සාන්ත අන්තෝනිවරු රග්බි පිටියේ ගොදුරු සොයා යන්නට සැරසේ

1019
St. Anthony's College Rugby

පාසල් රග්බි පිටියේ සාර්ථක ඉතිහාසයකට හිමිකම් කියන කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයට ගත වුණු වසර කිහිපය එතරම් සුබදායක වුණේ නැහැ. කෙසේ වෙතත් මේ වසරේ දී අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු හා සුපිරි නායකයෙකු සමඟින් එන සාන්ත අන්තෝනි කණ්ඩායමට පාසල් රග්බි පිටියේ පෙරළියක් කරන්නට හැකි වෙයි ද?

රාජකීය සුළි සුළඟ තවත් වසරක් කලඹන්නට සූදානම්

සියලු පාසල් කණ්ඩායම් සුනුවිසුනු කරමින් රාජකීය සුළි කුණාටුව 2017 වසරේ

අතීතයෙන් බිඳක්

දක්ෂ ක්‍රීඩකයින්ට තෝතැන්නක් වූ සාන්ත අන්තෝනි විද්‍යාලය රග්බි ක්‍රීඩාව ආරම්භ කරන්නේ 1950 වසරට ආසන්නයේ දීයි. 1961 වසරේ දී පමණ සිට මහනුවර මෙන්ම අගනුවර ප්‍රධාන පාසල්වලට ද ප්‍රබල ලෙස අභියෝග කරමින් නව රග්බි සංස්කෘතියක් බිහි කරන්නට ඔවුන් සමත් වූයේ පෙරළිකාරයින් ලෙස නමක් ද දිනා ගනිමිනි.

සාන්ත අන්තෝනි රග්බි ඉතිහාසයේ ස්වර්ණමය වසර ලෙස සටහන් වන්නේ 2001 වසරයි. ඒ ටිකිරි දිසානායකගේ නායකත්වයෙන් ඔවුන් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරයින් බවට පත් වූ නිසයි.

ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ද සාන්ත අන්තෝනි විද්‍යාලයෙන්  බිහි වුනා. ශ්‍රී ලංකා රග්බි පිටියේ නොමැකෙන නාමයක් වන ප්‍රියන්ත ඒකනායක සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් බිහි වූ සුපිරි තරුවක්. සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් බිහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද දරන්නට තරම් ඔහු වාසනාවන්ත වුනා. වත්මනේ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට තේරී එහි සුපිරි දස්කම් දක්වමින් ජාත්‍යන්තර පැසසුම් දිනා ගත් දිනුක් අමරසිංහ ද සාන්ත අන්තෝනි නිෂ්පාදනයක්.  

Squad

පසුගිය තරගවාරය

පසුගිය තරගවාරය සාන්ත අන්තෝනි විද්‍යාලයට එතරම් සාර්ථක තරග වාරයක් නොවුනත් ඔවුන් පළඟ ශූරතාවයේ දෙවන ස්ථානය දිනා ගන්නට සමත් වුනා.

අවසන් වරට ඔවුන් කුසලාන ශූරතාවයේ තරඟ කළේ 2016 වසරේ දීයි. එතැන් පටන් ඔවුන් පළඟ ශූරතාවයේ තරග කළේ දිගින් දිගටම පළමු වටවල අසාර්ථක වෙමින්. කෙසේ නමුත් ඔවුන් පළඟ ශූරතාවයේ දී හොඳින් තරග කර A කාණ්ඩයේ දිගින් දිගටම රැඳෙන්නට සමත් වුනා.

පසුගිය තරග වාරයේ පළමු තරග වටයේ දී ඔවුන් සහභාගී වූ සියලු තරග අවාසනාවන්ත ලෙස පරාජය වුනා. පසුව පළඟ ශූරතාවයේ දී සහභාගී වූ තරග පහෙන් තරග හතරක් දිනා ගනිමින් ඔවුන් යළිත් සුපිරි දස්කම්වලට පිවිසුණා.

ශූරයින්ගේ මාරයා නැවතත් A කාණ්ඩයේ පෙරළියකට

පාසල් රග්බි පිටියට වෙනස්ම වර්ණයක් ගෙනා ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය රග්බි කණ්ඩායම

මෙවර සූදානම

කෙසේ හෝ කුසලාන ශූරතාවයට පිවිසීම මෙවර ඔවුන්ගේ ප්‍රධානතම අපේක්ෂාව වනු ඇත. ඒ සඳහා සාන්ත අන්තෝනි විද්‍යාලයේ වගකීම මෙවර පැවරී ඇත්තේ පස්වැනි වසරේ වර්ණලාභියෙකු වන මොහොමඩ් මකාරීම් හටයි.

Makarim
(මකාරීම්)

කණ්ඩායමේ උපනායක ලෙස ඉදිරිපෙළ ප්‍රොප්/හුකර් ක්‍රීඩක ලශාන් මහින්දරත්න නම් කර ඇති අතර පාසලේ ගෞරවය මෙවරත් රැක  ගැනීමේ ප්‍රධානතම වගකීම ඔවුන් දෙදෙනාට හිමි වනු ඇත.

සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කළ මකාරීම් 2018 තරග වාරයේ දී සුපිරි දස්කම් දැක්වූ අතර සාන්ත අන්තොනි විද්‍යාලයට ජය අවශ්‍යම වූ වේලාවල දී ඔහුගෙන් කණ්ඩායමට අනර්ඝ සහයක් හිමි විය. පසුගිය වසරේ සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ දී ඔහු සුපිරි දස්කම් දක්වන්නට සමත් වුනා. ආරම්භයේ දී ෆ්ලයි හාෆ් ක්‍රීඩකයෙකු වූ ඔහු මෙවර තරග වාරයේ දී සාන්ත අන්තෝනි කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් වනු ඇත.

ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයෙකුට උරුම ක්ෂණික නුවණක් හිමි සුහයිල් වසීම් සාන්ත අන්තෝනි කණ්ඩායමේ මීළඟ ප්‍රබලතම බලාපොරොත්තුව වනු ඇත. තරගයක් වෙනස් කිරීමට තරම් හැකියාවක් සහිත ප්‍රබල ක්‍රීඩකයෙකු වන ඔහු පසුගිය වසරේ දී ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර මේ වසරේදීත් කණ්ඩායමේ සාර්ථකත්වයෙහි ලා ඔහුගේ සේවය ඉතා වැදගත් වනු ඇත.

අමරසිංහ සොහොයුරෝ රුවන් අමරසිංහ හා මතීෂ් අමරසිංහ මෙවර කණ්ඩායමේ වටිනාම ක්‍රීඩකයින් දෙදෙනෙක් වනු ඇත. දෙවන පෙළ/ ෆ්ලෑන්කර් ස්ථානවල ක්‍රීඩා කරන ඔවුන් දෙදෙනා මෙවර කණ්ඩායමට වටිනා අමතර වාසියක් හිමි කර දෙනු ඇත. රුවන් හා මතිෂ් දෙදෙනාම පසුගිය වසරේ Kandy Reds කණ්ඩායම ද නියෝජනය කළේ සාර්ථක තරගවාරයක් අවසානයේ දීයි.

(අවසාන වසර ක්‍රීඩා කරන සුහයිල් වසීම් මෙවර කණ්ඩායමේ ප්‍රබලම තුරුම්පුවක්.)

Fly half ක්‍රීඩක කවිෂ්ක ජයසූරිය කණ්ඩායමේ තවත් එක් බලාපොරොත්තුවක්.පසුගිය තරග වාරයේදීත් සුපිරි වේගයෙන් ප්‍රතිවාදීන් අන්ද මන්ද කළ ඔහුගේ සේවය මෙවරත් කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.

හරිත හමුදාව මෙවර ලීගයත් රත් කරන්නට සූදානමින්

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව මතක් කළ සැණින් මතකයට එන කණ්ඩායම් ද්විත්වයක් තිබෙනවා. ඉන් එක් කණ්ඩායමක් මහනුවර ක්‍රීඩා සමාජය වන අතර අනෙක නම් වසර

මෙවර තරගවාරයේ දී කණ්ඩායමට ශ්‍රී ලංකාවේ සිටීම ප්‍රවීණතම පුහුණුකරුවෙකුගේ සේවය ලැබී තිබේ. නම කියූ පමණින් රග්බි පිටියේ සැවොම හඳුනන රොනී ඉබ්‍රහිම් මහතා මෙවර කණ්ඩායමේ වගකීම භාරගෙන කටයුතු කරයි.

මේ දිනවල ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සුපිරි දස්කම් දක්වන CH&FC ක්‍රීඩා සමාජයේ ද පුහුණුකරු ලෙස කටයුතු කරන ඔහුගේ ගුරුහරුකම් කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.

(ප්‍රවීණ පුහුණුකරු නව කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන්නට සමත් වෙයි ද ?)

සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වුනත් ඔවුන්ගේ අතින් අවාසනාවන්ත ලෙස අත්‍යවශ්‍ය ජයග්‍රහණ ගිලිහී ගියේ ඔවුන් කිහිප වරක්ම පහළට ඇද දමමින්. වැරදි නිවැරදි කරගනිමින්, ප්‍රවීණ පුහුණුකරුවෙකු හා සුපිරි නායකයෙක් සමඟ මෙවර රග්බි පිටිය හොල්ලන්නට ශාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට හැකි වෙයි ද?

සාන්ත අන්තෝනි විද්‍යාලයේ පළමු වටයේ තරග සැකැස්ම

  • ඉසිපතන විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය – මාර්තු 2, හැව්ලොක් පාක්
  • සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය – මාර්තු 10, නිත්තවෙල
  • ත්‍රිත්ව විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය – මාර්තු 17, පල්ලෙකැලේ
  • මලියදේව විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය – මාර්තු 23, නිත්තවෙල
  • සහිරා විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය – මාර්තු 30, සහිරා ක්‍රීඩාංගණය

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<