ක්‍රිකට් ලෝක කුසලානයේ අලුත්ම සාමාජිකයා – ජපානය

101

මීට වසර 4කට පෙර 13 හැවිරිදි Kazumasa Takahashi හා Reiji Suto ජපානයේ සාමාන්‍ය නීතිය කඩ කිරීමට තීරණය කළේය. ජපානයේ Sano හි ජීවත් වූ ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ ඇල්ම සුළුපටු නොවේ. ජපානය තුල අවශ්‍ය තරම් හිස් ක්‍රීඩාංගණ තිබුණ ද ඒවායේ ක්‍රීඩා කිරීමට අවසරය හිමිවන්නේ නැත.

වේගපන්දුවෙන්, හිතුවක්කාරකමෙන් ලොව දිනූ ඩෙනිස් ලිලී

හැත්තෑව සහ අසූව දශකවල ඕස්ට්‍රේලියානු පන්දු බලඇණියේ ප්‍රමුඛයා වූයේ ඔහුය. ඝනව වැඩුණු උඩු රැවුල මෙන්ම අතිශය…..

Takahashi හා Suto තම ක්‍රිකට් පිති හා පන්දු ‍රැගෙන ගොඩනගමින් පවතින හිස් ගොඩනැගිල්ලක් තුලට ගියේය. එහි සුමට ස්ථානයක් සොයා ගත් ඔවුන් තම ක්‍රීඩාව ආරම්භ කළේය. පන්දු කීපයකින් අනතුරුව ඔවුන්ට ක්‍රීඩාව පසෙක දමා දිවීමට සිදු වූයේ පිටස්තර පුද්ගලයෙකුගේ පැමිණීම නිසාවෙනි. 

සම්ප්‍රදාය සහ ගෞරවය කෙරෙහි දැඩි විශ්වාසයක් දක්වන ජපානය වැනි ගතානුගතික සමාජයක, එක් කීමකින් පිරිමි ළමයින් ක්‍රීඩාවට ඇති ඇල්ම නවතා දැමිය හැකි විය. කෙසේ වෙතත් ස්තුතිවන්ත විය යුතු කරුණක් නම්, ඔවුන්ගේ ක්‍රීඩාවට එවන් බලපෑමක් සිදුනොවීමයි.

“අපිට අවශ්‍ය වුනා සමාව ගැනීමට. ඒත් අපිට බැරි වුනා. ජපාන ළමයින් ඔවුන්ගේ නීති බිද දමමින් ක්‍රිකට්වලට යොමුවීම ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. ඒකෙන් පේන්නේ එයාලගේ ආශාව හා උනන්දුව. අපේ වගකීම ඒක වැඩි කරන එක.” ජපාන ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් පිළිබඳ අධ්‍යක්ෂක ඇලන් කර් මහතා පවසා සිටියා. 

ඇලන් කර් එංගලන්ත ජාතිකයෙකු වන අතර ඔහු ජපානයට පැමිණියේ 2014 වසරේ දී ය. ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස පත්වීමට පෙර ඔහු කනිෂ්ඨ ක්‍රිකට් වැඩසටහනක ව්‍යාපෘති අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේය. මේ කාලය වන විට ඕස්ට්‍රේලියානු ජාතික Dhugal Bedingfield මෙල්බර්න්හි පුහුණුකරුවෙකු ලෙස සුදුසුකම් ලබා ගැනීමෙන් අනතුරුව ජපානයට සේවය කිරීමට කැමැත්තෙන් පසුවන බව පවසා තිබුණි. 

ඔවුන්ගේ මූලික අභිප්‍රාය වූයේ වයස අවුරුදු 19න් පහළ වැඩසටහන නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමයි. 2011 වසරේ දී සිදු වූ යම් යම් වෙනස්කම් නිසා එය ජපානය තුල තහනම් වී තිබුණි. ලෝක මට්ටමේ තරගාවලියක් සඳහා සුදුසුකම් ලබාගැනීමට නම් එක් තරග වාරයක් තුල අවම ලෙස තරග 5ක් ක්‍රීඩා කර තිබිය යුතු බවට ගෙන ආ නව නීතිය මෙම තහනමට හේතුවී තිබුණි. 

2022 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම ජපානයේ එකම අරමුණ විය. ජපානය එම අරමුණට සිතුවාටත් කලින් ළඟා වී ඇත. 

ජපානය ලෝක කුසලාන තරගාවලියක පළමු තරගය සඳහා ජනවාරි මස 18 වැනිදා ක්‍රීඩා කළේය. ඒ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී නවසීලන්තයට එරෙහිවය. 

තරගාවලිය සඳහා සහභාගි වන ජපාන කණ්ඩායමේ නායකත්වය Marcus Thurgateට හිමිව ඇත. 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී ක්‍රිකට් ලෝකයේ අවධානය යොමුව නැති මේ ජපාන රාජ්‍යය තම ආගමනය සටහන් කිරීමට නියමිතය. තරගාවලියේ ළාබාලතම කණ්ඩායම ලෙස ජපානය තරගාවලියට එක්ව සිටී. 

