ප්‍රබල බංග්ලාදේශ ක්‍රීඩකයෙක් ඉන්දීය සංචාරයෙන් ඉවත් වෙයි

101

බංග්ලාදේශ ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් පෞද්ගලික හේතුවක් හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දියානු සංචාරයෙන් ඉවත් වී ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය සෙනසුරාදා නිවේදනය කරනු ලැබීය. තමා ඒ සඳහා සහභාගී නොවන බව තමීම් ඉක්බාල් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුම් දෙනු ලැබීය. 

කවීෂාගේ පන්දුකරණයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්

2019 ACC ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලියේ…..

2019 නොවැම්බරයේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එම තරගාවලියට විස්සයි විස්ස තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් ඇතුළත් වේ. ඔහු මෙම සංචාරයෙන් ඉවත් වීමට හේතුව ලෙස දක්වා ඇත්තේ තම දෙවන දරුවාගේ උපත එම කාල සීමාවේ දී අපේක්ෂිතව සිටීමයි. එම නිසා තමිම් වෙනුවට ආදේශකයක් ළඟදීම ප්‍රකාශයට පත් කරන බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර ඇත.

එම ඉන්දීය සංචාරය සඳහා සූදානම් කිරීමට ඉම්රුල් කයිස්ව පුහුණු කඳවුර වෙත කැඳවීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළ අතර ඔහුව තවමත් ආදේශක ක්‍රීඩකයා වශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

රමේෂ් මධුශංක කඩුලු ත්‍රිත්වයක් ලබා ගනී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන ………

තම බිරිඳගේ නවතම සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව දැන ගැනීමෙන් අනතුරුව ඉන්දියානු තරගාවලියෙන් ඉවත් වීමට තමිම් තීරණය කරනු ලැබීය.

ඔහුට මෙම ඉන්දියානු සංචාරයේ තරග කිහිපයක් පමණක් මග හැරෙනු ඇතැයි මීට පෙර අනුමාන කළ නමුත් අවසානයේ දී සිය බිරිඳ සමඟ බැංකොක්හි රැඳී සිටීමට ඔහු තීරණය කළේය.

“පුහුණුකරුට ඉම්රුල්ව නිරීක්ෂණය කිරීමට අවශ්‍ය බැවින් අපි ඔහුව පුහුණු කඳවුරට රැගෙන ආවා. නමුත් ඔහුව තමිම් වෙනුවට ආදේශ කරනු ලබයි ද, නැද්ද යන්න පිළිබඳව අප තවම තීරණය කර නැහැ.” ලෙස ප්‍රධාන තේරීම් කමිටු මින්හාජුල් අබෙඩින් මාධ්‍යවේදීන්ගෙන් හමුවේ පැවසීය.

පළපුරුදු වමත් ආරම්භක පිතිකරු තමිම් පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී තම සුපුරුදු දක්ෂතා අතර නොසිටීම හේතුවෙන් ඔහු ඇෆ්ගනිස්ථානය සමඟ පැවති එක්දින ටෙස්ට් තරගයෙන් හා විස්සයි 20 තරගාවලියෙන් ද ඉවත් විය. කෙසේ වෙතත් ඔහු ජාතික ක්‍රිකට් ලීගයේ ආරම්භක වටයට සහභාගී වීමෙන් පසුව ඒ මඟින් යම් පුහුණුවක් ද ලබා ගත්තේය.

වෝනර්ගේ උපන්දින ශතකය ඉදිරියේ ශ්‍රී ලංකාව දණ නමයි!

මුල්පෙළ පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක පිතිකරණයත්, පන්දු ………..

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දී ද තමිම් දස්කම් අතර නොසිටි අතර එහි දී ඔහු රැස් කළේ ලකුණු 21ක් පමණි. 2019 ලෝක කුසලානයේ පටන්ම ඔහු දුර්වල ක්‍රීඩා විලාශයක නිරත වූ අතර එහි දී ඔහු එක් අර්ධ ශතකයක් පමණක් සමඟින් ඉනිම් 8ක දී ලකුණු 235 ක් රැස් කළේ 29.37ක පිතිකරණ සාමාන්‍යයක් සහිතවයි.

නොවැම්බර් 3 සිට 26 දක්වා පැවැත්වීමට නියමිත මෙම ඉන්දීය සංචාරයේ දී බංග්ලාදේශය විස්සයි විස්ස තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<