ශ්‍රී ලංකාව ගෘහස්ථ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය 2022

426

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

තරගාවලියේ ශ්‍රී ලංකාව මේ දක්වා තරග 10කට සහභාගි වී එයින් තරග හතරක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ හතර වැනි හිමි කර ගැනීමට සමත් වී සිටිනවා.

එම නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ 3 වැනි ස්ථානයේ සිටින ඉන්දීය කණ්ඩායම සමඟ අවසන් පූර්ව වටයේ දී තරග වැදීමට සිදු වන අතර එම තරගය අද (14) සිඩ්නි නුවර දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අනෙක් අවසන් පූර්ව තරගය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් ඕස්ට්‍රේලියාව සහ දෙවැනි ස්ථානය ලබා ගත් නවසීලන්තය අතර පැවැත්වෙන අතර එම තරගය ද එම ක්‍රීඩාංගණයේ ම අද පැවැත්වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියාව සත්කාරකත්වය දරන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව සහ සිංගප්පූරුව සහභාගී වනවා

තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහන

Team Pld W L D Dif Skins Pts
ඕස්ට්‍රේලියාව 10 9 1 0 655 31 58
නවසීලන්තය 10 10 0 0 364 25 55
ඉන්දියාව 10 6 4 0 -26 19 37
ශ්‍රී ලංකාව 10 4 6 0 -11 25 37
දකුණු අප්‍රිකාව 10 4 6 0 175 22 34
එංගලන්තය 10 5 5 0 -28 18 33
එක්සත් අරාබි එමීර් 10 2 8 0 -110 16 22
සිංගප්පූරුව 10 0 10 0 -695 6 6

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් පූර්ව තරගයේ තොරතුරු දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<