සිම්බාබ්වේ පිළේ නොසිතූ දස්කම් නිසා ශ්‍රී ලංකාවට දෙලෝ රත්වෙයි!

ශ්‍රේණිගත කිරීම් වල පහළින් සිටින, මෑත කාලයේ ICC ක්‍රිකට් තහනමකට ද ලක්වූ සිම්බාබ්වේ පිළ අද (19) ටෙස්ට් තරගාවලියක්…..

“අපිට ඉන්න ක්‍රීඩකයන් 11 දෙනාට මීළඟ ලෝක කුසලානයත් ක්‍රීඩා කරන්න පුළුවන් තරම් ළාබාලයි. අපි හිතුවටත් වඩා කලින් අපේ ඉලක්කවලට ළඟා වුනා. ඒකෙන් පේන්නේ අපේ හැකියාව.” Bedingfield පවසා සිටියා. 

ජපානයට ක්‍රිකට් ක්‍රීඩාව එතරම් ආධුනික නොවේ. 1863 වසරේ දී එංගලන්ත නාවිකයන් විසින් එරටට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන් අතර 1870 වන විට ඔවුන් ජපාන නගරයක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රීඩා සමාජයක් ද ආරම්භ කළේය. 

නමුත් 1880 වසරේ දී ඇමරිකාව ජපානයට පැමිණීමත් සමඟින් එරට ක්‍රිකට් ක්‍රීඩාවට හිමිව තිබූ ස්ථානය බේස්බෝල් ක්‍රීඩාවට ලැබෙන්නට විය. 20 වැනි සියවසේ ආරම්භයත්, 1950 හා 60 දශකවල සිදු වූ ආර්ථික විපර්යාස නිසා ක්‍රීඩාව ජපානයෙන් ඈත්විය. 

“ක්‍රිකට් ක්‍රීඩාව එංගලන්ත ජාතිකයන්ගේ අමුතු ක්‍රීඩාවක් ලෙස තමයි සලකන්නේ. අපි මේක වෙනස් කරන්න උත්සාහ කරනවා. බේස්බෝල් වගේම අපි ක්‍රිකට් ක්‍රීඩාවත් ප්‍රචලිත කරනවා පැය තුනක ක්‍රීඩාවක් විදිහට. දවස් 5ක් ක්‍රීඩා කරන්නේ නැතුව. සාම්ප්‍රදායික සිතුවිලි ජපානය තුල ගොඩක් වැදගත් දෙයක්. ඒත් ඒ සාම්ප්‍රදායික දේවල් එක්ක ක්‍රිකට්වලට ජපානයේ ඉදිරියට එන්න අමාරුයි.” කර් පවසා සිටියා. 

ජපානය තුල ක්‍රිකට් ක්‍රීඩාව ලබා ඇති දියුණුව සැලකිය යුතු මට්ටමක පවතී. අවම මට්ටමක තිබූ ක්‍රිකට් උනන්දුව තරමක් දුරට වර්ධනය කරගැනීමට ජපාන ක්‍රිකට් ආයතනය වර්තමානය වන විට සමත්ව ඇත. 

බේස්බෝල් ක්‍රීඩාව සඳහා එරට තරමක වැඩි උනන්දුවක් පවතින අතර පසුගිය රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී අර්ධ අවසන් පූර්ව වටයට පැමිණෙමින් රග්බි ක්‍රීඩාව එරට ප්‍රබලම දියුණුවක් සහිත ක්‍රීඩාව බවට පත්ව ඇත. Brave Blossoms යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන ජපාන රග්බි කණ්ඩායම ජපානයට ශාරීරිකව සටන් කිරීමේ හැකියාව අඩු බවට වූ සියලු මිත්‍යාවන් බිඳ හෙලීමට සමත්ව ඇත. 

“ඇත්තෙන්ම ඒක ගොඩක් ලොකු ජයග්‍රහණයක්. ස්කොට්ලන්තය හා අයර්ලන්තය පරාජය කිරීමෙන් ඔවුන් ලෝකයට ලොකු පණිවිඩයක් දුන්නා. නිවැරදි මඟ පෙන්වීම හා පුහුණුව එක්ක ජපානයට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා ඔවුන් පෙන්නුවා. අපි රග්බි ක්‍රීඩාව වගේම ප්‍රශ්න ‍රැසකට මුහුණ දෙනවා. පහසුකම් අඩුකම, අරමුදල් පිළිබඳ ගැටලු, මහජනයාගේ අවධානය හා ආකර්ෂණය දිනා ගැනීම වගේ දේවල්. ඒත් දැන් අපේ ක්‍රිකට් කණ්ඩායම ලෝක මට්ටමේ තරගාවලියකට එක්වෙනවා. ඒක අපේ දැනුම වැඩි කරන්න ලොකු උපකාරයක්. අපි තාමත් අපේ ගමන පටන් ගත්තා විතරයි.”

