කොරෝනා අවනඩුවෙන් අගතියට පත් තවත් තරගාවලියක්

65
International Cricket

පාකිස්තානය සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව තිබූ සීමිත පන්දුවාර සහ ටෙස්ට් තරගාවලියන් හි අවසන් අදියරය දින නියමයක් නොමැතිව කල් දැමීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අද (17) දින තීරණය කර තිබෙන අතර ඊට මූලිකවම හේතුපාදක වී ඇත්තේ නව කොරෝනා වෛරසයේ බලපෑම තවදුරටත් දකුණු ආසියානු කලාපයෙන් පහව ගොස් නොමැති වීමයි. 

අයර්ලන්තයේ සිම්බාබ්වේ සංචාරයත් කල් දමයි

එළඹෙන අප්‍රේල් මස 2 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණු අයර්ලන්ත කණ්ඩායමේ සිම්බාබ්වේ

ICC ටෙස්ට් ශූරතාවය යටතේ දෙරට අතර ක්‍රියාත්මක වීමට දින නියම කරගෙන තිබූ දෙවන ටෙස්ට් තරගය සහ එක් තරගයකින් පමණක් සමන්විත එක්දින තරගාවලිය දැනට පවතින වසංගත තත්වය පහව යාමෙන් අනතුරුව, තෝරාගත් ඉදිරි දිනයක දී පැවැත්වීමට දෙපාර්ශවයේම බළධාරීන් එකඟතාව පළකර තිබේ. 

ඉහත තරග ද්විත්වයම පාකිස්තානයේ කරච්චි අන්තර්ජාතික ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් දියත් කිරීමට කටයුතු යොදා තිබුනු අතර මින් පෙර දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 44ක විශිෂ්ට ජයක් අත්පත් කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. 

කෙසේනමුත් ඉතිරිව ඇති ටෙස්ට් තරගයත් සම්පූර්ණ කරමින් සාර්ථක අවසානයක් කරා තරගාවලිය රැගෙන යාමට බංග්ලාදේශ ක්‍රිකට් බළධාරීන් සමඟ එක්ව වැඩපිළිවෙළක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ද පාකිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුනි. ඒ අනුව ඉදිරි තරග කාලසටහන් පිරික්සීමෙන් අනතුරුව කිසිඳු කණ්ඩායමකට අවාසි සහගත නොවන අයුරින් තරග සැලසුම් කිරීමට ඔවුන් අපේක්ෂා කෙරේ. 

බංග්ලාදේශ නිත්‍ය නායකයාගෙන් ඉදිරි සැලසුම් පිළිබඳ හෙළිදරව්වක්

අභිනවයෙන් පත් වූ බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායම් නායක, සුපිරි ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල්

මීට අමතරව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය එරට ප්‍රමුඛතම පළමු පෙළ එක්දින තරගාවලිය ලෙසින් හැඳින්වෙන පාකිස්තාන කුසලානය ද දින නියමයකින් තොරව කල් දැමීමට පියවර ගෙන තිබේ. එම තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුනේ මේ මස 25 වනදා සිටයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම Covid-19 හෙවත් නව කොරෝනා වෛරස් රෝගී තත්වය ගෝලිය මට්ටමේ වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ක්‍රිකට් ඇතුළු ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරගාවලි රැසකටම දැඩි බලපෑමක් එල්ල කර තිබෙන්නේ ක්‍රීඩකයින් ඇතුළු ක්‍රීඩාව හා සම්බන්ධ සියළුම පාර්ශවයන් අසරණ කරමිනි. ඒ අතරින් එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ට්‍රාන්ස්-ටස්මන් එක්දින තරගාවලිය මෙන්ම ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර මේ වන විටත් ක්‍රියාත්මක වන එක්දින තරගාවලිය යන තරගාවලීන් ත්‍රිත්වයම අතර මඟ නතර කරමින් දින නියමයකින් තොරව කල් දැමීමට සිදුවීම වඩාත් කැපී පෙනේ.  

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<