ගිනිගත්හේනේ හා කොට්ටාවේ පොඩ්ඩෝ ශූරතා දිනති

233

සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා ශූරතාවලිය මාර්තු 9 වැනිදා මහනුවර බෝගම්බර දී ආරම්භ වූ අතර දින තුනක උණුසුම් තරගාවලියකට පසු ඊයේ (11) තරගාවලිය සාර්ථකව නිමාවට පත්විය.

තරගාවලිය සඳහා තුන්වැනි හා හතරවැනි ශ්‍රේණියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6000ක් පමණ සහභාගී වූයේ පළාත් මට්ටම් හතක හා කලාප මට්ටම් 74ක් නියෝජනය කරමිනි. තරගාවලිය මෙවර පැවැත්වුණේ අඛණ්ඩව තෙවැනි වසරටයි.

​බාලක අංශයේ පෙරමුණ ගිනිගත්හේනට, බාලිකා අංශයේ පෙරමුණ මහනුවරට

සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා ශූරතාවලියේ …..

තරගාවලියේ මූලික අරමුණ වූයේ කණ්ඩායම් හැඟීම, එකමුතු බව මිත්‍රත්වය හා පෞරුෂ සංවර්ධනය වැඩි දියුණු කිරීමයි. අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2015 වසරේ දී මෙම තරගාවලිය හඳුන්වා දෙන ලදි.

ප්‍රසාද ලකුණු 442ක් රැස්කර ගත් ගිනිගත්හේන මහා විද්‍යාලය බාලක ශූරතාවය දිනා ගන්නා ලදි. දෙවන ස්ථානය ලකුණු 388ක් සමඟින් අක්කරෙයිපත්තු රජයේ මුස්ලිම් පිරිමි විද්‍යාලය විසින් දිනා ගත් අතර තෙවැනි ස්ථානය දිනා ගත්තේ හැටන් අඹගමුව ප්‍රාථමිකයයි. පළමු ස්ථාන දෙක සඳහා තියුණු සටනක් පැවති අතර ඉසව් බොහෝමයක පළමු හා දෙවන ස්ථාන එම පාසල් දෙක දිනා ගැනීම විශේෂත්වයකි.  

බාලිකා අංශයේ පළමු ස්ථානය දිනා ගත්තේ කොට්ටාව ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයයි. ඒ ප්‍රසාද ලකුණු 412ක් සමඟිනි. අඹගමුව ප්‍රාථමික විද්‍යාලය (401) දෙවන ස්ථානය දිනා ගත් අතර උඩවලව ප්‍රාථමිකය (372) තෙවැනි ස්ථානය දිනා ගන්නා ලදි.

ළමා මලල ක්‍රීඩා ශූරතාවලිය බෝගම්බර දී ඇරඹේ!

ශ්‍රී ලංකා ළමා මලල ක්‍රීඩා ශූරතාවලිය අද (9) …..

මිශ්‍ර කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත්තේ ලකුණු 430ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් රැස් කළ ඇඹිලිපිටිය විජේරිය ප්‍රාථමික පාසලයි. වවුනියාව නොච්චිමොඩ්ඩයි විද්‍යාලය දෙවන ස්ථානයත්, වලපනේ ආලෝකවැව ප්‍රාථමික පාසල තෙවැනි ස්ථානයත් දිනා ගන්නා ලදි.

සම්මාන හා සහතික පත් ලබා දීම සඳහා නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා සහභාගී විය. ඊට අමතරව ක්‍රීඩා අමාත්‍යංශයේ  විශේෂ උපදේශක සුනිල් ජයවීර, ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ මංජුල කාරියවසම්, නෙස්ලේ ලංකා ආයතනයේ උප සභාපති බන්දුල එගොඩගේ යන මහත්වරු ද මෙම අවස්ථාව වර්ණවත් කිරීම සඳහා සහභාගී වී සිටියහ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<