ජපාන ක්‍රිකට් ආයතනය තම සම්පත් වැඩිකර ගැනීම සඳහා එරට සංක්‍රමණ නීති ද තරමක් දුරට ලිහිල් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව දකුණු ආසියානු රටවල ක්‍රීඩකයන්ට එරටට සංක්‍රමණය වීමේ අවස්ථා වැඩි කිරීමට නියමිතය. කර්ට අනුව එරට ක්‍රීඩා සමාජ සඳහා වන ආකර්ෂණය තරමක දියුණුවක් පෙන්වයි. 

“අදහස්, දක්ෂතා හා උනන්දුව එක්ක අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. අපේ මූලික අරමුණක් තමයි ගෝලීය ක්‍රිකට් මට්ටමට අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගේන එක. අපි ලොව පුරා ක්‍රිකට් සංවිධාන එක්ක කතා කරමින් අපේ ක්‍රීඩකයන් විදෙස් තරගාවලි වලට සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා.” කර් තවදුරටත් පවසා සිටියා. 

සීමන්ස් අයර්ලන්ත බලාපොරොත්තු සුන් කරයි

සාන්ත කිට්ස් හී වෝනර් පාක් ක්‍රීඩාංගණයේ දී ඊයේ (19) රාත්‍රියේ අවසන් වූ බටහිර ඉන්දිය කොදෙව් සහ සංචාරක අයර්ලන්තය….

ජපානයේ හිටපු බේස්බෝල් ක්‍රීඩකයෙකු වන Yasushi Yamamoto මේ වන විට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් හි ක්‍රීඩා සමාජයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටී. මෙලෙස ජපාන ක්‍රීඩකයන් කීපදෙනෙකුම තම ක්‍රීඩාවන් සඳහා එංගලන්තයට සංක්‍රමණය වී ඇත. 

ජපානයට ක්‍රිකට් ක්‍රීඩාවෙන් යා හැකි දුර තවමත් නිශ්චිත නැතිවුවද ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීම එරට ක්‍රිකට් ක්‍රීඩාවට හා ක්‍රීඩකයන්ට විශාල පිම්මක් වන බව නොඅනුමානය. මෙම මට්ටමේ තරගාවලි සඳහා සහභාගි වන සෙසු රටවල බොහෝ ක්‍රීඩකයන් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් වන අතර ජපාන ක්‍රීඩකයන්ට එමඟින් ලැබෙන අවධානය හා ආදර්ශය අතිමහත්ය. 

“අපි තවමත් දන්නේ නෑ අපිට යන්න පුළුවන් උපරිම දුර. අපේ ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත්තුවක් ලැබීම තවමත් අවිනිශ්චිතයි. ගොඩක් ක්‍රීඩකයන්ට බලාපොරොත්තු තියනවා විශාල තරගාවලි වලට යන්න. අයි. පී. එල්. බිග් බෑශ් වගේ තරගාවලි. ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම ඒකට අඩිතාලමක් වේවි.” Bedingfield පවසා සිටියා. 

ජපාන ක්‍රිකට් ආයතනය විසින් 2012 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වසර 20 ක සැලැස්මක් නිර්මාණය කළ අතර එය වසර 8 බැගින් වූ කොටස්වලින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ වන විට එහි දෙවන අදියර ක්‍රියාත්මක වන අතර එය ‘Building a Brighter Future’ හෙවත් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම ලෙස නම් කර ඇත. 

මෙම සැලැස්ම ‍යටතේ ලියාපදිංචි ක්‍රීඩකයන් 5000ක් ජපානය පුරා බඳවා ගැනීම සිදු කෙරේ. 2022 වන විට මෙම සැලැස්ම සම්පූර්ණ කිරීමට නියමිතය. 2028 වසරේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වීම එරට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අනුග්‍රාහකයන් හා ක්‍රීඩකයන් සොයා ගැනීම පහසු කර ඇත. 

“ජපානය යම් දෙයක් කරන විට ඔවුන් ඒක 120%ක් කරනවා. ජපානය තුල ක්‍රීඩාව දියුණු වන එක ගොඩක් ලොකු මට්ටමකට ඇවිල්ලා තියනවා. අයර්ලන්තය හා ඇෆ්ගනිස්තානය ක්‍රිකට් ක්‍රීඩාවෙන් දියුණු වීම හා ඔවුන් ලබා ගත්ත දක්ෂතා ලොව පුරා කතාබහට ලක්වුනා. අපි බලාපොරොත්තු වෙනවා දකුණු අප්‍රිකාවේදීත් පුදුම කිරීම් කීපයක් කරන්න.” 

ජපානය රග්බි දැවැන්තයන් හමුවේ නැගී සිටි ආකාරය දෙස බලන විට ඔවුන් ක්‍රිකට් දැවැන්තයන්ට ද අභියෝගයක් වන කාලය වැඩි ඈතක නොවන බව පැහැදිලිය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<