ගෙවුනු දවස ජුලි 04 – දවසේ ක්‍රීඩාව ක්‍රිකට්

281

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට බොහොම ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

රාගම පැරදු යුධ හමුදාව

23න් පහල අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය අාරම්භ කරමින් යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රිඩා පිටියේදි පැවැත්වු පළමු කාණ්ඩයේ අාරම්භක තරගය, යුධ හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 156කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය : 299/7 (50) – හිමාෂ ලියනගේ 127*, නලීන් පෙරේරා 37, ශෂීන් දිල්රංග 30, ලීයෝ ෆැන්සිස්කෝ 26, යොහාන් ද සිල්වා 22, උදිත මධුෂාන් 3/51.

රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය : 143/11 (35.5) – ශමින්ද ෆර්නැන්ඩෝ 27, සිමුඑල් කෙබර් 31, සංජීව කුමාරස්වාමි 3/31, සංජික රිද්ම 2/17, නලීන් පෙරේරා 2/26

සම්පූර්ණ ලිපිය: හිමාෂගේ ශතකය රාගම ක්‍රීඩකයෝ අසරණ කරයි

20-20 කාන්තා තරගයේ ප්‍රථම දිනය

ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසින් සංවිධානය කරන ලද 20-20 කාන්තා තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග කෝල්ට්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩා පිටියේදි සහ වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදි අද (04) පැවැත් විය.

නාවික හමුදා ක්‍රීඩා සමාජ A කණ්ඩායමට එරෙහිව මාතර ක්‍රීඩා සමාජය

  • මාතර ක්‍රීඩා සමාජය: 72/8 (20) – පියුමි වත්සලා 23, මධුරි සමුද්දිකා 3/19, ඉනෝකා රනවීර 2/12, චන්දි වික්‍රමසිංහ 2/12
  • නාවික හමුදා A කණ්ඩායම: 74/1 (7.3) ප්‍රසාදිනි වීරක්කොඩි 37, හසිනි පෙරේරා 25, අප්සරා දසුනි 1/31

යුධ හමුදා ක්‍රීඩා සමාජය A  එදිරිව ගුවන් හමුදා ක්‍රීඩා සමාජය B

  • යුධ හමුදා ක්‍රීඩා සමාජය A – 127/4 (20) ඉමල්කා මෙන්ඩිස් 35, නිලූකා කරුණාරත්න 32, නිපුනි හංසිකා 23, චතුරාණි ගුණවර්ධන 2/19
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය B – 88/9 (20) චතුරාණි ගුණවර්ධන 20, ශෙරීනා රවිකුමාරි 3/11, නිලූකා කරුණාරත්න 2/5

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය A එදිරිව කොල්ට්ස් ක්‍රීඩා සමාජය

  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය A : 118/7 (20) යසෝදා මෙන්ඩිස් 44, සදුනි අබේවික්‍රම 29, ඒ.ඩි. ජනකාන්තිමාලා 3/16,
  • කොල්ට්ස් ක්‍රීඩා සමාජය : 70/8 (20) අමාෂා අංජලි 19, චමාසි අතපත්තු 2/5, චාමරි පොල්ගම්පොල 2/11, ඔ්ෂදි රණසිංහ 2/19

නාවික හමුදා ක්‍රීඩා සමාජය B එරෙහිව යුධ හමුදා ක්‍රීඩා සමාජය B

  • නාවික හමුදා ක්‍රීඩා B : 72 (16.2) ශානිකා ලිඳගෙදර 27, ලනේෂා චාමරි 3/16, අයේෂා ප්‍රබෝදිනි 2/15
  • යුධ හමුදා B : 73/3 (18.3) නිමාලි පෙරේරා 38, සචිනි ජයවර්ධන 1/1

තරගයට ජීවයක් ගෙනා බෝයගොඩ

ශ්‍රී ලංකා 19 න් පහල කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකා 19 න් පහල කණ්ඩායම අතර ගාමිණී දිසානායක අනුස්මරණ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන යොවුන් ටෙස්ට් තරගාවලියේ තුන්වැනි තරගය ඊයේ (03) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. තරගයේ ප්‍රථම දිනය වන නිමාවන විට දකුණු අප්‍රිකාව කඩුළු 8ක් දැවි ලකුණු 298 ලබා ගැනීමට සමත් විය. මෙහිදී දකුණු අප්‍රිකානු යොවුන් පිලේ මුල් ඉනිමේ වාසිය ලකුණු 33 කි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම: 295/8 (84.1) ජෙසී ක්‍රිස්ටෙන්සන් – 67, වියාන් මුල්ඩර් – 66, රිකාඩෝ වැස්කොන්සෙලස් – 56, රේනාඩ් වැන් ටොන්ඩර් – 48, ජෙහාන් ඩැනියල් – 3/53, ප්‍රවීන් ජයවික්‍රම – 3/95

ශ්‍රී ලංකා කණ්ඩායම: 262/11 (94) අවිශ්ක ෆර්නැන්ඩො 55, හසිත බෝයගොඩ 79*, අශේන් බණ්ඩාර 43, විශාඩ් රන්දික 24, විඅාන් මුල්ඩර් 4/28, විලියම් සෙන්ඩින් 3/59, ජේඩ් ඩි ක්ලේර්ක් 2/69

දවසේ නිමාව