2011 ලෝක කුසලාන විමර්ශන වාර්තාව නීතිපතිට

173

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කිසිදු පාවාදීමක් සිදුකර නොමැති බව සඳහන් අවසන් වාර්තාව සම්බන්ධයෙන්, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ඉල්ලා එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.

>>2011 ක්‍රිකට් ලෝක කුසලානයේ විශේෂ විමර්ශනය අවසන්<<

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදීමක් පිළිබඳ එවකට හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍ය හමුවේ සිදු කළ ආන්දෝලනාත්මක අනාවරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා උපදෙස් ලබා දී තිබුණි. එම උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම්වරයා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ අනුව ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් විමර්ශන ඒකකය එම පැමිණිල්ල සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගත් අතර, ඊට ප්‍රථම මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රකාශ සටහන් කර ගත්තේය.

>>පළමු පෙළ දේශීය ක්‍රිකට් තරගාවලිය තවත් පස්සට<<

අනතුරුව 2011 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර, එවකට තේරීම් කමිටු සභාපතිව සිටි අරවින්ද ද සිල්වා හා අවසන් තරගයේ ආරම්භක පිතිකරු උපුල් තරංග යන මහත්වරුන්ගේ ප්‍රකාශ ලබාගෙන තිබුණි.

කෙසේ වෙතත් ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති නිසාවෙන් පසුගිය ජුනි 3 වැනිදා මෙම විමර්ශන කටයුතු අවසන් කිරීමට එම විශේෂ පොලිස් විමර්ශන ඒකකය කටයුතු කළ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<