ 69, රජිත රත්නායක 61, විනුජ රාන්පෝල් 26, හංසජ හිරුන 6/47
  • Negombo SC – කඩුලු 8ක් දැවී 251 (50.0)මොහොමඩ් මුර්ශාද් 29, දිනිත සිරිවර්ධන 79, රශ්මික මෙවන් 31, තත්සර ඒශාන් 22, දිමුත් සඳරුවන් 25, නිසජය හෙට්ටිආරච්චි 2/42, තීක්ෂණ සංජීව 2/54, රුචිර සිල්වා 3/28

Kurunegala SC කණ්ඩායමට ලකුණු 4ක ජයක්.

Tier B එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<