ළමා මලල ක්‍රීඩා ශූරතාවලිය බෝගම්බර දී ඇරඹේ!

374

ශ්‍රී ලංකා ළමා මලල ක්‍රීඩා ශූරතාවලිය අද (9) මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටියේ දී ආරම්භ විය. 3 ශ්‍රේණියේ හා 4 ශ්‍රේණියේ සිසු සිසුවියන් 6000ක් පමණ මෙම තරගාවලියට සහභාගී වීමට නියමිතයි. මෙම තරගාවලිය පසුගිය වසරේ ආකෘතියෙන් මිදී දින දෙකක් වෙනුවට දින තුනක් ක්‍රියාත්මක වන්නේ තරගකරුවන් ද 3500 සිට 6000 දක්වා වැඩි කර ගනිමිනි.

ළමා මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් මහා තරග මහනුවර දී

අධ්‍යාපන අමාත්‍යාංශය සහ නෙස්ලේ ලංකා පෞද්ගලික සමාගම එක්ව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා…

පළාත් මට්ටම් හතකින් හා කලාප 74කින් මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර මෙම තරගාවලියේ මූලික අරමුණ දරුවන්ගේ කණ්ඩායම් හැඟීම, එකමුතුකම මිතුදම් හා පෞර්ෂ සංවර්ධනයයි. අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2015 වසරේ දී මෙම තරගාවලිය ආරම්භ කළ අතර තරගාවලිය සඳහා 3 ශ්‍රේණියේ, 4 ශ්‍රේණියේ හා 5 ශ්‍රේණියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වේ.

තරගාවලිය සඳහා ඉසව් හතරක් අන්තර්ගතය. දුර පැනීම, බාධක දිවීම, Skipping හා පැසිපන්දු සමඟ දිවීම යන ඉසව් ඒ අතර වේ. එක් කලාපයකින් පාසල් 12 බැගින් බාලක, බාලිකා හා මිශ්‍ර යන කාණ්ඩ යටතේ ක්‍රීඩා කරයි. සියලු ධාවන ඉසව් වල කාල ගණනයන් සිදු කළ අතර හොඳම කණ්ඩායම් හෙට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

අවුරුදු 16ක ගැටයා ලෝක වාර්තාවක් සමඟින් ශූරතාවයට

ජාත්‍යන්තර වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කෙරෙන ලෝක ශූරතා වෙඩි තැබීමේ…

මේ වන විට බාලක කාණ්ඩයේ පළමු ස්ථානයේ කොට්ටාව ධර්මපාල විද්‍යාලය රැඳී සිටින අතර දෙවන ස්ථානය මහනුවර ධර්මරාජ විද්‍යාලයට හිමිව තිබේ. මේ කණ්ඩායම් දෙකම පසුගිය වසරේදීත් පළමු ස්ථාන දෙක සඳහා තරග කිරීම විශේෂත්වයකි.

බාලිකා අංශයේ හා මිශ්‍ර අංශයේ ලකුණු කණ්ඩායම් රැසකට සමසේ බෙදී තිබීම නිසා හෙට දිනයේ ඉසව් තවත් උණුසුම් වනු ඇත. තරගාවලියේ දෙවන දිනයේ තොරතුරුත් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<