අශිෂ්ට ප්‍රේක්ෂකයින් විනිෂියස්ගේ ජාතිය අමතයි

137
beinsports.com

රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක විනිෂියස් ජූනියර් හට නැවතත් ජාතිවාදී ප්‍රේක්ෂකයන්ගේ උසුළු විසුළු එල්ල වුනා.

රියාල් මැඩ්රිඩ් කණ්ඩායම පරාජය කරමින් පසුගිය ඉරිදා දිනයේ දී මලොර්කා කණ්ඩායම ගෝල 1-0ක ජයක් ලැබූ අතර තරගයෙන් පසු විකාශය වූ DAZN සමාජ මාධ්‍ය විඩියෝවෙන් අසන්නට ලැබුණේ අප්‍රියජනක හඬක්. මලොර්කා ප්‍රේක්ෂකයන් 22 හැවිරිදි බ්‍රසීල ජාතික විනිෂියස්ව “වඳුරෙකු ලෙස” හඳුන්වනු අසන්නට ලැබුණා.

සිද්ධියෙන් පසුව මලොර්කා කළමනාකරු Javier Aguirre (හවියර් ඇගුවේර්) අදහස් දැක්වීම ප්‍රමාද කළත්, පසුව ඔහු පවසා තිබුණේ ඔහුගේ ක්‍රීඩකයන් විනිෂියස්ව ඉලක්ක නොකළ බවයි. ඔහුව 10 වතාවක් ප්‍රතිවාදීන් විසින් බිම හෙලා තිබුණා. එය මෙවර ලා ලීගා පිටියේ එක් ක්‍රීඩකයෙකු හට කළ අභියෝග වාර්තා වූ වැඩිම ප්‍රමාණයයි.

2021 බාසිලෝනා කණ්ඩායමේ ප්‍රේක්ෂකයන්ගෙනුත්, 2022 ඇට්ලටිකෝ මැඩ්රිඩ් ප්‍රේක්ෂකයන්ගෙනුත්, 2022 දී ම රියාල් වැලඩොලිඩ් ප්‍රේක්ෂකයන්ගෙනුත් විනිෂියස් මෙලෙස අපහාසයන්ට ලක්වුනා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<