ශ්‍රී ලංකාවට එරෙහිව ජපානයෙන් උත්සහ දිනුම් වැස්සක්!

129

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගය අද (31) දකුණු කොරියාවේ ඉන්චන් නුවර දී පැවැත්විය. පස්වරු 2.30 ආරම්භ වූ මෙම තරගයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ ප්‍රබල ජපානයට එරෙහිවයි.

>>>Video – කොරියාව ජයගැනීමට යන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම 2019<<

තරගය ආරම්භ වූ මොහොත පටන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මහත් විඩාවකින් ක්‍රීඩා කරන ආකාරයක් දක්නට තිබුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණි.

තරගයේ පළමු විනාඩි දෙක හැරෙන්නට තුන්වැනි විනාඩියේ පටන් ජපාන කණ්ඩායම විනාඩියකට එක් උත්සාහක දිනුමක් බැගින් ප්‍රථම අර්ධය අවසන් වන විට උත්සාහක දිනුම් 4ක් හා ප්‍රවර්තන තුනක් සාර්ථක කර ගැනීමට සමත් විය.

එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පන්දුව තමන් සතුව තබා ගැනීමට පවා නොහැකි වන ආකාරයට ජපාන ක්‍රීඩකයින් ඔවුන්ව පීඩනයට පත් කල ආකාරය කැපී පෙනුණි.

ප්‍රථම අර්ධය: ජපානය 26 – 00 ශ්‍රී ලංකාව

දෙවැනි අර්ධය ආරම්භ වූ මොහොතේ පටන් දෙවැනි අර්ධයේ 4 වැනි විනාඩිය දක්වා ජපාන කණ්ඩායම උත්සාහක දිනුම් 3ක් හා ප්‍රවර්තනයක් සාර්ථක කර ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම ඊට ප්‍රතිප්‍රහාර දීමට කොතෙක් උත්සහ කළ ද සියලු උත්සාහයන් ජපාන ආරක්ෂාව ඉදිරියේ ව්‍යර්ථ විය.

කෙසේ වෙතත් තරගයේ අවසන් විනාඩියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර ජපාන ආරක්ෂාව බිඳ හෙළමින් ඉදිරියට ඇදුණ අතර ඔහුගෙන් පන්දුව ලබා ගත් නිශෝන් පෙරේරා ශ්‍රී ලංකාවේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

අවසන් ලකුණු තත්වය: ජපානය 43 – 05 ශ්‍රී ලංකාව

නවකයින් 4ක් ජාතික රග්බි සංචිතයට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු වටය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ජාතික රග්බි සංචිතය…

ජනිදු – රීසා වික්‍රමයට කහ කාඩ්පතක් හරස් වෙයි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය අද (31) දකුණු කොරියාවේ ඉන්චියෝන් නුවර දී පැවැත්වුණ අතර එහි දී ශ්‍රී ලංකාව සහ චීනය අතර පැවති තරගයේ දී ලකුණු 14-17ක් වශයෙන් තියුණු ජයක් අත්කර ගැනීමට ප්‍රබල චීන කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවේ වාසිය ලබා ගත් චීනය පන්දුව ශ්‍රී ලංකාව වෙත පිරිනැමූ අතර විනාඩි දෙකක පමණ කාලයක් පන්දුව ශ්‍රී ලංකාව සතුකර ගෙන තරගයේ ආක්‍රමණය ශ්‍රී ලංකාව ලබා ගන්නා ආකාරයක් දක්නට ලැබුණි. එසේම තරගයේ 3 වැනි විනාඩියේ දී පන්දුව අලංකාර ලෙස තමන් සතු කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක ක්‍රීඩක ජනිදු දිල්ශාන් ජාතික සංචිතය වෙනුවෙන් තම පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට කෙවින් ඩික්සන් සමත් විය. (ශ්‍රී ලංකාව 7 – 0 චීනය)

පසුව තරගයේ 6 වැනි විනාඩියේ දී ක්‍රීඩක ජනිදු දිල්ශාන්ගේ අතින් සිදු වූ අත්වැරදීමක් හේතුවෙන් විනිසුරු ඔහුට කහ කාඩ් පතක් නිකුත් කළේ ශ්‍රී ලංකා බලඇණිය ක්‍රීඩකයින් 6කට සීමා කරමිනි.

චීන ක්‍රීඩකයින් එම හිඩැසින් මනා ප්‍රයෝජන ගනිමින් ක්‍රීඩා කල අතර පළමු අර්ධය අවසන් වන විට චීනය තමන්ගේ පළමු උත්සාහක වාර්තා කල අතර එහි ප්‍රවර්තනය අසාර්ථක වීම හේතුවෙන් ලකුණු පුවරුව 7-5ක් ලෙස දිස්විය.

ප්‍රථම අර්ධය: ශ්‍රී ලංකාව 07 – 05 චීනය

දෙවැනි අර්ධය ආරම්භ වුවද ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළේ ක්‍රීඩකයින් 6 දෙනෙකු පමණි. ඒ පළමු අර්ධයේ හිමි වූ කහ කාඩ්පත හේතුවෙනි. චීන ක්‍රීඩකයින් ඒ හිඩැසින් මනා ප්‍රයෝජන ගනිමින් ක්‍රීඩා කළ අතර තරගයේ 8 වැනි හා 9 වැනි විනාඩිවල දී උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව තවත් අඩපණ කිරීමට වග බලා ගත්තේය. (ශ්‍රී ලංකාව 7 – 17 චීනය)

පළමු අදියරට අත්දැකීම් බහුල කාන්තා සංචිතයක්

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සත් සාමාජික පිරිමි සංචිතය…

ශ්‍රී ලංකාව තම බලාපොරොත්තු අත්නොහරිමින් පිටියේ ඉදිරියට ඇදෙන්නට වූ අතර පන්දුව චීනය සතුව තිබුනත් ඔවුන් වෙත පීඩනය එල්ල කරමින් ක්‍රීඩා කළේය. 

එහි දී තරගයේ 12 වැනි විනාඩියේ දී චීන ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරදීමකින් මනා ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක රීසා රෆයිඩීන් චීන ආරක්ෂාව විනිවිද යමින් උත්සාහක දිනුමක් වාර්තා කල අතර එහි ප්‍රවර්තනය සාර්ථක විය. (ශ්‍රී ලංකාව 14 – 17 චීනය)

ශ්‍රී ලංකාව ඉන්පසුව කොතෙක් උත්සාහ කළත් සිදු වූ සුළු අත්වැරදීම් හේතුවෙන් අවසානයෙ දී ලකුණු 14-17ක් වශයෙන් චීනයට එරෙහිව පරාජය වීමට සිදු විය.

සම්පූර්ණ ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 14 – 17 චීනය

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (01) දිනයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව  ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.42ට තරග වැදීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<