නිලූකගේ සිහිනය 2020 ඔලිම්පික් තරගාවලියයි

324
Niluka at Rio Olympic

2016 පසු ශ්‍රී ලංකාවේ දක්‍ෂතම බැඩ්මින්ටන් ක්‍රීඩිකයා වන නිලූක කරුණාරත්න, සැප්තැම්බර් 14 වන දින සිට 17 වන දින දක්වා පැවැත්වෙන, “2016 ජාත්‍යන්තර යෝනේක්ස් බෙල්ගෙන් තරගාවලිය“ සදහා තරග වැදීමට සුදානමින් පසුවේ. මේ පිළිබද වැඩි විස්තර දැනගැනීම සදහා ThePapare.com විසින් අප ශුරයා සොයා ගියේය. මෙහිදී ඔහු පවසා සිටියේ 2016 ඔලිම්පික් තරගාවලියෙන් පසු සතියක කාලයක් විවේකීව සිට පුහුණුවීම් ආරම්භ කල බවයි.

පසුගිය ලිපි: දැල් පන්දු පුහුණුකාරිනියට ක්‍රීඩා ඇමතිගෙන් අනතුරු ඇගවීමක්

‘’මගේ පුහුණුවීම් කාල වේලාවේ පොඩි වෙනසක් සිදු වුණා. රියෝ තරගාවලිය සදහා තේරීපත් වීමට මට හැකි උපරිමයෙන් මස හයක් පුරාවට පුහුණුවීම් සිදුකලා. එතකොටත් විශාල පීඩනයක් තිබුණා ඒ වගේම තමයි දැනුත්, ඔලිම්පික් අවසාන වෙනවාත් සමගම සති එකහමාරකින් නැවත මම පුහුණුවීම ආරම්භ කලා මොකද මට අවුරුද්ද අවසාන වෙන්න කලින් තරගාවලි දෙකකට සහභාගි වෙන්න  තියෙනවා. එකක් තමයි බෙල්ජියමේ පැවැත්වෙන යොනෙක්ස් තරගාවලිය අනෙක චෙක් ජනරජයේ ප්රෙගු තරගාවලිය.’’ යැයි ඔහු සඳහන් කළේය.

12 වන වතාවට පැවැත්වීමට නියමිත යොනෙක්ස් තරගාවලිය සදහා මීට පෙර වසර වලිදී ඔලිම්පික් සදහා සහභාගි වූ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවන්ද දැක ගත හැකිය. මෙම තරගාවලිය බෙල්ජියානු කලාපයේ පැවැත්වෙන විශිෂ්ටතම බැඩ්මින්ටන් තරගාවලියක් ලෙස කතා බහට ලක්වේ.

2012 ඔලිම්පික් තරගාවලදී 8 වන ස්ථානයේ පසුවූ ජපානයේ කෙනිචි ටාගෝ හට පරාජයට පත් වූ ඔහු, පසුබෑම් රාශියකට පසුව රියෝ තරගාවලියෙන් පසු නැවතත් බෙල්ජියානු තරගාවලිය සදහා තරග වැදීමට සුදානමකින් පසුවේ.

නිලූක ඔහුගේ අනාගත බලාපොරොත්තු වශයෙන් කියා සිටියේ 2016 වර්ෂය අවසානයේදී හොදම ක්‍රීඩකයන් 50 අතරට පැමිණීම බවයි.  තවද ඔහු පවසා සිටියේ ඔහුගේ සිහිනය වුයේ 2020 ඔලිම්පික් තරගාවලියේ සලකුණක් සටහන් කිරීම බවයි. තමාගේ සහෝදරයා වන දිනුක කරුණාරත්න පිළිබද ආඩම්බර වන බව ඔහු පැවසු අතර ඉදිරි ඔලිම්පික් තරගාවලිය සදහා ඔහු ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබීමට, ඔහුගේ කැපවීම සහ දක්ෂතාව ඉවහල් වූ බව වැඩි වශයෙන් ඔහු පැවසිය. ‘’වසර දෙකක කාලයක පටන් අපි යුගල තරග ක්‍රීඩා කරා නමුත් රියෝ තරගාවලියට පෙර විවේක ගැනීම සදහා එය නතර කිරීමට සිදු වුණා. ඔහුද ඉදිරි තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.’

වයස අවුරුදු 31ක් වන නිලුකගේ බැඩ්මින්ටන් ජයග්‍රහණ අතරට ජාතික මට්ටමේ තරග අංශ 3ම එනම් ඒකල, යුගල සහ, මිශ්‍ර යුගල අංශයන් ජයගැනීමට හැකිවූ එකම ක්‍රීඩකය මොහුය.

බැඩ්මින්ටන් දිවියේ ඉහලටම යෑම ඉලක්කය කරගත් මොහුගේ බලාපොරොත්තුව වන්නේ තව තවත් ජ්‍යාත්‍යන්තර තරග වලට සහභාගි වී ශ්‍රේණිගත කිරීම් හි ඉහලටම යෑම වන අතර මේ පිළිබඳව බොහෝ සෙයින් ධනාත්මකව පුහුණු වීම් වල යෙදෙන බව ඔහු පවසා සිටියේය.

නිලූක මේ වනවිට ශ්‍රේණිගත කිරීම් හි 83 වන ස්ථානයේ පසුවේ.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට