තිසරත් මානුෂීය මෙහෙවරකට දායක වෙයි

66

කොරෝනා හෙවත් COVID-19 වසංගතය හමුවේ පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සහනයක් වීමට, වත්මන් ශ්‍රී ලංකා සංචිතයේ සිටින තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිසර පෙරේරා ද සිය දායකත්වය දක්වා තිබෙනවා.

කොරෝනා සටනට කුසල් ජනිත් එක්වෙයි

ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට මුහුණ දී සිටින දරුණු වසංගත තත්ත්වය හමුවේ බොහෝ දෙනා අසරණ වී සිටී.

පොලිසියේ ද සහය ඇතිව බුලුගල ප්‍රදේශයේ එදිනෙදා අවැසි ද්‍රව්‍ය සොයා ගැනීමට දුෂ්කරතාවයෙන් පෙලෙන පවුල් සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට තිසර පෙරේරා අද (16) කටයුතු කර තිබුණි. 

පසුගිය කාලය මුළුල්ලේම හිටපු සහ වත්මන් ජාතික කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයින්, ගෝලීය අර්බුදයක් හමුවේ ජාතියක් ලෙස අසරණව සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පිහිටවන්නට මෙලෙස පෙරමුණ ගැනීම සැබැවින්ම ඇගයිය යුතු කරුණකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<